වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




නමක් නැති කතාවක්

නමක් නැති කතාවක්

ටෙලි නාට්‍ය නිෂ්පාදක අමරසේන වඩුගේ ක්ෂේත්‍රයේ ්කොයි කා අතරෙත් හිත හොඳ චරිතයක්. ඔහුගේ පුතුගේ ිවිවාහ මංගල උත්සවය පසුගියදා ජයටම පැවැත් වුණා. ඊට දින කිහිපයකට කලින් පත්තරේක යාළුවෙක් වඩුට කෝල් එකක් දුන්නා.

'මේ උඹගෙ පුතාගේ නමයි ලේළිගේ නමයි කියපං අපේ පත්තරේට නිවුස් එක දාන්න.

වඩුගේ උඩ බිම බැලුවා.

පුතාගේ නම නම් දන්නව. ඒත් ලේළිගේ නම නේද . . . .

වඩුගේ කල්පනා කරනවා.

පොඩ්ඩක් ඉන්න. මං ටිකකින් අරගෙන කියන්නම්.

එහෙම කියපු වඩුගේ දුරකතනය විසන්ධි කළා. මේ ඩිංගට වඩූට ලේළියගේ නමත් අමතක වෙලා.