වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




හීන ඇතුළේ රූප එළියේ

හීන ඇතුළේ රූප එළියේ

අපට සිටින දක්ෂ සම්මානනීය යොවුන් කැමරා අධ්‍යක්ෂවරයකු හැටියට ධනුෂ්ක ගුණතිලකව හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම සිනමා කැමරාකරණයේ විෂයක් වශයෙන් හැදෑරූ කෙනෙක්. ඔහු තමයි තන්හා රති රඟා චිත්‍රපටය එහෙම කැමරාවෙන් රූපයට නඟා දුන්නේ. ධනුෂ්ක නිතරම වැඩ බාර ගන්නේ තෝරා බේරාගෙනයි. ඔහු ඉහළ මට්ටමක ඉන්න කැමරා අධ්‍යක්ෂවරයකු හැටියටත් හඳුන්වා දෙන්න පුළුවන්. ඔන්න දවසක් දා ධනුෂ්කට නව නිර්මාණකරුවෙක් කතා කරලා චිත්‍රපටයකට. අධ්‍යක්ෂවරයා පවසන පරිදි ඒක ටිකක් අමුතු චිත්‍රපටයක්. සම්පූර්ණයෙන්ම රූගත කරන්න තියෙන්නේ කාමරයක් ඇතුළේ. ඔහු බැරෑරුම්ව එහෙම කිව්වා. අලුත් වැඩක් නිසා ධනුෂ්ක කල්පනා කළා. අධ්‍යක්ෂවරයාත් හමු වුණා. තිර නාටකයත් අධ්‍යක්ෂවරයා එදා ගෙනල්ලා තිබුණා. චිත්‍රපටයේ කතාව කාමරයක් ඇතුළේ වුණාට ඒකේ හීනයක් දකින දර්ශනයක් තිබෙනවාලු. ඒ හීනේ ගංගා ඇල දොල සුපර් මාර්කට් එහෙමත් තියෙනවලු. කතාව කාමරේ වුණාට හීනෙට එළියට යන්න වෙනවා. හීනේ වුණත් රූපගත කරන්න එළියට යන්න එපායැ.