වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




වියෝවෙන් කම්පිතව

වියෝවෙන් කම්පිතව

අපේ විජේරත්න වරකාගොඩ උන්නැහේගේ දයාබර බිරිය වූ චිත්‍රා වරකාගොඩ පසුගිය දිනවලදී හිටියේ හුඟක් කණගාටුවෙන්. ඒ ඇය නොසිතූ විරූ සිදුවීමකට මුහුණ පාන්නට සිදු වුණ හින්දා. ඇයගේ දයාබර මෑණියන් හදිසියේම අභාවප්‍රාප්ත වුණා. එතකොට ඇයට වයස අවුරුදු අනූ නවයක්.

මවගේ සියවැනි උපන් දිනය යෙදි තිබෙන්නට නියමිතව තිබුණේ එළඹෙන දෙසැම්බරයේ. චිත්‍රා ඒ වෙනුවෙන් දැවැන්ත උත්සවයක් සංවිධානය කරලා තිබුණා. වසරක පමණ කාලයක සිටයි තම මවගේ සිය වැනි උපන් දින සැමරුම සඳහා සූදානම් වුණේ.

ඒ අල්ලපනල්ලේ චිත්‍රා කොළඹ කැම්පස් එකෙන් අවුට් වෙලා වසර පණහක් සපිරුණා. ඒ වෙනුවෙන් ද විශේෂිත වූ උත්සවයක් සංවිධානය වෙලා තිබුණා. ජයනාත් වරකාගොඩ හෙවත් විජේරත්න - චිත්‍රාගේ පුතු තමයි එහි ඉවෙන්ට් මැනේජර්. එම උත්සවය හෙට නම් අද තමයි චිත්‍රාගේ මෑණියන් මෙලොවින් සමුගත්තේ. ඇයට නම් මේ සිදුවීම දැඩි කම්පනයකට හේතු කාරණා වුණා. ඒ හින්දා චිත්‍රා සියලු උත්සවයන් අත්හිටුවන්නට වුණා.