වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




මිස්ටර් හොඳ හිත

මිස්ටර් හොඳ හිත

වැරැදි කිරීම මනුස්ස ගතියක්. සමාවදීම දේව ගතියක් කියල කියමනක් තියෙනවානේ. අද වන විට දේව ගතිය කෙසේ වෙතත් මනුස්ස ගතිය නම් එහෙම්මමයි. ඒ කියමන මතක් වුණේ එක්තරා සිදුවීමක් නිසා. ඊට පාදක වූ තැනැත්තා වන්නේ සිරි කහවල. ඔහු මේ වනවිට හදිසි අනතුරකට ලක්වෙලා රෝහල් ගත කරලයි ඉන්නේ. සිරීව කාර් එකකින් හප්පගෙන ගිහින්. තරුණයකු විසින් තමයි එම කාරය පදවලා තියෙන්නේ. වැරැද්ද ඔහුගේ. එහෙයින් එම තරුණයාව රිමාන්ඩ් කරලා. මේ පිළිබඳ පොලීසියට කට උත්තර දෙන වෙලාවේ සිරි කහවල කියලා තියෙනවා ඔය කාරණය දුරදිග ගෙනි යන්නේ නැතුව ඒ තරුණයාව නිදහස් කරන්න කියලා.

'කාගෙ වුණත් තරුණ ජීවිතයක්නෙ. නිස්කාරණේ තරුණ ජීවිතයක් රිමාන්ඩ් භාරයේ තියාගෙන ඔහුගේ කාලය විනාශ කරන්න එපා' කියලයි සිරි කහවල කියලා තියෙන්නේ. බලන්න ඔහු කොතරම් ගුණගරුක කෙනෙක් ද කියලා. කලාකරුවන් යැයි කියන නලාකරුවන් අතරේ ඔහු සැබවින්ම මනුෂ්‍යත්ව ගුණයෙන් පිරි කලාකරුවෙක්. අපි සිරි කහවලට ඉක්මන් සුවය පතනවා. මේ දිනවල සිරි කහවල කළුබෝවිල රෝහලේ විසිවන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.