වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

වර්තමානයේ නිර්මාණය වන චිත්‍රපට හා ටෙලි නාට්‍ය පිළිබඳ ඔබගේ අදහස් විශේෂයෙන් ලියා එවන්න.

ඈතට ගිය ප්‍රගීත් ළඟට ඇවිත්

ප්‍රගීත් රත්නායක අපගේ මතකයෙන් ඈතට යද්දී ඔහු තිර රචකයෙක්, නළුවෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වශයෙන් ආදරෙයි මං චිත්‍රපටයෙන් දැක බලා ගැනීම හැකිවීම මහත් සතුටකි. ඔබට ජය.

ඉඹුල්ගොඩ අබේසිංහ
ශ්‍රියානි ජයසිංහ
අලව්ව


එදා දියුණුව අද කෝ?

දහසක් දුෂ්කරතා මැද එදා චිත්‍රපට හැදුවා. චිත්‍රපට කර්මාන්තය එදා දියුණුවෙන් දියුණුට පත් වුණා. අද ඕනෑ තරම් පහසුකම් තියෙද්දිත් චිත්‍රපට කර්මාන්තය කඩා වැටිලා.

ආරියදාස පිංදෙණිය
බටවල
පාදුක්ක


ගිහාන් 'කලුවා' නියමයි

සතියේ දින පහේ රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනි සේවයේ විකාශය කරන රැජිනියෝ ටෙලි නාට්‍යයේ ගිහාන් ප්‍රනාන්දු නළුවාගේ චරිතය නියමයි. වෙනත් නාට්‍යවල මෙතෙක් රඟපෑ චරිතවලින් වෙනස්ව හාස්‍ය රසයට බර රඟපෑම කදිමයි. දඩබ්බර චරිතවලින් බැහැරව හාස්‍ය රසයට බර චරිතයක් ලබාදීම පිළිබඳ අධ්‍යක්ෂතුමාට සහ එහි රඟපාන ගිහාන් ප්‍රනාන්දු නළුවාට තුති පුද කරමි.

දිනේෂ් ගුණසේකර
නූපේ, මාතර


විජය නන්දසිරි කළ රැඟුම් අදත් මතකයි

වේදිකාව, ටෙලි නාට්‍යය, චිත්‍රපටය සඳහා එකසේ තම සහජ හැකියාව පෙන්නුම් කළ ප්‍රවීණ නළු විජය නන්දසිරි අමතක කරන්නට බැරිය. හාස්‍ය, විනෝදය ගෙන දෙමින් ඔහු කළ රැඟුම් අප නෙතින් ගිලිහී ගොස් නැත. ඔබ මතුවටත් අප අතරම ඉපදේවා.

ගෝනපොල
සුනිල් බී වේහැල්ල


ලක්පති අපිටත් චිත්‍රපට ඕනෑ

ලක්පති විජේසේකර නම් තරුණ සිනමාවේදියා විදේශ රටක හිඳිමින් එහි වෙසෙන බටහිර නළු නිළියන් ප්‍රධානව සෙසු ශිල්පීන් යොදවමින් ශිල්ප හරඹයෙහි යෙදෙමින් 'එක් රැයක්' ර්‍ණදඥ ඉබචප අඪඤඥප චිත්‍රපටය නිර්මාණය කිරීම පැසසිය යුතුය. එම ගනයේ කථා තේමාවන් රැගත් සිනමාපටයක් මෙරටෙහි නිර්මාණය කිරීමට ඔහුට ආරාධනා කරමි.

රන්මුතුගල
සරත් ලියනගේ


සන්ධ්‍යාවේ හමු වූ සන්ධ්‍යා කුමාරි

සිංහල සිනමාවට සිංහලකම රැගෙන ආව සිරිසේන විමලවීර මහතාට තමාගේ අලුත්ම නිර්මාණය වන රොඩී කෙල්ලට අලුත් නිළියක් අවශ්‍ය විය. එම ප්‍රධාන චරිතයට කොටහේනේ ප්‍රදේශයෙන් ඉවෝන් පෙරේරා ලෙසින් තරුණියක් සොයා ගැනිණ. ඔහුට ඇය හමු වුණේ සන්ධ්‍යාවේ නිසා ඉවෝන් පෙරේරා වෙනුවට සන්ධ්‍යා කුමාරි ලෙස ඇයගේ නම වෙනස් කරන ලදී. එවක පටන් ඇය දශක තුනකට අධික කාලයක් හෙළ සිනමාවේ ජනප්‍රිය දක්ෂ නිළියක් ලෙස කල් ගෙවා නොසිතූ විලස ජීවිත සිනමාවෙන් ද සමු ගත්තේය. රොඩී කෙල්ලගෙන් පටන් ගත් ඇයගේ සිනමා ගමන අදට වැඩිය හෙට හොඳයි, අල්ලපු ගෙදර, ධීවරයෝ, පටාචාරා, සූර චෞරයා, ඔක්කොම හරි, සැනසුම කොතැනද ඇතුළු චිත්‍රපට රාශියකින් එළි පෙහෙළි විය. අද කෙතරම් නිළියන් සිටියත් ඇයගේ රූප ශෝභාවට දඟකාර වූ හැඩකාර වූ රංගනයට සමත් නැත. එදා රසිකයින් කුල්මත් කළ ඒ දෑස තවමත් අපට මැවී පෙනෙන්නේය.

ලක්ෂ්මන් රණසිංහ
හේකිත්ත, වත්තල


ආර්. ආර්. සිහි කළ රම්‍යාට

ප්‍රවීණ නාට්‍යවේදී ආර්. ආර්. සමරකෝන් මහතාව රසික අප වෙත සිහි ගන්වමින් එතුමා නිර්මාණය කළ කැලණි පාලම, අහසින් වැටුණු මිනිස්සු වැනි වේදිකා නාට්‍යයන් නැවත වේදිකාවට ගෙන ආ ප්‍රවීණ රංගන ශිල්පිනී රම්‍යා වනිගසේකර මහත්මියට මෙසේ ප්‍රණාමය පුද කරමි.

කැලණියේ
දයාරත්න ගනේගොඩ


ධර්ම යුද්ධයට

ධර්ම යුද්ධය චිත්‍රපටය ලාංකේය සිනමා ඉතිහාසයට නව පිටුවක් පෙරළමින් එක් වූ චිත්‍රපටයකි. ජැක්සන් ඇන්තනි, දිල්හානි ඒකනායකගේ රංගනයන් ඉතාම සංවේදි වේ. මේ දිනවල වැඩිම ආදායම් වාර්තා ලද සිනමා නිර්මාණය වෙමින් වැඩිම පිරිසක් නැරඹූ සිනමා පටය වීමටත් ධර්ම යුද්ධයට හැකි වේවායි පතමි.

පාලක සමන් පෙරේරා
අල්විස් ටවුම
හැඳල


නොමැකෙන ගී හඬ සී. ටී.

අර්ථවත් කලෝචිත ගායනයෙන් සවන පින වූ ගායකයෙකි සී. ටී. ප්‍රනාන්දු. ළමා වැඩිහිටි භේදයෙන් තොරව රසවිඳිය හැකි ගීත සමූහයක් ඔහු ගී කොට තිළිණ කොට ඇත. අම්බිලි මාමා කියමින් ළමා සිත රස ගුලාවකට රැගෙන යන සී. ටී. පුංචි මාමාගෙ කුඹුරෙදි ගී ගායනයෙන් තාරුණ්‍යයේ සිත්වලට ආදරයේ මිහිරියාව කියාපායි. එදා මෙන් අදත් එක සේ රස විඳිය හැකි ආදර්ශවත් ගී ගැයූ සී. ටී. සදා සිහිපත් කළ යුතුය.

දිනේෂ් ගුණසේකර
නූපේ
මාතර


පිහිටට එන අනූෂා ගෝකුලට


එදා කලා ලොව ජය කෙහෙලි නංවා අද අසරණව සිටින වයෝවෘද කලාකරුවන්ට ආගම් ජාති බේදයකින් තොරව හැකි සෑම විටම රජයේ අනුග්‍රහය ඇතිවත් ඇතැම් අවස්ථාවල පුද්ගලිකවත් සොයා බලා ඔවුනට පිහිට වන සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මහත්මියටයි මේ සුහද මල් මිට. ඔබේ ඒ උදාර මෙහෙවරට ජයවේවා මැතිනියනි!

සුසිලා පතිරාජ
පුබුදුගම
උස්වැටකෙයියාව


ජනප්‍රිය ගී ගැයූ පුණ්‍යා

පුණ්‍යා කත්‍රිආරච්චි ඔබ ගැයූ 'දෑස වසාගමි', 'මට නොකියා ඔබ', 'දෙනුවර මින් පසු', 'නිම්මා නැති දුක් විඳ', 'බකිණි ගහේ', 'සිරිලක් අම්මේ', 'අවදි වන්න පුත' වැනි ජනප්‍රිය ගී එක් කොට සංයුක්ත තැටියක් එළිදක්වන තෙක් අපඅසාවෙන් බලා සිටිමු.

ජයන්ත අමරතුංග
චන්දන පොකුණ
පොළොන්නරුව


කලාව අමරණීයයි

අද කලාව දෙකට ඇවිල්ලා. මුදල් එකට ඇවිල්ලා. එදා සමහර කලාකරුවන් කලාව වෙනුවෙන් යාචකයො බවට ද පත් වුණා. නමුත් එතුමන්ලාගේ නාමය සදාතනිකයි. මුදල් දිරා යනවා. කලාව අමරණීයයි.

ආරියදාස පිංදෙණිය
බටවල
පාදුක්ක


චිත්‍රපට ටෙලි නාට්‍ය වීම සුදුසු නැත

සිංහල සිනමාවේ දැවැන්තයන් තුළ බිහි වූ සිනමා නිර්මාණ අද ටෙලි නිර්මාණ බවට පත් වී යයි. එය සිංහල සිනමාවට කරන අවමානයකි. මෙවැනි සිදු වන දේ ගැන අපට විශාල කනගාටුවකි.

හැඳල අල්විස් ටවුම පාරේ
පාලක සමන් පෙරේරා


සලරූ සිතුවම් කළ තරු පෙළ

බී. ඒ. ඩබ්ලිව්. හදිසි විවාහයයි ගෙන එන්නේ
ශාන්ති කුමාර් අශෝකමාලා තනමින් රඟන්නේ
එම්. ජී. විල්මන් වැදිබිම තනා රැඟුම් පාන්නේ
දරුවා කාගෙද? හර්බි සෙනෙවිරත්න අහන්නේ

ආරියදාස පීරිස් සෝබන සිත හැඩ කරන්නේ
ස්විප් ටිකට් ෆ්ලොරිඩා සෑදූ රස ගඟුලක් මවන්නේ
හතර මහා නිධානය ඇල්. එම්. ගෙනි පිදෙන්නේ
ගාමිණීට පරසතු මල් සුවඳ හොඳට දැනෙන්නේ

හැංගි හොරා රෝහිණී ජයකොඩි සමගින් එන විට
රූබි ද මෙල් පිපෙන කුමුදු පුබුදයි සනසා රට
ඇන්තනි සී. පෙරේරා ගෙන ආ තක්කිට තරිකිට
ඩොමීගෙ දරු දුක දුටු සැම දුක් වූවා හරියට

ඩඩ්ලි වානගුරු සැඟවුණු මැණික සමඟ පැමිණුනා
ශාන්ති අබේසේකර වහල් දූපත නිම කරමිනා
හර්බට් එම්. සෙනෙහස පා මැව්වේ මුව මල්සිනා
බිනරමලි මුදලිනායකගෙ දනමන පිනවනා

පතිරාජ එල්. එස්. හත්දින්නත් තරු දකින්නේ
මාතර ආච්චි සතිස්චන්ද්‍ර එදිරිසිංහ ගෙනෙන්නේ
බී. එස්ගේ රොඩී ගමට කවුරුත් සිත් බඳින්නේ
ටොම් පචයා රෝයි ද සිල්වා හිඳ හැඩ කරන්නේ

දෙවියනි ඔබ කොහිද අරුණ ශාන්ති තැනූ සිතුවම
දිවි තිබෙන තුරා එන්. ජී. ජයතිස්සගෙ මනරම
හංස විලක් ධර්මසිරි බණ්ඩාරනායක සිරිනම
පතල කළා සිනමාවේ තැනක් තබා ප්‍රියතම

සසර චේතනා මාලිනී ෆොන්සේකා හඳුනනවා
සුගත් සමරකෝන් වියරු මිනිසෙක් ගෙන පැමිණුනා
බන්දු සමරසිංහ තැනූ රෝදය සිත් පිනවනා
අමාන්තය නිහාල් ප්‍රනාන්දුට පෙරමඟ කියවනා

යසපාලිත තුෂාරා සහ මැව්වයි රස සාගරේ
අශෝක පොන්නම්පෙරුමගෙ ප්‍රදීපා සිත් යාකෙරේ
එකමත් එක රටක සනත් ගුණතිලකගෙ ආදරේ
සිනමා ලොව වෙත පෑවේ සෙනෙහස් රස ආකරේ

මිල්ටන් ජයවර්ධන සදහටම ඔබ මගේ කියයි
රොබින් ප්‍රනාන්දු සුර දූතියෝ සමඟ ගී ගයයි
බුද්ධික ජයරත්න අපේ දෙදුනු වැස්සට තෙමෙයි
පාර්ලිමන්ට් ජෝක්ස් සැදූ රන්ජන් හට හරි ජයයි

ක්ලීටස්් මෙන්ඩිස් පරපුර රඟමින හැඩ කරන්නේ
මොරින් චාරුණී හංස විලාපයයි නඟන්නේ
ටෙනිසන් කුරේ තෑන්ක් යූ බර්ටි අදියුරු වී රඟන්නේ
ජයසේකර අපොන්සුගෙනි රෑ රූ රස මැවෙන්නේ

අංජලිකා චන්න පෙරේරාට ගෙනා වාසනා
වසන්ත මොරගොඩ ගෙ මවුස් නවයුගයට පෑහෙනා
කිංස්ලි රාජපක්ෂ දීපශිඛා තනා පෑසිනා
තිස්ස ඩයස් සෙල්ලම් නැතිනම් ලෙල්ලම් ගායනා

ඉඟිල්ලෙන්න ඇයි දඟලන්නේ රස මිහිරෙන් ගෙතූ
අර්ජුන් හඳුනා ගන්නේ නව යුගයක්මය මතූ
ප්‍රගීත් රත්නායක ආදරෙයි මං පා නෙතූ
පිනවූවා යොවුන් පරපුරේ මතුකර රස තතූ

සැකසුම - විරාජ් හර්ෂනාථ බණ්ඩාර
හුළුගල්ල පාර, නිකවැරටිය


මලින් තැනූ චිත්‍රපට

පරසතු මල්
හිතක පිපුණ මල්
දුහුළු මලක්
රෝස මල් තුනක්
මල් කැකුළු
බාඳුරා මල්
ඉන්දුට මල් මිටක්
කැලෑ මල්
තුත්තිරි මල්
මල් මධු
අරලියා මල්
මල් වරුසා
මලට නොයන බඹරු
මල්දෙණියෙ සිමියොන්
දෑසේ මල් පිපිලා
මල්සර දෝණි
මල් හතයි
පෙම් මල් මාලා
කිනිහිරියා මල්
කලු සුදු මල්
එක මලක පෙති
තාරකා මල්
හදවත මල් යායයි
රෝස මල් සයනය
දකින දකින මල්

ජාඇල, කලඑළිය
සරත් සේනාධීර