වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




ඔක්කොම වැරදුණා

ඔක්කොම වැරදුණා

මේ ළඟදී අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් පරණ කතාවක් කිව්වා. ඒ අපේ මාධ්‍ය ලොක්කා ගීතයක් පටිගත කළාලු. ඒක තමන්ම අහද්දී තේරුණාලු මේ වගේ කට හඬකින් කොහොමද කියන සිංදු අහන් ඉන්නේ කියලා.

ඒ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා පුවත්පතට එන්න පෙර ඉස්සර නොගිය තැනක් නැහැ. ටයි මහත්තයා හඳයා සිනමාපටයට ළමා නළු නිළියන් තෝරා ගන්න තියපු සම්මුඛ පරීක්ෂණයටත් ගිහින් තියෙනවා. ඒ එහි දුෂ්ටයා සූප්පුවාගේ චරිතය වෙනුවෙන්. ඔහුව ඊට තෝරගෙන නැහැ. උස මදියි කියලා. පසුකාලීනව අපේ ජ්‍යෙෂ්ඨයා ගිහින් තියෙනවා ආචාර්ය වික්ටර් රත්නායකගෙන් සංගීතය ඉගෙන ගන්න. ඔහු ගයන ගීතයක් දෙකක් අහලා සැරෙන් වික්ටර් කිව්වලු ඔය ළමයට ශ්‍රැතියට ගීත ගයන්න බැහැ. මේ පන්තියට එන්න එපා කියලා. ඉතින් අවුුරුදු ගාණකට පස්සේ අපේ මාධ්‍ය ජ්‍යෙෂ්ඨයා පැවසුවේ තමන්ගේම ගීතය ඇහුවාට පස්සේ වික්ටර් රත්නායකයන් එදා තමන්ට කළේ විශාල උපකාරයක් බවයි. ලොක්කෙකු හැටියට මහඟු මෙහෙවරක් කළාට බැරි වෙලාවත් ටයි මහත්තයා හඳයට තෝර ගත්තා නම් අද ජනප්‍රිය නළුවෙක්. වික්ටර් මහත්තයා කටහඬ හදලා ගත්තා නම් අද ඉන්න අඳෙීනා විලාප දෙන අයට වඩා සුන්දර ගායකයකු වෙලා ඉන්න තිබුණා. නමුත් දෛවය විසින් ඔහුව ගෙනත් නතර කළේ පුවත්පත් ලෝකයේ.