වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




බාලේ සිට යෞවනයට

බාලේ සිට යෞවනයට

රුසියානු මහා ලේඛක ලියෝ ටෝල්ස්ටෝයි විසින් රචිත Childhood, Boyhood,Youth කෘතිය ස්වර්ණකාන්ති රාජපක්ෂ විසින් 'බාලේ සිට යෞවනයට' නමින් සිංහලයට පරිවර්තනය කර ඇත.

ලියෝ ටෝල්ස්ටෝයි Childhood, Boyhood,Youth කෘතිය රචනයේ නියැළෙන විට ඔහුගේ වයස විස්ස පිරුණා පමණි. පසු කලෙක දී ඔහු මෙය ප්‍රබන්ධ සහ යථාව අතරමැද තත්ත්වයක පවතින නොපැහැදිලි සටහනක් ලෙස සඳහන් කර තිබුණද අද එය ඉතා අරුත්බර වාචික ස්වයං ආලේඛයක් ලෙස පිළිගනු ලැබ ඇත. 'බාලේ සිට යෞවනයට' කෘතිය සරසවි ප්‍රකාශනයකි.


අලුත් පොත් විඩාපත් ඔබ නිසා

කරුණා පෙරේරා විසින් රචිත 'විඩාපත් ඔබ නිසා' නවකතාව සරසවි ප්‍රකාශනයක් ලෙසින් නිකුත් වී ඇත. විඩාපත් පියවරු බොහෝය. ඒ සමහරු පාලන ක්‍රමය වෙනස් කරන්නට මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් කරන්නට දඟලා විඩාපත් වූවෝ වෙති. සමහරු ඔවුන්ගේ පෞද්ලික ජීවිත අවුල් කරගත්තෝ වෙති. අපේක්ෂා භංගත්වය ඇතැමුන් රෝගීන් බවට පත්කර ඇත. ඒ අතර වැඩි දෙනා කපටිකමෙන්, බොරුවෙන් හා නිවට නියාලුකමෙන් තම දරුපවුල් රකිති. 'විඩාපත් ඔබ නිසා' කෘතිය ගෙන එන්නේ එම විඩාපත් පියවරුන්ගේ කතාවයි.


සුදු සීයා සහ තවත් කතා

නන්දදාස වික්‍රමාරච්චි විසින් රචනා කළ 'සුදු සීයා සහ තවත් කතා' කෙටිකතා එකතුව නිකුත් වී ඇත. ළමා වයස්වලට ගැලපෙන පරිදි රචනා වුවුද වැඩිහිටියන්ට වුවද කියවා රස විඳීමට මෙම කෘතිය රචනා වී ඇත. 'මමයි උණ පඳුර' කාව්‍ය සංග්‍රහය, 'ධවල ස්වප්නය' සහ 'පියවරු සහ පුත්තු' කර්තෘ විසින් රචිත අනෙකුත් කෘති වේ.


‘ශ්‍රී ලංකාවේ පාරිසරික නීති සහ ප්‍රතිපත්ති’ එළිදකියි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිලක් විජේතුංග බණ්ඩාරගේ ‘ශ්‍රී ලංකාවේ පාරිසරික නීති සහ ප්‍රතිපත්ති‘ කෘතිය මේ මස 12 වැනිදා මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී එළිදකියි. මේ තෘතිය දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි.


සාහිත්‍ය කලා මහෝත්සවය 7 වැනිදා

කොළඹ දිස්්ත්‍රික් ලේකම් කාර්යාලය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන කොළඹ දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය මෙම මස 07 වැනිදා එනම් අද උදෑසන 9 ට කොළඹ ලුම්බිණි රඟහලේදි පැවැත්වේ. මෙහිදී කොළඹ දිස්ත්‍රික් සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග සහ සහතිකපත් පිරිනමනු ලැබේ. එයට සමගාමීව කලා ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ කලාකරුවන් සත් දෙනෙකුට කොළොම්තොට භූෂණ සමමානය ලබාදිමට නියමිතය. ඒ අනුව ටී. ජේ. ඩී. පීරිස්, ජයන්ත කළුපහන, බි. සිරිතුංග පෙරේරා, කුමාරි අත්තනායක, හෙන්රි රාජකරුණා, වාසුකී ජෙගදීශ්වරම් සහ ඩබ්ලිව්. ඒ. එම්. විරක්කොඩි කොළොම්තොට භුෂණ සම්මානයෙන් පිදුම් ලබති. කොළඹ දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයේ සභාපති වශයෙන් එඩ්වඩ් චන්ද්‍රසිරි කටයුතු කරයි.