වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




සුපිරි ක්‍රියාදාම පිරි දෙමළ චිත්‍රපටයක් VIVEGAM

සුපිරි ක්‍රියාදාම පිරි දෙමළ චිත්‍රපටයක් VIVEGAM

කොලිවුඩ් නළු අජිත් කුමාර්ගේ රංගනයක් මීට පෙර දකින්න ලැබුණේ 2015 වසරේදීය. එනම් ශිවා විසින් අධ්‍යක්ෂණය කළ Vedalam  චිත්‍රපටයෙනි. පසුගිය වසර පුරාවටම අජිත් කුමාර්ගේ රංගනයක් දකින්න නොලැබුණු රසික රසිකාවන්ට ලැබෙන අලුත්ම සුබ ආරංචිය ඔහුගේ රංගනයෙන් ඔපවත්වන නවතම දෙමළ සිනමා නිර්මාණයක් ගැනයි.

කොලිවුඩ් රසික රසිකාවන් අජිත් කුමාර් අමතන්නේ තාලා යන අනවර්ථ නාමයෙනි. නළුවකු පමණක් නොව ඔහු අන්තර්ජාතික මෝටර් රථ ධාවන සූරයෙක්ද වේ. 1990 වසරේදී En Veedu En Kanavar නම් චිත්‍රපටයේ කුඩා චරිතයකට පණ පොවමින් දෙමළ සිනමාවට පිවිසි තාලා හෙවත් අජිත් කුමාර් මේ වන විට දෙමළ චිත්‍රපට 56කට දායක වී තිබේ. ඔහුගේ 57 වැනි චිත්‍රපටය Vivegam නම් වේ.

Vivegam චිත්‍රපටය අධ්‍යක්ෂණය කෙරුණේද ශිවා විසිනි. ශිවා සහ අජිත් එක්ව කටයුතු කරන තෙවැනි අවස්ථාව මෙය වේ. Vedalam  චිත්‍රපටයට පෙර 2014 වසරේදී ඔවුහු ඍඥඥපචථ චිත්‍රපටය රිදී තිරයට ගෙන ආහ. Vivegam යනු කුමක් හෝ සිදු වේවි නැතහොත් සිදු වෙන්නට පෙර සුපරික්ෂාකාරීවීම අර්ථය ගෙන එයි. ත්‍රාසජනක රහසිගත මෙහෙයුමක කතාවක් ගෙන එන Vivegam අද (අගෝස්තු 24) වැනිදා සිට ලොව පුරා රිදී තිරයේ දිග හැරේ.

ජාත්‍යන්තර පොලිස් නිලධාරියකුගේ ජීවිතය වටා මෙහි කතාව ගෙතී ඇත. එහිදී තමිල්නාඩුවේ අපරාධයක් පිළිබඳ තොරතුරු සොයා යන මෙම පොලිස් නිලධාරියාට එය යුරෝපය දක්වා ඇදී යාමත් ඒ සමඟින් ඔහු මුහුණ දෙන ත්‍රාසජනක සිදුවීම් පෙළ Vivegam ලෙසින් රිදී තිරයේ දිස් වේ. පොලිස් නිලධාරියාගේ චරිතයට පණ පොවන්නේ කොලිවුඩයේ සුපිරි තරුව අජිත් කුමාර් ය.

මෙහි සතුරු චරිතයට පණ පොවන්නේ බොලිවුඩ් නළු විවේක් ඔබරෝයි විසිනි. නිෂ්පාදක කණ්ඩායම තිරරචනය අවස්ථාවේ පටන්ම මෙම සතුරු චරිතය වෙනුවෙන් බොලිවුඩ් නළුවකු තෝරා ගැනීමේ අදහසේ සිටි අතර මුලදී ඒ වෙනුවෙන් අභිෂේක් බච්චන්ගේ නම ද යෝජනා වී තිබුණි. අවසානයේදී ඒ වෙනුවෙන් විවේක් ඔබරෝයි තෝරා ගැනුණු අතර මෙය විවේක් රංගනයෙන් දායක වන දෙවැනි කොලිවුඩ් චිත්‍රපටයද වේ. මීට පෙර ඔහු රාම් ගෝපාල් වර්මාගේ 'අචබඩබඩච ඉචපඪබඩඪපචථ' දෙමළ චිත්‍රපටයට දායක වීය.

Vivegam චිත්‍රපටය තවත් සුවිශේෂි රංගන ශිල්පීන් ශිල්පිනියක් පිරිසකගේ එකතුවකින් නිර්මාණය වී ඇත. එහිදී කොලිවුඩයේ සුරූපි නිළියක වන කජාල් අග්‍රවාල් ප්‍රථම වරට අජිත් සමඟින් රංගනයේ යෙදෙන්නේ ඔහුගේ බිරිය ලෙසිනි. දකුණු ඉන්දීය සුපිරි නළු කමල හසන්ගේ දෙවැනි දියණිය අක්ෂාරා හසන් සිනමා රංගාභිෂේකය ලබන්නේද Vivegam චිත්‍රපටයෙනි. මෙහි ඇයගේ චරිතය ඉතාම වැදගත් එකක් වී අති බවත් ආරංචියි.

Vivegam නිෂ්පාදන වී ඇත්තේ සෙන්ධිල් ත්‍යාගරාජන්, අර්ජුන් ත්‍යාගරාජන් සහ ටී. ජී ත්‍යාගරාජන් එකතුවෙන් වන අතර නිෂ්පාදක කණ්ඩායමේ අදහස අනුව ආරම්භයේදී මෙම චිත්‍රපටයට 'ඒම්57' හෝ 'ඊඩචතච57' ලෙසින් නම් තැබීමට බලාපොරොත්තු වුවද පසුව එය Vivegam ලෙසින් නම් කෙරුණි. Vedalam  චිත්‍රපටයේදී සිදු වූ අනතුරක් හේතුවෙන් අජිත් කුමාර් මාස හත අටක්ම සිනමාවෙන් දුරස් සිටින්නට සිදු වූයේ පාදයේ සහ උරහිසේ ආබාධ ඇති වීමෙනි. Vivegam තිරරචනය ලියවෙන විටත් ඔහු ගමන් කළේ, කිහිලිකරු ආධාරයෙනි. නමුත් මුලදී මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට අජිත්ගේ දායකත්වය ගත හැකි වේවිද යන්න ගැටලුවක්ව පැවති බවත් මේ කාලය තුළ ඔහු දිනකට පැය පහ හයක් ව්‍යායාම්කර තම සිරුර සකසා ගත් බවත් කොලිවුඩ් ආරංචි මාර්ග ගෙන එනවා. Vivegamහි රූගත කිරීම් පසුගිය ආරම්භ කෙරුණේ 2016 වසරේදී ස්ලොවේනියාවේදීය. පසුව බල්ගේරියාව, ඇතුළු යුරෝපයේ විවිධ ස්ථන මෙන්ම ඉන්දියාවේ හයිද්‍රාබාද් සහ චෙන්නායිහිදී ද රූගත කිරීම් සිදුකර ඇත.

Vivegam චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් කිරීම සමඟින්ම එය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගැනීමට සමත් වී ඇත. ඉන්දීය සිනමා ආරංචි ගෙන එන්නේ, Vivegam සුපිරි ක්‍රියාදාම ජවනිකා ඇතුළත් ඉහළ මට්ටමේ සිනමා නිර්මාණයක් ලෙසින් ජාත්‍යන්තර අවධානයට ලක්වනු ඇති බවයි. කේරළයෙන්ද මේ වන විට මෙම චිත්‍රපටයට ඉහළ ඉල්ලුමක් පවතින අතර එම ප්‍රචාරක අයිතිය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 4.25ක අවසරයක් ලබා ගෙන ඇති බවත් එය මලයාලම් චිත්‍රපට කෙරෙහි ද තර්ජනයක් වීමට ඉඩ ඇති බවත් එයින් කියවේ.