වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




අද ක්ෂේත්‍රයේ තිබෙන තත්ත්වය නිසා අලුත් ගීත කරන්න හිතක් නැහැ

අද ක්ෂේත්‍රයේ තිබෙන තත්ත්වය නිසා අලුත් ගීත කරන්න හිතක් නැහැ

විජිත් ද සිල්වා

'මම ගායකයෙකු වූයේත් අහම්බෙන්. පුංචි කාලේ ඉඳලා මම සංගීතය පැත්තට උනන්දුයි. මට දවසක් මමෝජ් රූපසිංහ පත්‍රකලාවේදියා සංගීතඥ නිමල් ගුණසේකර මහත්මයාව හඳුන්වලා දුන්නා. එතුමාත් සමඟ එකතු වෙලා ගීත 04 ක් කළා. ඒ ගීත 04 ජනප්‍රිය වුණා. නමුත් ඒ වෙනකනුත් මම ගුවන් විදුලි ගායන ශිල්පියෙක් නොවෙයි. දවසක් මට ඉන්ද්‍රවංශ පෙරේරා මුණ ගැහිලා කිව්වා ඔයා සිංදු කිව්වට හරි යන්නේ නෑ, ගුවන් විදුලි ගායකයෙක් වෙන්න නම් සරල ගී පරීක්ෂණයකට ඉදිරිපත් වෙන්න කියලා. එතුමාම ඇප්ලිකේෂන් එක පුරවලා සනත් නන්දසිරි මහත්තයා ළඟට මාව දැම්මා. මම සරල ගී පරීක්ෂණයට සහභාගි වෙලා බී ශ්‍රේණීයේ ගායකයෙක් බවට පත් වුණා.

'මම ගායන ක්ෂේත්‍රයට පිවිසිලා මේ වෙනකොට 25 වසරක් සපිරෙනවා. මේ දිර්ඝ කාල සීමාව තුළ මම ආවේ හිමින් ගමනක්. ගීත නිර්මාණ වුණත් මහා ලොකු ගණනක් නැහැ. නමුත් ඒ කාලේ මම ගායනා කරපු සමහර ගීත අතිශයින්ම ජනප්‍රිය වුණා. ගීත ශ්‍රාවකයෝ ඒවා ආදරයෙන් වැළඳ ගත්තා.

අනූව දශකය තුළ මෙරට ගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය වූ ගායකයකු වශයෙන් විජිත් ද සිල්වා ගේ නම ගීත ශ්‍රාවකයන්ට අමතක විය නොහැකිය. මෑත භාගයේ ඔහු විසින් නව නිර්මාණ ගීත ඉදිරිපත් නොකළද පෙරදා ඔහු ගායනා කළ ගීත අදටත් ජනප්‍රියය. එහෙත් වර්තමාන ගීත ශ්‍රාවකයන්ට ඇසෙන්නට එම ගීත ප්‍රචාරය නොවීම එක්තරා ආකාරයක අභාග්‍යයකි.

මේ වන විට විජිත්ගේ ගායන දිවියට විසි පස් වසරක් සම්පූර්ණ වී හමාරය. ගීතය ගැන කලාව ගැන මහත් වූ ඇල්මකින් ආදරයකින් කටයුතු කරන්නෙකුට තමන්ගේ ගීත වර්තමානයේ ප්‍රචාරය නොවන්නේ යැයි සිතමින් කල් මරන්නට සිත් නොදේ. විජිත් සිය ගායන දිවියේ 25 වසර සැමරීම පිණිස මේ දිනවල සූදානමින් සිටින්නේ ඒ නිසාය.

'මම ගායන ක්ෂේත්‍රයට පිවිසිලා මේ වෙනකොට 25 වසරක් සපිරෙනවා. මේ දිර්ඝ කාල සීමාව තුළ මම ආවේ හිමින් ගමනක්. ගීත නිර්මාණ වුණත් මහා ලොකු ගණනක් නැහැ. නමුත් ඒ කාලේ මම ගායනා කරපු සමහර ගීත අතිශයින්ම ජනප්‍රිය වුණා. ගීත ශ්‍රාවකයෝ ඒවා ආදරයෙන් වැලඳ ගත්තා.

මගේ ගායන දිවියේ 25 වසර සමරන්නට මම ගී ප්‍රසංගයක් සංවිධානය කළා. මෙම මස 26 වැනි දින සවස 6.30 ට බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී 'ආදර ලෝකය' සංගීත ප්‍රසංගය පැවැත්වෙනවා.

මෙම ප්‍රසංගයේ ගීත ගායනය සඳහා ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සම්බන්ධ වේ. රෝහණ බෝගොඩ , ජගත් වික්‍රමසිංහ, සෝමසිරි මැදගෙදර ආදීන් විජිත් විසින් ගායනා කළ ගීත ඔවුන්ගේ හඬින් එදින ගයනු ලැබේ. යුග ගායන සඳහා චම්පා කල්හාරි, ධම්මිකා වල්පොල හා විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් එක් වේ.

'ප්‍රසංගයේදී ගායනා කරනු ලබන මව්ගුණ ගීතය ගයන්නට මගේ අයියා සුදත් සිල්වා එක් වෙනවා. ඒ එක්කම රණවිරු ගීතයට කෝරස් කරන්න පිරිසකුත් එක් වෙනවා. ප්‍රසංගය නරඹන්නත් රණවිරු සෙවණේ රණවිරුවන් රැසක් එකතු වෙනවා'.

විජිත් ගායන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කුඩා කල සිටම ඒ වෙනුවෙන් වූ දක්ෂතාවය හා ඇල්ම නිසාය. එහෙත් ඔහු වෘත්තීය ජීවිතය අරඹන්නේ ඡායාරූප ශිල්පියෙකු වශයෙනි. ඡායාරූප ශිල්පය ඔහුට සිය පවුල් උරුමයක් ලෙසින් ලැබෙන්නෙකි. විජිත්ගේ පියා ගුණසිරි සිල්වා එකල රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් ළඟ සේවය කළ ඡායාරූප ශිල්පියෙකි. එකල ප්‍රේ්මදාස මැතිතුමා සමඟ රට පුරා පැවති ගම්උදා වැඩසටහන්වලට ගිය පියා සහභාගි වන අන්දම නිතර දෙවේලේ විජිත්ට ඇස ගැටෙන්නට විය. පියාගේ ඇවෑමෙන් විජිත්ගේ වැඩිමල් සොයුරා සුදත් සිල්වා ද ඡායාරූපකරණයට එක් විය. පියාගේ ඡායාරූප ශාලාව වූ 'ගුණසිරි ස්ටුඩියෝව' පවත්වාගෙන යාම බාර වූයේ විජිත්ටය.

'මම ගායකයෙකු වූයේත් අහම්බෙන්. පුංචි කාලේ ඉඳලා මම සංගීතය පැත්තට උනන්දුයි. මට දවසක් මමෝජ් රූපසිංහ පත්‍රකලාවේදියා සංගීතඥ නිමල් ගුණසේකර මහත්මයාව හඳුන්වලා දුන්නා. එතුමාත් සමඟ එකතු වෙලා ගීත 04 ක් කළා. ඒ ගීත 04 ජනප්‍රිය වුණා. නමුත් ඒ වෙනකනුත් මම ගුවන් විදුලි ගායන ශිල්පියෙක් නොවෙයි. දවසක් මට ඉන්ද්‍රවංශ පෙරේරා මුණ ගැහිලා කිව්වා ඔයා සින්දු කිව්වට හරි යන්නේ නෑ, ගුවන් විදුලි ගායකයෙක් වෙන්න නම් සරල ගී පරීක්ෂණයකට ඉදිරිපත් වෙන්න කියලා. එතුමාම ඇප්ලිකේෂන් එක පුරවලා සනත් නන්දසිරි මහත්තයා ළඟට මාව දැම්මා. මම සරල ගී පරීක්ෂණයට සහභාගි වෙලා බී ශ්‍රේණීයේ ගායකයෙක් බවට පත් වුණා.

එදා ආදරේ කියූ
තරුව ඔබ රැයේ . . .
දුර ඈත ගඟනෝදරේ
පියඹා ගියත් ඔබ දෙනුවන් තෙමා

මා ගාව රැඳිලා තියේ . . .

විජිත් ගැයූ පළමු ගීත හතර මඳක් ජනප්‍රිය වීමෙන් පසු ඔහුට ස්ටැන්ලි පීරිස්, මහින්ද බණ්ඩාර වැන්නන්ගේ ඇසුර ලැබිණ. ඒ අනුව මහින්ද බණ්ඩාර හ අශෝක පීරිස් නිර්මාණය කළ ගී තනුවලට ඔහු ගැයූ ගීත දෙකක් අතිශයින්ම ජනප්‍රිය විය.

'සඳ කිඳුරී සිහින සළුවේ
රළ රැළි මත නැලවිලා
නුඹ එනදා . . . කවදා'

මහින්ද බණ්ඩාර තනු නිර්මාණය කළ එම ගීතය විජිත් ද සිල්වාගේ අනන්‍යතාවය මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ තහවුරු කරන්නට හේතු වුවක් විය.

'ආදර ලෝකය ඔබගේ
ඇයි සිඳ බිඳ වැටුණේ . . .'

ගීතය ද විජිත්ගේ ජනප්‍රිය වූ ගී අතරට වැටෙන්නකි. එහි ගී තනු නිර්මාණ අශෝක පීරිස්ගේය. මෙසේ වරින්වර ගායන කරන ලද ගීත එක් කරමින් ඔහු කැසට්පට නිර්මාණයට ද එක් විය. ඔහුගේ පළමු නිර්මාණ එකතුව 'පමා වූ යාමේ' විය. දෙවැන්න 'ආදර ලෝකය' නමිනුත් තෙවැන්න 'මතක සුවඳ' නමිනුත් එකල ඔහු විසින් ගීත එකතු නිකුත් කළේය.

'ඇත්තටම වර්තමානයේ ඉන්න ගීත ශ්‍රාවකයෝ නම් මම ගැන දන්නේ නැතුව ඇති. මම අලුතින් නිර්මාණකරණයේ යෙදුණෙත් නෑ. අනෙක් කාරණාව 90 දශකයේ ජනප්‍රිය වූ ඒ ගීත දැන් ඇහෙන්නෙත් නෑනේ. මම තවමත් කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා. දැනට පැදුරු සාජ්ජවල ගීත ගායනා කරනවා. වර්තමානයේ සංගීත ක්ෂේත්‍රයේ තිබෙන තත්ත්වය මත කාලෙකින් අලුත් නිර්මාණ නම් එළිදැක්වූවේ නැහැ. නමුත් ළඟදී කරපු ගීත කිහිිපයක් යූ ටියුබ් එකෙන් අහන්න පුළුවන් වෙයි.

කෙහොම වුණත් මගේ ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලත්දී මට සතුටක් තියෙනවා. මගේ හැකියාවෙන් කලා ක්ෂේත්‍රයට යමක් මම එකතු කළා. ඉදිරිය ගැන ඉතින් අපට කියන්න බෑ. අනාගතයට එන විදියට මුහුණ දෙනවා. මගේ පෞද්ගලික ජීවිතේ දිහා බලනකොටත් මට සතුටුයි. මගේ පුතා පරිගණක විද්‍යා අංශයෙන් ඉගෙන ගෙන දැන් ජර්මනියේ ඉන්නේ. දුව මේ අවුරුද්දේ අ. පො. ස. සා. පෙළ විභාගය ලියනවා. අවසාන වශයෙන් මම හැම දෙනාටම ආරාධනා කරනවා මගේ ප්‍රසංගය බලන්න එන්න කියලා.