වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රවෘත්ති කියනවා යනු දැලිපිහියෙන් කිරි කනවා වගෙයි

ප්‍රවෘත්ති කියනවා යනු දැලිපිහියෙන් කිරි කනවා වගෙයි

රෝෂිණී විජේසූරිය

හිරු පළමු ප්‍රවෘත්තිය ඉදිරිපත් කළෙත් මමයි

මට සාරිය අදින්න යන්නේ විනාඩි දෙකයි. හයයි පනස් පහට ප්‍රවෘත්ති පටන් ගන්න තිබුණොත් හයයි පනස් හතරටත් මං මේකප් රූම් එකේ ඉන්නවා. සාරියේ අන්තිම කට්ට ගහන්නෙත් අන්තිම තත්පරයේ. ඊළඟට හැරිලා ප්‍රවෘත්ති පටන් ගන්නවා. අත්දැකීම් නිසයි එහෙම වෙන්නේ. ටිකක් අවදානම් සහගතයි මං වැඩ කරන අන්දම. ඒත් කවදාවත් වැරැදිලා නැහැ.

මං මුලින්ම මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ 2003 අවුරුද්්දේ. ඒ කාලයේ ඩබිං ආර්ටිස් කෙනෙක් ලෙසට මං කලක් කටයුතු කළා. පසුව මැක්ස් ආයතනයට එකතු වුණා. ඊට පසුව සිරස. වර්තමානයේ නවාතැන හිරු.

ඇය ඔබ හමු වන්නේ හිරු නාළිකාවේ රාත්‍රී හතේ ප්‍රධාන පුවත් විකාශය ඔස්සේය. එමෙන්ම ඇතැම් විට රාත්‍රී 9.30 ප්‍රවෘත්ති විකාශයේදී ද ඇය ඔබ හමුවට පැමිණෙනු ඇත. ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස=ින් වසර දහයක අත්දැකීම් ඇති ඇය නමින් රෝෂිණී විජේසූරිය වන්නීය.

රෝෂිනී, ඔබව සතියේ දින පහේදීම හිරු නාලිකාව ඔස්සේ ප්‍රේක්ෂකයන් දකිනවා. ඒත් ඔබේ නිවේදන ඉතිහාසය වැඩි දෙනෙකු අහලා නැතුව ඇති?

මං මුලින්ම මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ 2003 අවුරුද්්දේ. ඒ කාලයේ ඩබිං ආර්ටිස් කෙනෙක් ලෙසට මං කලක් කටයුතු කළා. පසුව මැක්ස් ආයතනයට එකතු වුණා. ඊට පසුව සිරස. වර්තමානයේ නවාතැන හිරු.

කොපමණ කාලයක් වනවාද ඔබ හිරු නාළිකාවට එකතු වෙලා?

හිරු රූපවාහිනියේ ආරම්භයේ සිටම මං එහි සාමාජිකයෙක්. පළමු ප්‍රවෘත්ති ඉදිරිපත් කළෙත් මම තමයි.

පොඩි කාලයේ පටන් ඔබට හීනයක් තිබුණාද ප්‍රවෘත්ති නිවේදිකාවක් වන්න?

පහ වසරේ ඉන්නකොට විෂයානුබද්ධ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමක් කළා. එතැන් පටන් ලොකු ආසාවක් තිබුණා ප්‍රවෘත්ති කියන්න. පසුකාලීනව ලේක්හවුස් එන්නත් හිතක් තිබුණා. ඒ මං ලේඛනයටත් ආස නිසා. නමුත් දෛවය විසින් මාව නිවේදනය පැත්තට යොමු ුකළා.

ප්‍රවෘත්ති නිවේදනය කියන්නේ හරිම භාරදූර කාරණයක්?

ඔව්, ඒක ඇත්ත. වගකීමක් මෙන්ම එහි වටිනාකමක් තිබෙනවා. අපි කියන දෙවල් තමයි මිනිසුන් විශ්වාස කරන්නේ. එක අතකින් ප්‍රවෘත්ති කියනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්.

අවුරුදු දහයක් ප්‍රවෘත්ති කිව්වත් තවමත් මැදිරියට ගියාම හදේ ගැස්ම වැඩි වෙනවා කියන්නේ ඇත්තද?

ඒක නම් ඇත්ත. පළමු තත්පර දහය තුළ තවමත් හදවත ටිකක් ගැහෙනවා. ඒ වගකීම නිසා.

ඔබේ රාජකාරි වේලාවන් පිළිබඳ පැවසුවොත්?

දහවල් එකේ සිට රාත්‍රී දහය දක්වා.

ගෘහණියක් මවක් විදිහට ඔබ කොහොමද කාලය කළමනා කර ගන්නේ?

මේ වෙලාවේ මම මගේ ගෙදර උදවියව මතක් කරනවා. විශේෂයෙන් මගේ සැමියාගේ මව. ඔවුන්ගේ සහාය නොලැබෙන්න අද මං ප්‍රවෘත්ති කියවීම පැත්තක තියලා ගෙදර නතර වෙලා. ඒ වගේම හිරු නාළිකාවේ සභාපති රේනෝ සිල්වා මහත්මා ඇතුළු පිරිසවත් මතක් කළ යුතුමයි.

ඔබේ මාමණ්ඩිය ගැනත් මතක් නොකළොත් මෙතැන යම් අඩුවක් වේවි?

ඔහු තමයි ජයන්ත රෝහණ. ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදකයෙක්. ඔහුගේ පුතා පබසර තමයි මගේ මහත්තයා.

අන්තිම මොහොත වෙනකම් සාරිය හද හද ප්‍රවෘත්ති කියන්න ගිහින් අකරතැබ්බවලට මුහුණපාලා නැතිද?

මට සාරිය අදින්න යන්නේ විනාඩි දෙකයි. හයයි පනස් පහට ප්‍රවෘත්ති පටන් ගන්න තිබුණොත් හයයි පනස් හතරටත් මං මේකප් රූම් එකේ ඉන්නවා. සාරියේ අන්තිම කට්ට ගහන්නෙත් අන්තිම තත්පරයේ. ඊළඟට හැරිලා ප්‍රවෘත්ති පටන් ගන්නවා. අත්දැකීම් නිසයි එහෙම වෙන්නේ. ටිකක් අවදානම් සහගතයි මං වැඩ කරන අන්දම. ඒත් කවදාවත් වැරැදිලා නැහැ.

ප්‍රවෘත්ති නිවේදනයට අමතරව ඔබේ අනෙකුත් රාජකාරීන් කවරේද?

ප්‍රවෘත්ති සංස්කරණය සහ ලිවීම අපි විසින් තමයි සිදු කරන්නේ. නිවේදනයට අමතරව එම කටයුතු සිදු කරනවා.

ඔබට පොඩි චෝදනාවක් තියෙනවා?

ඒ මොකක්ද?

ප්‍රවෘත්ති කියද්දී අනෙක් නිවේදිකාවන් මෙන් වැඩිය හිනාවෙන්නේ නැහැ කියන එක?

ඔය ගැන නම් ගොඩක් දෙනෙක් කියනවා. අපේ සමහර ප්‍රවෘත්ති හරිම සංවේදියි. විශේෂයේම ළමයින් ගැන කියවෙන ඒවා. ඒ අවස්ථාවන්වලදී මාත් සංවේදී වෙනවා. මටත් දරුවෙක් ඉන්නවනෙ. ඒ අවස්ථාවලදී හිනාවක් එන්නේ නැත්තටම නැති තරම්.

වෙනත් නාළිකාවකින් ඔබට ආරාධනා කළොත් මොකද කරන්නේ?

දැනටමත් එහෙම ආරාධනා කිහිපයක්ම ලැබිලා තියෙනවා. ඒත් හිරු නාළිකාව දාලා යන්නේ නැහැ කියලයි මං හිතාගෙන ඉන්නේ.