වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




කැලෑහඳ වැඩ ඇරඹේ

කැලෑහඳ වැඩ ඇරඹේ

ඩබ්ලිව් ඒ. ද සිල්වා ගත් කතුවරයාගේ කැලෑහඳ කෘතිය ඇසුරෙන් නිර්මාණය වන කැලෑහඳ ටෙලි සිතුවමේ මුහුරත් උලෙළ පසුගියදා ජාතික රූපවාහිනී පරිශ්‍රයේදී පැවැත්විණ.

සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ දයාරත්න රටගෙදරගේ අධ්‍යක්ෂණයෙන් නිම වන මෙහි ජෝන් ජයපාල ලෙස අරවින්ද දොඹගහවත්ත සහ මාලනී ලෙස තාරුකා වන්නිආරච්චි ප්‍රධාන චරිත නිරූපණයේ යෙදෙති.

විජේරත්න වරකාගොඩ, ජනක් ප්‍රේමලාල්, වීණා ජයකොඩි, සුමිත් මුදන්නායක, රත්නා සුමනපාල, හේමන්ත ඊරියගම, හැරී විමලසේන, ජගත් බෙනරගම, සරත් කුලාංග, අංජන ප්‍රේමරත්න, අනෝජා මනතුංග, උදේනි නදීකා ඇතුළු පිරිස සෙසු චරිත රංගනයේ යෙදෙති.

කොටස් හතළිහකින් යුතු ටෙලි සිතුවමක් වන කැලෑහඳ නිමල් උඳුගොඩ සහ ආරියනන්ද දොඹගහවත්තගේ නිෂ්පාදනයකි.