වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ශිෂ්‍යත්වය - උසස් පෙළ සිනමාහලේ

සිනමා අඹරේ ‘ආකාස’ දිලෙද්දී

සාමාන්‍ය පෙළ විභාගය පාසලේ

ශිෂ්‍යත්වය - උසස් පෙළ සිනමාහලේ

ලබන දෙසැම්බර් 12 වැනිදා දිවයින පුරා සාමාන්‍ය පෙළ විභාගය පාසල් ශාලා තුළ ආරම්භ වෙද්දී තවත් විභාගයක් දෙකක් සිනමාශාලාවල ඇරඹේ. ඒ පහේ ශිෂ්‍යත්වය සහ උසස් පෙළය. මේ අතරින් පහේ ශිෂ්‍යත්වය ගැන කියැවෙන පහ සමත්. පසුගියදා තිරගතවිය. උසස් පෙළ ගැටවරයින් අළලා තැණුන ඒ ලෙවල් ලබන 15 වැනිදාද තිරගතවීම ආරම්භ වෙයි.

පහ සමත් ජී. සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයක් වන අතර ඒ ලෙවල් සිනමා පටය රොහාන් පෙරේරාගේ අධ්‍යක්ෂයකි. මෙම සිනමාපටයත් යුවළට සුප්‍රකට සිනමා සමාගම්වල නිෂ්පාදනයන්හීම තවත් විශේෂත්වයක් අතිසාර්ථක ධර්මයුද්ධය, තී ආදී චිත්‍රපට නිපයූ සීමාසහිත කැපිටල් මහරාජා සමාගමේ ඒ ලෙවල් නිෂ්පාදනය කොට ඇත. සිකුරු හතේ නිපැයූ නිව්ඉම්පීරියල් සමාගම පහ සමත් නිෂ්පාදනය කරයි.

සිනමා ශාලා කරා විභාග වෙත ඇදෙන්නේ, එකවර ආකාසයන් දෙකක් සිනමා අඹරේ සැරිසරද්දීය. ඒ ප්‍රියන්ත කොළඹගේ ගේ දේදුනු ආකාසේ සහ නිහාල් බණ්ඩාර ගේ සීමා නෑ ආකාස්ය.


සිරිල් ඒ. සීලවිමල ගුණ සැමරේ

මෙරට පුවත්පත් කලාවට සහ ගීත සාහිත්‍යයට සුවිශාල සේවාවක්‌ ඉටුකළ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වන සිරිල් ඒ. සීලවිමල මිය ගොස් පසුගිය දෙසැම්බර් 04 වැනි දිනට වසර හතක් සපිරුණි. ඒ නිමිත්තෙන් වරාගොඩ බෝධිරුක්ඛාරාමයේදී ධර්ම දේශනයක් පැවැත්වීමට එතුමාගේ බිරිය අනුලා සීලවිමල කටයුතු යොදා තිබුණි.

ආදර්ශමත් පුවත්පත් කලාවේදියකු ලෙස රිවිරැස සහ දවස පුවත්පත්වල කර්තෘත්වය දරමින් ඉතාමත් අනගි සේවයක් ඉටු කළ සිරිල් ඒ. සීලවිමල මෙරට අතිශය ජනාදරයට පත් ගීත රැසක පද හිමිකරුවා ද වෙයි. වික්ටර් රත්නායක ගයන ‘මෝහෙන් මුලා වෙලා’, මොරිස් දහනායක ගායනා කළ ‘මෙත් මල් පිබිදේවා’,එච්. ආර්. ජෝතිපාල ගැයූ ‘විෂ්ණු දෙවිඳේ’,එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක සමඟින් ගැයූ ‘හොඳ සිරියාවයි ආකාසේ’, ‘දෝතින් දෝතයි’,හරූන් ලන්ත්‍රා, සුජාතා අත්තනායක සමඟ ගායනා කළ ‘ආනන්ද මේ රෑ’, 'මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්' වැනි ජනප්‍රිය ගී රැසක් ඔහු විසින් රචනා කර තිබේ.


නිව්ටන් ගුණසේකර අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය නවකතාරුවකු ලෙස නමක් දිනා සිටි නිව්ටන් ගුණසේකර අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 78 කි. එක විදිහක ගැහැනියක් නවකතාව ඔස්සේ නවකතාකරණයට ප්‍රවිශ්ට වූ නිව්ටන් ගුණසේකර ලියන ලද නවකතා ඉමහත් ජනප්‍රියතාවට පත් විය. රුවන් තාරකා, මුතු වර්ෂා, සකුරා මලක්, ඉරබටු තරුව, සරා සහ සුභා, මරු කතරක උපන් පුතේ නිව්ටන් ගුණසේකර විසින් විරචිත ග්‍රන්ථ අතර වෙයි. 2003 වසරේ හොඳම යොවුන් නවකතාව විලසින් සම්මාන දිනුවේද නිව්ටන් ගුණසේකර ලියන ලද එය අපේ කාලයේ වීරයෝ ග්‍රන්ථයයි. ඔහුගේ දඩකෙළිය මහත් වූ ආන්දෝලනයකට තුඩු දුන් ග්‍රන්ථයක් විය. ග්‍රන්ථය සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් නඩු තීන්දුව ඓතිහාසික එකක් විය. එහිදී සඳහන් වූයේ නිර්මාණකරුවකුට තම සිතැඟි පරිදි අවස්ථාවන් උපකල්පනය කොට ප්‍රතිනිර්මාණය කර ගැනීමට හැකිය යන්නයි.

ඔහු පරිවර්තනය කළ ග්‍රන්ථ අතර සුදු වැද්දා, සුදු ගෝනා, ටාර්සන්ගේ වීර පුතා ද වේ. මාධවේදියකු වශයෙන් දවස පුවත්පත හරහා සිය වෘත්තීය ජීවිතය ඇරැඹි ඔහු සංචාරිකා සඟරාවේ සංස්කාරවරයා ද විය. පසුව ගුවන් විදුලියට එක් වු හෙතෙම එහි රජරට සේවය හරහා සුවිශාල මෙහෙවරක් ඉටු කරලීය. සුදර්මන් ද සිල්වා, කුලසේන ෆොන්සේකා, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, ගුණදාස කපුගේ, ප්‍රේමකීර්ති ද අල්විස්, නිවිටන් මහතාගේ සමකාලීනයෝ වූහ. වසර විස්සකට අධික කාලයක් එහි සේවය කළ ඔහු ඉන් විශ්‍රාම යන්නේ පාලකවරයා වශයෙනි. සරසවිය පුවත්පතේ පළ වූ තහනම් ගහ නවකතාව ද ඔහුගේ රචනයකි. ඔහුගේ සරා සහ සුබා, මුතු වරුසා යන නවකතා ටෙලි නිර්මාණයන්ට පෙරළිණ.

සහෘද නිර්මාණ කේන්ද්‍රය ඇරැඹියේ ද ඔහුගේ ප්‍රධානත්වයෙනි. එමඟින් අංකුර ලේඛකයන් රැසක් කල එළියට ගෙන ආහ . පසුව මින්සර ප්‍රකාශන ආයතනයේ ප්‍රධාන සංස්කාරකවරයා වූ නිව්ටන් එමඟින්ද නවක ලේඛකයන්ට බෙහෙවින් උදව් කළේය.

මාධ්‍යවේදී ගීත් ගුණසේකර, නිව්ටන් ගුණසේකරගේ පුතනුවන්ය.


සම්මාන සඳහා ඉදිරිපත් වීම මේ දිනවල රයිගම් ටෙලීස් 14 වැන්න ලබන මාර්තු

රයිගම් ටෙලිස් උලෙළේ දහහතර වැනි අදියර ලබන වසරේ මාර්තු මස 24 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වීමට නියමිතය. රයිගම් ටෙලීස්, ටෙලිවිෂන් මාධ්‍යයේ සියලු අංශ ආවරණ කරයි. ඊට ටෙලි නාට්‍ය මෙන්ම ළමා, ක්‍රීඩා, දේශපාලන, වාර්තා, ප්‍රවෘත්ති, රියැලිටි සහ වෙනත් වැඩසටහන් මෙන්ම තාක්ෂණ අංශ ඇතුළත් වේ. සුපුරුදු පරිදි ජනප්‍රිය සම්මානයන් ද මෙවර පිරිනැමේ. මෙවර රයිගම් ටෙලීස් විනිශ්චය මණ්ඩලයේ සභාපති ධුරය දරන්නේ මෙරට ප්‍රමුඛ පළේ විද්වතකු හා කලා විචාරකයකු වන ජයසුමන දිසානායකයි. මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, මහාචාර්ය අජන්තා හපුආරච්චි, ජ්‍යෙෂ්ඨ මාධ්‍යව්දී ගුණසිරි සිල්වා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොළ, යොවුන් සංගීත අධ්‍යක්ෂ රංග දසනායක, රූපවාහිනි තාක්ෂණවේදී ධනුෂ්ක ගුණතිලක ආදීන් මෙවර සෙසු සමාජිකයින් ලෙස කටයුතු කරයිි. දමිළ මාධ්‍ය සම්බන්ධ විශේෂ උපදේශිකා ලෙස ආචාර්ය අරුන්දතී ශ්‍රී රාජනාදන් දායක වේ. රයිගම ටෙලීස් 14 සඳහා අයැදුම්පත් සහ නිර්මාණ බාර ගැනීම මේ දිනවලදී සිදු වේ. එය ලබන වසරේ ජනවාරි 15 වන දිනයෙන් අවසන් වෙනු ඇත.

උලෙළ නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබන නිර්මාණයන් මෙසේය.

ටෙලි නාට්‍ය - 2017 වර්ෂය තුළදී අවසාන කොටස විකාශය කළ දේශීය ටෙලි නාට්‍යයන්ය.

වෙනත් නිර්මාණ - 2017 වර්ෂය තුළදී මෙරට රූපවාහිනි නාළිකාවක් ඔස්සේ ප්‍රථම වතාවට විකාශය වී තිබිය යුතුයි.

කේබල් රූපවාහිනි සහ මුදල් ගෙවා පමණක් නැරැඹිය හැකි නාළිකාවල පමණක් විකාශය වූ නිර්්මාණ සහ හඬ කැවීම් ඇතුළු කිසිදු විදේශ නිර්මාණයක් මෙම උලෙළ සඳහා සුදුසුකම් නොලබයි.

වඩ සටහන් ඉදිරිපත් කිරීම සහ නිවේදක නිවේදිකා අංශය සඳහා අදාල නාළිකාව මඟින් හෝ තනිව අයදුම් කළ හැකිය. ප්‍රවෘත්ති නිවේදක සහ සම්ප්‍රවේශක කුලකය යටතේ සම්මාන ලබන ඕනෑම ශිල්පියකුට හෝ ශිල්පිනියකට එම සම්මානය සඳහා නැවත අයදුම් කළ හැකි වනුනයේ වසර තුනක් ගතවීමෙන් අනතුරුවය.