වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ තිර පිටපතේ චරිත මුලසිටම විඳින්නේ මමයි

මගේ තිර පිටපතේ චරිත මුලසිටම විඳින්නේ මමයි

පුෂ්පකුමාර එල්ලාවල

මං පිටපතක් රචනාකරද්දි එහි චරිත සිතින් මවා ගන්නවා. කෙටියෙන්ම පැවසුවොත් ඒ චරිත විඳිනවා. මං ලද අත්දැකීම් ඇසුරෙනුයි කතාව ගොඩනංවා ගන්නෙ. මේ වන විට මං නවකතා රැසක් ඔස්සේ පිටපත් රචනාකරලා තියෙනවා.

නිර්මාණයකදි වැඩිපුර ඉස්මතු වන්නේ අධ්‍යක්ෂවරයා ඇතුළු නළුනිළි කණ්ඩායමයි. සමස්ත නිර්මාණෙම පිටපතක් තුළ නිර්මාණය වුවත් එහි රචකයාගේ මතුවීම සිදුවන්නෙ තරමක් අඩුවෙන්. පුෂ්පකුමාර එල්ලාවලටත් එම කාරණය පොදුයි. සියතින් රචනාවූ නිර්මාණයන් ඉතාම ඉහළ ප්‍රේක්ෂක ජනප්‍රසාදය වින්දත් පුෂ්පකුමාරව වැඩිදෙනෙකු හඳුනනවාදැයි සැකයකි.
නොබෝදා ජාතික රූපවාහිනියේ නිමාවදුටු විජිත මංජුල සිංහපෘථුවිගෙ සඳදියමංකඩ ද පුෂ්පකුමාරගේ රූපවාහිනී රචනයකි. එමෙන්ම ඔහුගේ පිටපත් සම්මානයන් සඳහාද නිර්දේශව තිබේ.
පිටපත් රචනයට මා යොමුවන්නෙ සනත් ගුණතිලකයන්ගෙ මගපෙන්විම යටතේ. මං ඔහුව හඳුනන්නේ නැහැ. මට දැඩි උවමනාවක් තිබුණා තිරරචනයට යොමුවන්න. ඒ අභිලාශයෙන් මං සනත් මහත්මයාට ලියුමක් ලිව්වා. ඒ ප්‍රතිඵලය වුණේ මට එතුමාණන්ව හඳුනාගන්නට ලැබීම. ඔහුගේ මගපෙන්විම යටතේ මට තිස්ස අබේසේකරගේ සහ සුදත් රෝහණයන්ව මුණගැසුණා. එම උදවියගේ නිර්මාණකරනය මං බලාගෙන ඉඳලා ටිකෙන් ටික ක්ෂේත්‍රය ගැන හැදෑරුවා. කාලයක් එහෙම ගත වුණා. ඔය අතරෙ මට දත් කැකුළුපාලා, මන්දාරම් එළි, නිරානන්දය වැනි ටෙලිනාට්‍යවල පිටපත් රචනාවලදි සහායකයකු ලෙස වැඩකරන්නට අවස්ථාව ලැබුණා. එලෙස සම්බන්ධවීමෙන් මට ලැබුණ අප්‍රමාණ සතුටක්. චන්න පෙරේරාව හඳුනාගන්නට ලැබිමත් සමඟයි මට තනිව නාට්‍ය ලියන්න හැකියාව ලැබුණෙ. පුංචි වීරයෝ තමයි එහෙම ලියපු පළමු ටෙලි නාට්‍යය. ඒක කථාංග වශයෙනුයි විකාශය වුණේ. දිගු නාට්‍යයක් විදිහට මුලින්ම ලිව්වෙ වරාමල්. ඒක අධ්‍යක්ෂණය කළේ සුරේෂ් අබේසේකර මහතා. ඊට පසුව මට නිර්මාණ රාශියක් ලැබුණා.

මං පිටපතක් රචනාකරද්දි එහි චරිත සිතින් මවා ගන්නවා. කෙටියෙන්ම පැවසුවොත් ඒ චරිත විඳිනවා. මං ලද අත්දැකීම් ඇසුරෙනුයි කතාව ගොඩනංවා ගන්නෙ. මේ වන විට මං නවකතා රැසක් ඔස්සේ පිටපත් රචනාකරලා තියෙනවා.

මං හිතන්නේ මං තමයි වැඩිපුරම නවකතාවලින් පිටපත් රචනා කළ රචකයා. පිටපත් රචකයකු විදිහට මං ස්ථාවරයි කියලා මං හිතනවා. ඒ වුණාට මං දඩිබිඩියෙ නාට්‍ය රචනා කරන්නෙ නැහැ. හෙට කියන වැඩකට අද පිටපත ලියලා දෙන්න කිව්වොත් කොහොමද දෙන්නෙ. මං එහෙම වැඩ කරන්නෙ නැහැ. මට සාමාන්‍යයෙන් නිර්මාණයකට කතාකළාම මං බලන්නෙ ඊට උපරිම සාධාරණය ඉටුකරන්න. ඒ වෙනුවෙන් අධ්‍යක්ෂවරයා සහ මා අතට නිරන්තරයෙන් අදහස් හුවමාරු කරගැනීම සිදුවනවා. එහෙම රචනා කළ හින්දයි බොහෝ නිර්මාණ සාර්ථක වුණේ.
මගෙ ගම බණ්ඩාරගම. මදුරාවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කරන ගමන් තමයි මං පිටපත් රචනය සිදුකරන්නෙ.

පුෂ්පකුමාර රචනාකළ නිර්මාණ
චන්න පෙරේරා - පුංචි වීරයෝ
සුරේෂ් අබේසේකර - වරාමල්
චන්න පෙරේරා - වස්සානේ හිරු ඇවිදින්
චන්න පෙරේරා - ටිකිරි හපන්නු
අනුරුද්ධ ජයසිංහ - විය සිදුර
(හොඳම තිර රචනය නිර්දේශ)
ලක්ෂ්මන් පුෂ්පකුමාර - සඳ කිදුරී
මාලිනි ෆොන්සේකා - සුරඟන දුව
ෂර්ලි පී. දෙලංකාවල - රංගිර
ෂර්ලි පී. දෙලංකාවල - පූජාසනය
ෂර්ලි පී. දෙලංකාවල - දෙගම්මැදියම
(හොඳම තිරරචනය නිර්දේශ)
ෂර්ලි පී දෙලංකාවල - හැන්දෑව
(හොඳම තිර රචනය නිර්දේශ)
ෂර්ලි පී දෙලංකාවල - කනේරු
සමන් කුමාර ලියනගේ - එරන් ලන්දු
විජිත මංජුල සිංහපෘථිවි - සඳ දිය මංකඩ
ශ්‍රියානි අමරසේන - සුපිරි තරුව
මාලිනී ෆොන්සේකා - මිරිඟු නදිය

චිත්‍රපට
ප්‍රියංකර විතානාච්චි - සැමිගෙ කතාව
(හොඳම තිරරචනය -  O.C.I.C.සිග්නීස්

සම තිර රචනය -
පුෂ්පකුමාර එල්ලාවල - ප්‍රියංකර විතානච්චි)

ඉදිරි නිර්මාණ
වැස්සවලාහක - හංසමාලාජානකී නිෂ්පාදනය
හරිපුදුමයි ඉස්කෝලේ - සේනක විජේසිංහ චිත්‍රපටයකි
කුමාරිහාමි - ෂර්ලි පී. දෙලංකාවල