වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




සැංගී මොකෝ

සැංගී මොකෝ

චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් තම දියණිවරු තිදෙනාවම ක්ෂේත්‍රයට දායාද කළේ ලෝබකමක් නැතිව. ඔවුන් තිදෙනාට කලා ලොව තුළ ජනප්‍රිය චරිත බවට පත්වීමට වැඩි කාලයක් ගත වූයේ නැහැ. වැඩිමල් තැනැත්තී ඩිනක්ෂි. මද්දුමයා ශේෂාද්‍රි, ශනුද්‍රි තමයි බඩපිස්සි. මේ අතරින් ඩිනක්ෂි සහ ශනු නිතර දෙවේලේ නිර්මාණ ඔස්සේ අප හමුවට එනවා. ඒත් ශේෂාද්‍රි නම් එක සැරයටම අතුරුදන් වුණා. ඇය ආස කළේ සිනමාවට පමණයි. උදයකාන්තගේ චැලෙන්ජස් හරහා සිනමාවට සංක්‍රමණය වූ ශේෂාද්‍රි දිගින් දිගටම සිනමාවේ රැඳුණේ ඇයට තිබුණු ඉල්ලුම නිසාමයි. බොහෝ දෙනෙකු අනාවැකි පළ කළා ශේෂාද්‍රි සිනමාවේ දිගු ගමනක් යාවි කියලා. එහෙත් අද වන විට ඇය රංගනයෙන් ඉවත්ව ඇති වග පේනවා. ඒක වුණේ කොහොමද කියලා නම් දන්නේ නැහැ. ඇය අපේ සිනමාවට අවශ්‍ය මුහුණක් බව නම් කිව යුතුමයි. පසුගිය සිග්නිස් සම්මාන උලෙළෙහි ශේෂාද්‍රිට සම්මානයක් තිබුණා. එය ගන්නවත් ඇය පැමිණ සිටියේ නැහැ. ශේෂාද්‍රි වෙනුවෙන් ඩිනක්ෂි තමයි එම සම්මානය ලබා ගත්තේ.