වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ඩාන්සිං ක්වීන් සහ ෂාරුක් ඛාන්

ඩාන්සිං ක්වීන් සහ ෂාරුක් ඛාන්

අප ක්ෂේත්‍රයේ ඉන්න ඩාන්සිං ක්වීන් කවුද කියලා ඇහැව්වොත් ආයේ වචන දෙකක් නැහැ. ඒ තමයි අනූෂා දමයන්ති. ඇගේ නර්තන හැකියාව ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මේ ඩාන්සිං ක්වින්ට වේදිකාව අමුතු දෙයක් නෙවෙයි. ඒ නර්තනයට. හැබැයි අනූෂාට රංගනයේදී නම් වේදිකාව කුලුඳුල්. ඒ මේතාක් කල් ඇය වේදිකා නාට්‍යය සඳහා රංගනයෙන් දායක වුණේ නැති නිසා. ඒ බව නිසාමද කොහෙද අශෝක සෙනරත් මුදලිගේ හා හා පුරා කියලා වේදිකා නාට්‍යකට ඇයට ඇරැයුම් කළේ. එහි නම ඩාන්සිං ස්ටාර් මිස් නාගීතා. අති සාර්ථක අන්දමින් ඉකුත් දා කොළඹ ලුම්බිණි රඟහලේදී අනූෂා හා හා පුරා රංගනයෙන් දායක වූ එම නාට්‍ය වේදිකා ගත වුණා. අනූෂාට ලැබුණු ප්‍රතිචාර ඉතාම ඉහළයි. ඇය මෙහි රඟන්නේ වෙනස්ම චරිතයක්. ඩාන්සිං ස්ටාර් මිස් නගීතා නාට්‍යයේ ෂාරුක් ඛාන් ලෙස සරත් පීරිස් අපූරු රංගනයක යෙදෙනවා. ඒ ගැන නම් නොකියාම බැහැ. රංගනයට ඇවිත් වසර විස්සකට විතර පසු අනූෂා දායක වු වේදිකා නාට්‍යය ගැන ඇය මහත් සේ උදම් අනනවා. ඒ ඇයටම ගැළපෙන චරිතයක් එහි තිබුණු නිසා.