වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




රයිගමයාගේ සහ ගම්පලයාගේ අලුත් කතාව

රයිගමයාගේ සහ ගම්පලයාගේ අලුත් කතාව

සු ල් ටීගේ 64 වැනි 64 මායම්

රයිගමයා සහ ගම්පලයා යනු අප දන්නා ජනවහරේ එන දෙදෙනෙකි. සොයිසා සහ සිල්වා ද එබන්දෝය. දෙදෙනාම ළඟින් ගියොත් ඇහැක් නැත. සොයිසාත් සිල්වාත් එකතු වූ කළ ලෝකයම කණපිට පෙරළන්නේය. නොවිකිණෙන ඉඩමක්, දුවන්න බැරි රථයක් පහසුවෙන් අලෙවි කරන්නට ඔවුහු සමත්ය. මඟුල් කපුකම ද කරන්නේය. නොකරන්නේ යහපත් දේවල්ය.

දිනක් සොයිසාට සහ සිල්වාට සාදයකට ඇරැයුම් ලැබෙන්නේය. දෙදෙනාම දකින දකින දේ ආහාරයට ගනිති. බඩජාරිකමට පාඩමක් ලැබිණි. දෙදෙනාම රෝහලේය. ඔවුන් අසල ඇති අනෙක් අඳෙහි තවත් රෝගියෙකි. හොරුන්ගෙත් හොරු කම්බා හොරු කීවා සේ ඔහු ද සොරෙකි. පොලිස් අත් අඩංගුවෙහි පසුවන එම තැනැත්තා හීනෙන් දොඩවන්නෙකි. තමන් සොරකම් කළ මැණිකක් ගැන දොඩවයි. එය සිල්වාටත් සොයිසාටත් අසල සිටින රයන් නමැති තරුණයකුට ඇසෙයි. ඔවුන් තිදෙනා එකිනෙකාට හොරෙන් රෝහලෙන් පැන යන්නේ මැණික සොයා ගැනිමේ අරමුණින්ය. මැණික ඇත්තේ මැටි භාණ්ඩ විකිණීමට ඇති කඩයකය. සිල්වා, සොයිසා සහ රයන් වරින්වර ගොස් මැණික ගැන තොරතුරු සොයන්නේය. එම නිවසේ සිටින නිලුකා නමැති තරුණිය සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නේ තවත් අරමුණු පෙරදැරිවය. සොයිසා, සිල්වා සහ රයන් තිදෙනාම හොරෙන් මැණික සොයා යද්දී ඔවුනොවුන් ද හමු වන්නේය. මේ හේතුවෙන් ඔවුනොවුන් අතර ද ගැටුම් හට ගන්නේය.

අවසනදී මැණික හිමි වන්නේ කාටද? හැට හතර මායම් සිනමාපටය නිමාව දකින්නේ එම තීන්දුව සමඟිනි. එය සුනිල් ටී. ප්‍රනාන්දුගේ හැට හතර වැනි සිනමා නිෂ්පාදනයයි. හාස්‍යෝත්පාදක සිනමාපටයක් වන හැට හතර මායම් සුදේශ් වසන්ත පීරිස්ගේ අධ්‍යක්ෂණයකි. කතාව, දෙබස්, තිර රචනය ද සුදේශ්ගෙනි. මෙහි සොයිසා ලෙස විජය නන්දසිරි රංගනයේ යෙදෙයි. හැටහතර මායම් ඔහු රඟපෑ අවසන් චිත්‍රපට අතරින් එකකි.

හැට හතර මායම් හි සෙසු නළු නිළියන්:

මහින්ද පතිරගේ, සුසිලා කෝට්ටගේ, රිචඩ් මානමුදලි, විශ්ව ලංකා, නිරෝෂා තලගල, විශ්ව කොඩිකාර, හර්ෂ පද්මරත්න, මේනකා මධුවන්ති, සරත් චන්ද්‍රසිරි, නිල්මිණි කෝට්ටෙගොඩ, ඩී. බී. ගංගොඩතැන්න, පවිත්‍රා වික්‍රමසිංහ, කපිල සිගේරා, ජීවන් හඳුන්නෙත්ති.

හැට හතර මායම් හි නිෂ්පාදන කණ්ඩායම :

කැමරා අධ්‍යක්ෂණය - ගාමිණී මොරගොල්ලාගම

සංගීත අධ්‍යක්ෂණය - කේෂාන් පෙරේරා

කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම

සංස්කරණය - අනුර බණ්ඩාර

කොණ්ඩා සැකසුම සහ ඇඳුම් නිර්මාණය - කිරන් ජී. සොයිසා

අංග රචනය - රොඩ්නි වැන්ටුවෙස්ට්

ගායනය - පූර්ණ සචින්ත, ලන්කා පෙරේරා, චමත්කා පීරිස්, මහින්ද පතිරගේ, රිචඩ් මානමුදලි

ගී පද රචනය - සුනිල් ධර්මසිරි, චතුරංග හෙට්ටිගේ

නර්ථන අධ්‍යක්ෂණය - තුෂානි වීරක්කොඩි

රේඛීය නිෂ්පාදනය - සුනිල් ධර්මසිරි