වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




උමයංගනාට පැසසුම්

උමයංගනාට පැසසුම්

සාමාන්‍යයෙන් චිත්‍රපටයක ප්‍රචාරණ කටයුතුවලට එහි රඟපාන නළු නිළියන් සහභාගී වෙනවා. ඒක ලෝක සම්ප්‍රදායක්.

නමුත් අපේ රටේ බහුතරයක් නළු නිළියන් ඉන්නේ චිත්‍රපටයක රඟපාලා සල්ලි ගන්නකම් විතරයි. ප්‍රමෝෂන් වැඩවලට ඇත්තෙම නෑ. එහෙම චිත්‍රපටයක රඟපාලා එහි ප්‍රචාරණ කටයුතුවලට නළු නිළියෝ පැමිණීම අරුමයක් නෙමෙයි.

නමුත් තමන් රඟපාන වේදිකා නාට්‍යයක ප්‍රචාරණ වැඩ කටයුතුවලට එහි රඟපාන නිළියක සහභාගි වෙනවා කියලා කියපුවම ටිකක් ඒ ගැන හොයලා බලන්නට හිතෙනවා. පළමුව ඒ නිළිය කවුද කියලා දැනගන්නටත් හිතෙනවා.

මෙයා තමයි උමයංගනා වික්‍රමසිංහ. ඇය රඟපාන වේදිකා නාට්‍යයක් තියෙනවා රජා මං වහලා කියලා. උමයංගනා පසුගිය නාට්‍ය උළෙලේ හොඳම නිළිය ලෙස සම සම්මාන ලැබුවේ එම නාට්‍යයේ රඟපාලා. එහි කෘතගුණ දක්වන්නට වෙන්නට ඇති ඇය එහි ප්‍රචාරණ වැඩවලට දායක වන්නේ.

බොහෝ විට රජා මං වහලා හි නිවුස් පවා පත්තරවලට යවන්නේ උමයංගනා. ඒක ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ ප්‍රශංසා මුඛයෙන්.