වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




නිරංජනීගේ ප්‍රාර්ථනා

නිරංජනීගේ ප්‍රාර්ථනා

නිරංජනී ශන්මුගරාජා නමැති දමිළ රංගන ශිල්පිණිය අද වන විට තම දක්ෂතා පෙන්වමින් ඉදිරියටම ගොස් සිටිනවා. ඒ වගේම ඇය සම්මානනීයත් වුණා. මේ කියන්න හදන්නේ ඒ නිරංජනී ගැන කතා දෙකක්. එක කතාවක් මෙහෙමයි. නිරංජනී බෞද්ධ දර්ශනයට හුඟක් ගරු කරන කෙනෙක්. ඇයට කෙනෙකුගෙන් දුරකතන ඇමතුමක් ආවම ඒක තියන්නේ අනෙක් අන්තයේ කෙනාට බුදු සරණයි කියලා. සාමාන්‍යයෙන් නිරංජනී එහෙම කියයි කියලා කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඇය දමිළ නිසා. අනෙක් කතාව නිරංජනී වැලන්ටයින් දවස ගෙවා දැමූ හැටි ගැනයි. ඇය එදින ලේ දන්දීමකට සහභාගී වුණා. නිරංජනී ඒ පිළිබඳ මූණු පොතේ පින්තුරයක් දමා තිබුණේ සහජීවනයේ පණිවුඩයක් ද සමඟිනුයි. බොහෝ දෙනෙක් එය අගය කරලත් තිබුණා.