වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




රජවෙන්නට පෙරුම් පුරන කෝමාලි කිංග්ස්

රජවෙන්නට පෙරුම් පුරන කෝමාලි කිංග්ස්

‘කෝමාලි කිංග්ස්’ කිංග් රත්නම්ගේ අධ්‍යක්ෂණයකි. ගනේෂ් දේවනායගම්, ආර්. සෙල්වස්කන්දන්, දර්ශන රාජසිංහම් සහ නිරංග වීරසිංහ ගේ සම නිෂ්පාදනයකි. ධර්ශන් ධර්මරාජ්, රාජා ගනේෂන්, නෙරංජනී ශන්මුගරාජා, ගජන් ගනේෂන්, සත්‍යප්‍රියා රත්නස්වාමි, ප්‍රියන්ත සිරිකුමාර, දයා වයමන් රංගනයෙන් දායක වේ.

මහින්ද අබේසිංහ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, නිමල් ප්‍රැන්සිස් සහය අධ්‍යක්ෂණයෙන් ද, අංග රචනය වසන්ත පූර්ණවංශ, නිෂ්පාදන කළමනාකරණයෙන් මයුරංග ජාගොඩ, රේඛීය නිෂ්පාදනය ප්‍රියන්ත සිරිකුමාර හා හර්ෂ දිසානායකගෙනි. ඇඳුම් නිර්මාණය මෙලනි ගුණසේකර, ශබ්ද පරිපාලනය ශෂික රුවන් මාරසිංහ, තාක්ෂණ උපකරණ සැපයීම නෙරංග වීරසිංහයි. මේ පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවති මාධ්‍ය දර්ශනයේ විශේෂ අවස්ථා කිහිපයකි.