වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




TIME කියන වසරේ හොඳම සීයයේ අපට හුරු කට්ටිය

TIME කියන වසරේ හොඳම සීයයේ අපට හුරු කට්ටිය

Time සඟරාව මඟින් සෑම වසරකම ලොව වඩාත් ආභාසයට සිය දෙනා (Time 100 ) තෝරා ගැනීම සිදු කරනු ලබයි. අමෙරිකානු ප්‍රවෘත්ති සඟරාවක් වන Time විසින් මෙම තෝරා ගැනීම ආරම්භ කළේ 1999 වසරේදීය. සෑම වසරකටම වරක් ආචාර්යවරුන්, දේශපාලඥයන් සහ මාධ්‍යකරුවන් අතර වූ සංවාදයකින් පසුව මෙය ආරම්භ කෙරිණි. එහිදී පළමු ලැයිසිතුව Time කර්තෘවරුන් විසින් තෝරා ගත් අතර පසුව ජාත්‍යන්තර තලයේ කතුවරුන් විසින් මේ සඳහා නාමයෝජනා ඉදිරිපත් කරන ලදී. Time පාඨක මනාපයෙන්ද එක් අයෙකු තෝරා ගැනීමට අවස්ථාව ලබා දී තිබිණි.

ආරම්භයේ සිට මේ දක්වා ලොව ආභාසයට පුද්ගල ලැයිස්තු අතරේ වැඩිම වාර ගණනක් තේරී පත් වූ පුද්ගලයා වන්නේ හිටපු අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා ය. ඔහු එකොළොස් වරක් Time 100 අතරට ඇතුළත් වී සිට ඇත. මෙහිදී නායකයන් හා විප්ලවවාදීන්, කලාකරුවන්, විද්‍යාඥයන් සහ චින්තකයන්, වීරයන් ආදි ලෙසින් Time 100 වර්ග කෙරේ. මේ වසරේදී ද එම වර්ග කිරීමට අනුව කලාකරුවන් 17 දෙනෙකු Time 100 අතරට ඇතුළත් වී සිටියි.

සම්මානනීය සංගීතඥයකු වන ජෝන් ලෙජන්ඩ් මෙවර Time 100 හි සුවිශේෂි චරිතය බව පිළිගැනීමයි. අමෙරිකානු සංගීත සම්මානයක් සහ ග්‍රැමී සම්මාන ක් ඇතුළුව සංගීත සම්මාන 31ට හිමිකම් කියන ඔහු, එවා ඩුවර්නි අධ්‍යක්ෂණය කළ ඉඥතථච චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කළ “ට්තධපර” ගීතය වෙනුවෙන් 87 වැනි ඔස්කාර් සම්මාන උලෙළ, 72 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළ සහ 58 වැනි ග්‍රැමී සම්මාන උලෙළේදී හොඳම ගීතයට හිමි සම්මානයන් පිරිනැමිණි. Get Lifted, Once Again, Evolver ඔහුගේ ගීත එකතුව අතර වේ.

La La Land චිත්‍රපටයේ රංගනයෙන් පසුගිය වසරේ ඔස්කාර් හොඳම නිළිය ලෙසින් සම්මාන ලද එමා ස්ටෝන් මෙවර Time 100 අතරට ඇතුළත් වී සිටියි. La La Land රංගනය වෙනුවෙන් ඇය පසුගිය වසරේ බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මාන උලෙළේදී මෙන්ම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී ද ඇය හොඳම නිළිය ලෙසින් සම්මානනීය වුණා. 2007 වසරේදී Superbad  චිත්‍රපටයෙන් හොලිවුඩ් සිනමාවට පිවිසි ඇය මේ වන විට ලොව ඉහළම ගෙවීමක් කරන නිළිය බවට පත් වී සිටින්නීය.

සම්මානනීය අමෙරිකානු ලේඛක කොල්සන් වයිට්හෙඩ් ද මෙවර Time 100 ලැයිස්තුවට එක් වී ඇත. ඔහුගේ පළමු නවකතාව The Intuitionist නමින් 1999 වසරේදී පළ කෙරිණි. මේ වන විට ඔහු විසින් ප්‍රබන්ධ කෘති හයක් සහ ප්‍රබන්ධ නොවන කෘති දෙකක් රචනාකර ඇත. බ්‍රිතාන්‍ය ජාති පොප් ගායක ඊඩ් ශීරන්, අමෙරිකානු ගායිකා ඇලිසීයා කේයිස් ද මෙම ලැයිස්තුවට ඇතුළත්.

Blade: Trinity,X-Men Origins: Wolverine, Deadpool චිත්‍රපටවල මාවල් චිත්‍රකතා චරිතවලට පණ පෙවූ රයන් රෙනෝල්ඩ්ස් සහ අමෙරිකානු නළු ඩොනල්ඩ් ග්ලෝවර් ද මෙහි වේ. ඩොනල්ඩ් ග්ලෝවර් නළුවකු ලෙසින් පමණක් නොව රචකයකු, නිෂ්පාදයකු, ගායකයකු, ගී පද රචකයකු ලෙසින්ද කලාවට සබඳකම් දක්වයි. මේ වසරේදී pider-Man: Homecoming චිත්‍රපටයේ ආරොන් ඩේවිස්ගේ චරිතයට පණ පෙවූ ඔහු ලබන 2019 වසරේ තිරගත වීමට නියමිත The Lion King  නව නිෂ්පාදනයේ සිම්බාගේ චරිතය වෙනුවෙන් හඬ දායකත්වය ද ලබා දේ.

Ghostbusters (2016) චිත්‍රපටයේ පැට්‍රීෂියා හෙවත් පැටීගේ චරිතයට පණ පෙවූ විකට නිළි ලෙස්ලි ජෝන්ස් ද Pitch Perfect (2012) සහ Pitch Perfect 2 චිත්‍රපටල චරිත මැවූ බෙන් ප්ලැට් ද මෙවර Time 100 ලැයිස්තුවට පැමිණ සිටියි.

අමෙරිකානු අධ්‍යක්ෂවරියක වන එවා ඩුවර්නි ද මෙවර කැපී පෙනෙන චරිතයක් වී ඇත. වාර්තා චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කර සම්මානයට පවා පාත්‍ර වී ඇය විසින් අධ්‍යක්ෂණය කළ Selma චිත්‍රපටය 2014 වසරේදී තිරගත කෙරුණු අතර විද්‍යාප්‍රබන්ධ කතාවක් ගෙන එන A Wrinkle in Time 2018 වසරේදී තිරගත කිරීමට නියමිතය.

ඔස්කාර් සම්මාන උලෙළ ඉතිහාසයට නොමැකෙන මතක සටහනක් එක් කළ Moonlight (2016) චිත්‍රපටයේ අධ්‍යක්ෂ බැරී ජෙන්කින්ස් ද ඔස්ට්‍රේලියානු ජාතික නිළි මාර්ගොට් රොබී ද Time 100 අතර වෙති. මාර්ගොට් රොබී පිළිබඳ The Wolf of Wall Street, Suicide Squad චිත්‍රපටවලදී අවධානය යොමු වූ අතර The Legend of Tarzan (2016) චිත්‍රපටයේ ජේන්ගේ චරිතයට පණ පෙවූයේ ද ඇය යි. පසුගිය කාලයේ බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරුන් සමඟින් පවතින මිතුරුකමක් සම්බන්ධයෙන් ද ඇය පිළිබඳව විවිධ පුවත් පළ විය.

12 Years a Slave, The Runner, Diggers වැනි චිත්‍රපටවල චරිත මැවූ සාරා පෝල්සන් අමෙරිකානු ගායිකාවක සහ නිළියක වන ඩෙමී ලොවේටෝ ද 2017 වසරේ ආකර්ශනීය පුද්ගලයන් අතර වේ. ඩෙමී විසින් කළ Don’t Forget, Here We Go Again, Unbroken  සහ Demi ගීත එකතුවන් ඉහළ ජනප්‍රියත්වයක් මෙන්ම ඉහළ ආදායම් ලබන්නට සමත් වී තිබේ. බ්‍රිතාන්‍ය ජාතික නළුවකු මෙන්ම රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ද පමණක් නොව හාස්‍ය රංගන ශිල්පියකු ලෙසින් ද ජනප්‍රිය ජේම්ස් කෝර්ඩ්න් ද මෙවර Time 100 අතර විශේෂ වේ. පසුගිය වසරේ ටෝනි සම්මාන උලෙළ සහ මෙවර ග්‍රැමී සම්මාන උලෙළ ද ඉදිරිපත් කළේ ඔහුයි. ඉතාලි ජාතික ජනප්‍රිය මෝස්තර නිර්මාණ ශිල්පී ඇලෙක්සැන්ද්‍රෝ මිචෙලි සහ අමෙරිකානු ජාතික චිත්‍ර ශිල්පියකු වන කෙරී ජේම්ස් මාර්ෂල් ද මේ සිය දෙනා අතරට එක් වී සිටියි.

2017 වසරේ Time 100 අතර බොලිවුඩ් නළු නිළියන් කිසිවෙකුත් නොවූවත් පසුගිය වසරේදී ප්‍රියංකා චොප්රා එයට ඇතුළත් වූ අතර මීට පෙර වසර වලදී අමීර් ඛාන් (2013), සල්මන් ඛාන් (2012), ඒ. ආර් රහ්මාන් (2009), ඓෂ්වර්යා රායි බච්චන් (2004, 2010) ද Time 100 අතරට ඇතුළත්ව සිටියා.