වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




දූ අනුරාධා ප්‍රසංගයට සැරසේ

දූ අනුරාධා ප්‍රසංගයට සැරසේ

සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි සහ අනුරාධා නන්දසිරි එක්ව ගැයෙන ගීතාවලිය 'දූ අනුරාධා' නමින් මාර්තු මස 11 වන දින පස්වරු 6.30 ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.

මේ ත්‍රී පුද්ගල ගී දැහැනේ සංගීත සංයෝජනය නදීක ගුරුගේ ගෙනි. මේ සම්බන්ධ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා නවලෝක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එදින මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ උපන් දිනය ද යෙදී තිබුණු බැවින් උපන් දිනය සැමරීමද සිදු කෙරිණි. 'දූ අනුරාධා' විද්‍යුත් තැපෑල ජනගත කිරීම සනත් නන්දසිරි මහතා අතින් සිදු වූ අතර 'දූ අනුරාධා' සී. ඩී. තැටිය විශාරද අනුරාධා නන්දසිරි විසින් තම පියාට හා මවට පිරිනැමීම ද සිදු විය. මෙම මාධ්‍ය හමුව සඳහා ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, බුද්ධදාස ගලප්පත්ති, විදුර ඩයස් අබේගුණවර්ධන ඇතුළු කලාකරුවන් රැසක් සහභාගී වූහ. ප්‍රසංගයේ සියලු කර්තව්‍යයන් සිහල ටයිම්ස් ඇන්ඩ් ස්පේස් වෙතින් සිදු කෙරේ. මේ දැක්වෙන්නේ එම මාධ්‍ය හමුවේ සුවිශේෂී අවස්ථා කිහිපයකි.