වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




වැව රවුමේ වයර් ෂෝට්

වැව රවුමේ වයර් ෂෝට්

සාමාන්‍යයෙන් වේදිකා නාට්‍යයක මුහුරත් උලෙළක් තියෙන්නේ එක්කො ඒවා සඳහා වෙන් වූ ශාලාවක. නැත්නම් හෝටල් පරිශ්‍රයක හෝ නාට්‍ය ශාලාවක. එහෙත් එක්තරා වේදිකා නාට්‍යක මුහුරත් උලෙළක් තිබිලා තියෙනවා වැව් රවුමක. මේ නාට්‍යයේ නම වයර් ෂෝට්. කුරුණෑගල වැව රවුමේ තමයි මෙම නාට්‍යයේ මුහුරත තිබිලා තියෙන්නේ. වයර් ෂෝට් අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රියන්ත රණසිංහ. ඔහු රුවින් වඩාත් ජනප්‍රිය නළුවකු හැටියට. ඒ වගේම ප්‍රියන්ත දක්ෂ කලා අධ්‍යක්ෂවරයෙක්. ඉකුත් කාලයේ විකාශය වූ නාට්‍ය රැසකම කලා අධ්‍යක්ෂවරයා වුණේ මේ ප්‍රියන්ත. ඒ අතරේ තමයි රඟපෑමේ කටයුතු සිදු කළේ. වයර් ෂෝට් හාස්‍යෝත්පාදක නාට්‍යයක්. එය රචනා කොට ඇත්තේ ද ප්‍රියන්තයි. කුරුණෑගල වැව රවුමේදී ආරම්භ කළ වයර් ෂෝට් නාට්‍යයේ පෙර පුහුණුවීම් මේ දිනවලදී සිදුවනවාලු.