වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




ඇඩ්ඩ්‍රස් නෑ

ඇඩ්ඩ්‍රස් නෑ

මේ දවස්වල ඔය උත්සව පාර්ටි වැඩිපුර තියෙන නිසා අපේ කට්ටිය ඩෝප් වෙන අවස්්ථා වැඩියි. ඒ වගේ කතාවක් අපි පසුගිය සතියේ කිව්වනෙ. මේත් ඒ වගේ සිදුවීමක්. මාධ්‍ය ලෝකයේ නමක් දිනාගත් අපේ සහෘදයකුට උත්සව අවස්ථාවකදී අධ්‍යක්ෂවරයකුගෙන් කෝල් එකක් ඇවිල්ලා. උඹ ගාව තියෙනවා නම් රමේෂ් උවයිස්ගේ නම්බරය දීපංකො.

අධ්‍යක්ෂවරයා අනෙක් අන්තයේ සිට මේ අන්තයේ සිටිය මිතුරාට කිව්වලු.

'ඔහොම හිටපං මං දෙන්නම්'

අපේ මිතුරා රමේෂ්ගේ නම්බරේ දීලා. වැඩේ කියන්නේ අර මිත්‍රයගේ අල්ලපු ආසනයේ තමයි එවලේ රමේෂ් උවයිස් වාඩිවෙලා ඉඳලා තියෙන්නේ. මඳ පමණට අරගෙන තිබුණු නිසා තමා එහා පැත්තේ හිටපු මිතුරාවත් පෙනිලා නැහැලු.