වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




‘ඈත රන් විමන් තුළින්’ මුලින්ම ගැයුවේ’ ප්‍රියාද? ක්ලැරන්ස් ද?

‘ඈත රන් විමන් තුළින්’ මුලින්ම ගැයුවේ’ ප්‍රියාද? ක්ලැරන්ස් ද?

මෝදර එම්. ආර්. සී. ඩයස්

ප්‍රශ්නය - ප්‍රසංග වේදිකාවේ දක්ෂතම නර්තන ශිල්පියා කවුද?

පිළිතුර - මම හිතන හැටියට ටෝනි ෆර්ඩිනැන්ඩස්.

අත්තනගල්ලේ විමලසේන හපුතන්ත්‍රි

ප්‍රශ්නය - ‘ඈත රන් විමන් තුළින්’ ගීතය මුලින්ම ගැයුවේ ප්‍රියා සූර්යසේන ද? ක්ලැරන්ස් විජේවර්ධන ද?

පිළිතුර- ක්ලැරන්ස්. පසුව ඔහු එය ප්‍රියාට දුන්නා.

මාතලේ ධර්මා ඒකනායක

ප්‍රශ්නය - සංගීතඥයන්ට ‘මාස්ටර්’ කියා කියන්නේ ඇයි?

පිළිතුර - මහ සංගීතවේදීන්ට කියන්නේ ‘මහේස්ත්‍රෝ’ කියායි. ඒ අනුව තමයි මාස්ටර් නම හැදිලා තියෙන්නේ.

ඉහල තල්දුවේ ආනන්ද වික්‍රමආරච්චි

ප්‍රශ්නය - ‘කර්තෘ අඥානයි’ කියන්නේ කුමක්ද?

පිළිතුර - ‘කර්තෘ අඥානයි’ කියන්නේ ඔහුට මොළේ නැහැ කියන එකයි. ඔබ අහන්නේ ‘කර්තෘ අඥාතයි’ කියා විය යුතුයි. එහි තේරුම පොතේ කතුවරයා සොයාගත නොහැකි බවයි. සමහර පරණ පොත් තියෙනවා ලිව්වේ කවුද කියලා හොයාගන්න බැරි.

මූදුකටුවේ නව එක්සත් මාවතේ මිල්ටන් ප්‍රනාන්දු

ප්‍රශ්නය - රන්ජන් මෙන්ඩිස් රඟපෑවේ ‘පළඟැටියෝ’ චිත්‍රපටයේ පමණක්ද?

පිළිතුර - නැහැ. අපේක්ෂා, අනුපමා, සසරක පැතුම් වැනි චිත්‍රපටවලත් ඔහු රඟපෑවා.

මාවනැල්ලේ උපාලි අමරසිංහ

ප්‍රශ්නය - ලෝකයේ මුල්ම කතානද චිත්‍රපටය කුමක්ද? එහි අධ්‍යක්ෂවරයා කවුද?

පිළිතුර - ‘ජෑස් සිංගර්’. මෙහි අධ්‍යක්ෂවරයා ඇලන් ක්‍රෙස්ලන්ඩ්.

කොටුගොඩ යාගොඩමුල්ලේ සුනිල් චන්ද්‍රසේකර

ප්‍රශ්නය - එඩ්නා සුගතපාල රඟපෑ චිත්‍රපට මොනවද?

පිළිතුර - ‘ සෙනෙහස’ ‘සැනසුම කොතැනද’, ‘මිරිඟුව‘, සූරයන්ගෙත් සූරයා’ ‘වීදුරු ගෙවල්’, ‘මේ දෑස කුමටද’

අංගොඩ ඩබ්. ඒ. විජේසිරි පෙරේරා

ප්‍රශ්නය - චිත්‍රපටයක රඟපෑම සඳහා හිස මුඩු කළ පළමු නිළිය කවුද?

පිළිතුර - මා හිතන විදියට සුභාෂිනි අතුකෝරල විය යුතුයි. ඒ ‘රන්සළු’ චිත්‍රපටය වෙනුවෙන්.

පාදුක්කේ වටවල ආරියදාස පිංදෙණිය

ප්‍රශ්නය - ‘දුප්පතාගේ දුක’ චිත්‍රපටියේ නිෂ්පාදකවරයා කවුද?

පිළිතුර - කේ. ගුණරත්නම්. මෙය සිනමාස් නිපැයුමක්.

මීටියාගොඩ මරදානවත්තේ එච්. ඇල්. තිලකසිරි ද සිල්වා

ප්‍රශ්නය - ජනප්‍රිය නිළි කාන්ති ගුණතුංග රඟපෑ මුල්ම චිත්‍රපටිය කුමක්ද?

පිළිතුර - සුරඟනි.

රන්මුතුගල සරත් ලියනගේ, ජාඇල ‘රත්නාවලී’ සිනමාහලේ ආතර් ජයකොඩි

ප්‍රශ්නය - ආනන්ද ජයරත්න පිළිබඳ ඔබේ අදහස දක්වන්න? ඔහු සිහිකර සම්මානයක් ලබා නොදෙන්නේ ඇයි

පිළිතුර - ඔහු දක්ෂ නළුවෙක්. රංගනයේ දකුණු ඉන්දීය ශෛලිය වෙනුවට ඔහු බටහිර ශෛලියක් මුසු කළා. ඔහු සිහිකර සම්මානයකින් පුදන්න වටිනවා. ඒත් නොදෙන්නේ ඇයිදැයි මා දන්නේ නෑ.

මේ අයත් ප්‍රශ්න එවා තිබුණා. ගල්ලෑල්ලේ එම්. විජේ්සේකර, මඩකළපුව හිරුනිකා දිල්ෂානි සසිදරන්, වත්තල හේකිත්තේ ලක්ෂ්මන් රණසිංහ, තඹුත්තේගම මානෙල් හා දර්ෂිකා, දංකොටුවේ කෝසල ප්‍රනාන්දු, නිකවැරටියේ සුනිල් ජයකොඩි, ගම්පහ හල්වල ජයලත්.

ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න

‘සුමිගෙන් අහන්න’

‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10.