වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




ශ්‍රීමත් ඩී.එස් වෙයි

ශ්‍රීමත් ඩී.එස් වෙයි

උපතින්ම නයිට් නාමයක් තිබුණු අපේ ශ්‍රීමත් ඉන්ද්‍රජිත්ට තවත් සම්මානයක් හිමිවන බවට ආරංචියක් ලැබුණා. එළඹෙන සඳුදා සවස මහව සයිමන් නවගත්තේගම ශාලාවේ පැවැත්වෙන උත්සවයකදියි ඔහු මෙලෙස සම්මානනීය වන්නේ. ස්වර්ණ සිංහ සම්මානයෙන් තමයි ශ්‍රීමත් මෙලෙස පිදුම් ලබන්නේ. ශ්‍රීමත්ට මෙම සම්මානය ලබා දෙන්නේ ස්වර්ණ සිංහ අභිනන්දන උපහාර කමිටුව මඟින්. එහි සභාපති ධුරය දරන්නේ ශාස්ත්‍රවේදී කිවිපති මීගහවෙල සුමන ශාන්ත හිමියන්.

මෙයට පෙර ශ්‍රීමත්ව දේශබන්දු සම්මානයත් ලැබුණා. දැන් ශ්‍රීමත්ගේ නම ඩී.එස්. ශ්‍රීමත්. (දේශබන්දු ස්වර්ණ සිංහ)