වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ITN Saturday Night Movie

Lion of the Desert

ලබන 09 වැනි සෙනසුරාදා රාත්‍රී 10.30ට ස්වාධීන රූපවාහිනි සේවයෙන් ගෙන එන ඉංග්‍රීසි චිත්‍රපට දිගහැරුම ඔස්සේ ගෙන එන්නේ ලිබියානු ඓතිහාසික ක්‍රියාදාම චිත්‍රපටයක් වන Lion of the Desert චිත්‍රපටය යි.

1981 වසරේදී තිරගත කෙරුණු එය ඉතාලිය විසින් ලිබියාව යටත් කර ගැනීමට කළ සටනට එරෙහි බලවේගයට නායකත්වය දුන් ඕමාර් මුක්තාර් පිළිබඳ කතාව ගෙන එනවා. ඒ අනුව ඉතාලි රාජකීය හමුදාවට විරුද්ධව ඕමාර් මුක්තාර් ගෙන ගිය සටන Lion of the Desert චිත්‍රපටයෙන් රිදී තිරයේ දිග හැරෙනවා.

Lion of the Desert යනු කර්නල් මුවම්මර් ගඩාෆි රජයෙන් පවා අනුග්‍රහය ලද සිනමා නිර්මාණයක්. එහි ඇන්තනි ක්වින් ලිබියානු ජන කණ්ඩායමක නායකයා ලෙසින් ඕමාර් මුක්තාර්ගේ චරිතයට පණ පොවනවා. ඔලිවර් රීඩ් විසින් ඉතාලි රාජකීය හමුදාවේ ජෙනරල් රුඩොල්ෆෝ ගේ චරිතයට පණ පොවනවා. මුස්තාපා අකාද් විසින් අධ්‍යක්ෂණය කළ Lion of the Desert චිත්‍රපටය ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම ඉහළ විචාරක පැසසුම් ලද චිත්‍රපටයක් ලෙසින් විශේෂ වූ නමුත් එය ඉතාලියේදී තහනමට ලක් වුණා.