වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




ද්‍රෝහීන් කලඹන වීරයෙක්

ද්‍රෝහීන් කලඹන වීරයෙක්

Renegades යන්නෙහි තේරුම ද්‍රෝහීන් නම් වේ. Renegades ගෙන එන්නේ නාවික විශේෂ කාර්ය බලකායක් මුහුණ දෙන ත්‍රාසජනක සිදුවීම් පෙළක් පිළිබඳවය. සර්බියානු යුද්ධයට ගිය සොල්දාදුවන් පිරිසක් බොස්නියානු වැවක ඈත අතීතයේ සැඟවුණු අභිරහසක් හෙළිදරව් කර ගැනීමට දරනා වෑයම Renegades ඔස්සේ රිදී තිරයට ගෙන එනවා.

Renegades තිරගතවීමට නියමිත යුධමය කතාපුවතක් ගෙන එන ක්‍රියාදාම චිත්‍රපටයකි. Final Destination 5, Into the Storm වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ස්ටීන් ක්වෝලේ විසින් අධ්‍යක්ෂණය කෙරුණු Renegades ප්‍රදර්ශනය දිනෙන් දින කල් දමන චිත්‍රපටයක් ලෙස හොලිවුඩයේ ජනප්‍රියත්වයක් දිනාගත් චිත්‍රපටයකි.

2015 මාර්තු මාසයේදී නිෂ්පාදක කණ්ඩායම තීරණය කළේ මෙම චිත්‍රපටය 2016 ජුලි මාසයේදී තිරගත කිරීමටයි. නමුත් 2016 වසරේ පෙබරවාරි මාසයේදී එම තීරණය වෙනස් වී 2017 ජනවාරි 20 වැනිදා තිරගත කිරීමේ තීරණයට පැමිණි අතර යළිත් 2016 මැයි මාසයේදී එම දිනය 2017 ජනවාරි 27 ලෙසින් වෙනස් කෙරුණි. නැවතත් පෙර පරිදිම 2016 නොවැම්බර් මාසයේදී 2017 පෙබරවාරි 03 වැනිදා තිරගත කිරීමට තීරණය කළ ද පසුගිය ජනවාරි මාසයේදී ඔවුන් තීරණය කළේ Renegades ලබන සැප්තැම්බර් පළමු වැනිදා තිරගත කිරීමටයි. කෙසේ නමුත් පසුගිය ජූලි මාසයේදී ගත් තීරණකට අනුව එයද වැළකී ගොස් ඇති අතර Renegades චිත්‍රපටය තවමත් තිරගත කෙරෙන දිනයක් ස්ථීර වශයෙන් නිකුත් කර නොමැත. එනිසාම මෙය Renegades චිත්‍රපටය සතු සුවිශේෂ ලක්ෂණයක් වනු නොඅනුමානය.

Renegades යන්නෙහි තේරුම ද්‍රෝහීන් නම් වේ. Renegades ගෙන එන්නේ නාවික විශේෂ කාර්ය බලකායක් මුහුණ දෙන ත්‍රාසජනක සිදුවීම් පෙළක් පිළිබඳවය. සර්බියානු යුද්ධයට ගිය සොල්දාදුවන් පිරිසක් බොස්නියානු වැවක ඈත අතීතයේ සැඟවුණු අභිරහසක් හෙළිදරව් කර ගැනීමට දරනා වෑයම Renegades ඔස්සේ රිදී තිරයට ගෙන එනවා.

මුහුද, ගොඩබිම් සේම ගුවනේ දස්කම් දක්වන යුද සෙබළුන් ගැන කියවෙන අමෙරිකානු චිත්‍රපට රැසක් මේ වන නිර්මාණය වී ඇති අතර අඥදඥඨචඤඥඵ ද අයත් වන්නේ එම නිර්මාණ අතරටය. එසේම ඒ නිර්මාණ අතරින් ඇතැම් ඒවා සත්‍ය සිදුවීම් පාදක කොට ගෙන නිර්මාණය වී ඇති ඒවා වේ. Captain Phillips, American Sniper, 13 Hours: The Secret Soldiers of Benghazi,Lone Survivor ඒ අතරින් කිහිපයකි.

ඉංග්‍රීසි බසින් ගෙන එන Renegades චිත්‍රපටය ප්‍රංශ සහ ජර්මන් නිෂ්පාදනයකි. එය නිර්මාණයට යූරෝ මිලියන 66ක වැය වී ඇත. මෙහි ප්‍රධාන නළු චරිතයට පණ පොවන්නේ, ඔස්ට්‍රේලියානු ජාතික නළු සුලයිවාන් ස්ටෙපල්ටන් විසිනි. ජේ. කේ සිමොන්ස්, චාර්ලි බෙව්ලි, ඩියාර්මන්ඩ් මර්තා ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති. Renegades චිත්‍රපටය බෙදාහරිනු ලබන්නේ යුරෝපා කෝප් සහ STX එන්ටටේන්මන්ට් විසිනි.