වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




කවුද යකෝ දුන්නේ?

කවුද යකෝ දුන්නේ?

සිරිල් ආරියපාල ගැන ඔබ අහලා තියෙනවද. නම අහලා නැති වුණත් මේ රුව නම් ඔබේ මතකයේ ඇති. වේදිකා නාට්‍ය කළමනාකරුවකු, නළුවකු මෙන්ම ගුවන් විදුලි ශිල්පියකු ද ලෙසින් කටයුතු කරන සිරිල් ඡන්දෙ ඉල්ලු වග රහසක්. මේ සැරේ නෙවෙයි ඉස්සර. ඉකුත් ප්‍රාදේශීය සභා මැතිවරණයකදී සිරිල් ඡන්දයට ඉදිරිපත් වුණා. ඒ ස්ව කැමැත්තෙන් නෙවෙයි. කාගේ හෝ ඉල්ලීමකටයි ඔහු එලෙස ඉදිරිපත් වුණේ. ඡන්දෙ දවසෙට පහුවෙනිදා ප්‍ර‍්‍රතිඵල ආවට පස්සේ කාටත් රහසින් සිරිල් බැලුවලු තමන්ට ඡන්ද කීයක් තියෙනවද කියලා. මෙන්න බොලේ ඡන්ද හතක්ම තියෙනවලු. සිරිල්ට පුදුමයි. ඔහු හිතුවෙ එක ඡන්දයක්වත් තමන්ට නැතිවේවි කියලලු. එවලේ ඉඳලා ඔහු හොයන්න ගත්තලු. ඒත් හොයා ගන්න බැරි වෙලා. සිරිල් අදටත් හොයනවලු තමන්ට ඡන්දය දුන්නු අය කවුද කියලා.