වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ගිහිං එන්න කොහොම කියන්නද

ගිහිං එන්න කොහොම කියන්නද

6බඩ ලේන් සංගීත කණ්ඩායම ගයන අම්මා ගීිතයේ විෂුවල් ඔබට මතක ඇති. ඒ වගේම කුෂානි සඳරේඛාගේ කටකාරකම්, සුරේනි ද මෙල්ගේ ආඩම්බරයි බැලුවම නම්, ඩැඩී සංගීත කණ්ඩායමේ ඇයි කළේ, ළහිරු පෙරේරා ගයන ළබැඳියේ සහ කැස්සට කොස් ඇට, මිහිඳු ගයන යන තැනක ආදී ගීතවල ද විෂුවල් කවදාවත් අමතක වන්නේ නෑ. ඒ සේරම අධ්‍යක්ෂණය කළේ අයේෂ් විජේරත්න. කිසිවකුත් නොසිතූ මොහොතක ඔහු අපෙන් සමු ගත්තා. මේ වනවිට අයේෂ්ගේ අවසන් කටයුත් කරලා අහවරයි. අයේෂ් කළ සෑම වීඩියෝ එකකම වෙනසක් තියෙනවා. ඒ වගේම ඒවා එකිනෙකට එකක් වෙනස්. ඒක තමයි අයේෂ්ගේ දක්ෂකම. ඒ වගේම තව දෙයක් කියන්න ඕනෑ. අයේෂ් කවදාවත් බලාගෙන ඉන් බැරි මියුසික් වීඩියෝ කරලා නැහැ. ඒකයි ඔහුගේ විශේෂත්වය. තව දෙයක් අයේෂ් ගැන කියන්න ඕනැ. ඔහු ත්‍රිමාණ සජීවිකරණය ඔස්සේ විෂුවල් අලංකාර කළා. අයේෂ්ගේ විෂුවල් බලාගෙන ඉන්න ප්‍රියයි. ඔහු මෑතකාලීනව වීඩියෝ වැඩිය නිර්මාණය කළෙත් නැහැ. අද හැදෙන ඇතැම් වීඩියෝ ගැන ඔහු තරමක් කලකිරිලයි හිටියේ. කොහොම වුණත් වෙනස් ඇහැක් තියෙන හිත හොඳ මිනිසකු සමුගෙන අහවරයි. ඔහුට අප නිවන් සුව පතනවා.