වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




මායා සිනමාපටය පිළිබඳව හොරණ ශී‍්‍රපාලි මණ්ඩපයේදී විද්වත් කථාබහක්

මායා සිනමාපටය පිළිබඳව හොරණ ශී‍්‍රපාලි මණ්ඩපයේදී විද්වත් කථාබහක්

පසුගිය දිනෙක කොළඹ විශ්ව විද්‍යාලයේ හොරණ ශී‍්‍ර පාලි මණ්ඩපයේදී “මායා” සිනමා පටය පිළිබඳව විශ්ව විද්‍යාලයීය සිනමාව හදාරණ විද්‍යාර්ථයින්ගේ එකමුතුව මගින් “යුනිවර්සල් ෆිල්ම් මේකර්ස්” සංගමයේ මූලිකත්වයෙන් විශේෂ සංවාද මණ්ඩපයක් පැවැත්විණි. එහිදී දේශීය වාණිජ සිනමාවේ රීමේක් (අඥ ර්චඬඥ) සිනමාව පිළිබඳව වඩාත් පුළුල් අර්ථයෙන් සාකච්ඡා කෙරිණි. විශ්ව විද්‍යාලයක් තුල මෙවැනි වාණිජ ධාරාවේ සිනමා පටයක් පිළිබඳව කෙරුණු පළමු සංවාදය ලෙස මෙම අවස්ථාව සටහන් විය. මෙහිදී “මායා” චිත්‍රපටයේ අන්තර්ගතය වූ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ පීඩිත ජීවිතය පිළිබඳව පුළුල් කථාබහක් ඇතිවිය. “මායා” චිත්‍රපටයේ ප්‍රධාන භුමිකාව නිරූපණය කළ රන්ජන් රාමනායක චිත්‍රපටයේ මායා චරිතය පිළිබඳව තම අදහස් ඉදිරිපත් කළ අතර මායා චරිතය තමන්ට අභියෝගයක් වූ බවද පවසා සිටින ලදි. එනමුත් චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ වීමත් සමග ඊට ජනතාව දැක්වූ යහපත් ප්‍රතිචාර මත තමා ඒ පිළිබඳව වඩාත් තෘප්තිමත්ව සිටින බවද සභාවට ප්‍රකාශ කොට සිටියේය. රන්ජන්ගේ අදහස් දැක්වීමෙන් අනතුරුව ඔහුගෙන් විශ්ව විද්‍යාල සිසුන් විවිධ මට්ටමේ ප්‍රශ්න නැඟූ අතර මායා සිනමා පටය පිළිබඳව ඉතා සහෝදරාත්මක සංවාදයක් ඇති විය. රන්ජන් මෙහිදී පවසා සිටියේ මෙම සංවාද මණ්ඩපය තුළින් තමාද දැනුවත් භාවයක් ලැබූ අතර විශ්ව විද්‍යාල සිසුනටද මෙය විශේෂිත අවස්ථාවක් වනු ඇති බවයි. ආචාර්ය ටියුඩර් වීරසිංහ ද රීමේක් (අඥ ර්චඬඥ) සිනමාව පිළිබඳව දේශනයක් පැවැත්වූ අතර රීමේක් (අඥ ර්චඬඥ) සිනමාව දේශීය සිනමාවට බලපෑ ආකාරයත් ඉන් ලැබූ සාර්ථක හා අසාර්ථක භාවයන් හා වෙනත් විවිධ මට්ටමේ කි‍්‍රයාකාරකම් පිළිබඳවද විග්‍රහ කරන ලදි. චිත්‍රපට ශාලා හිමියන් වෙනුවෙන් රීමේක් (අඥ ර්චඬඥ) සිනමාව ඔවුනට බලපාන අයුරු ගැන නිශාන්ත ප්‍රදීප් මොහොට්ටියගේ ද දේශනයක් පවත්වන ලදි.

මේ සඳහා ආචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි, ප්‍රසංග කලා අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය කුමුදුනි මද්දුමගේ, කථිකාචාර්ය තුමිඳු දොඩන්තැන්න, මායා චිත්‍රපටයේ නිෂ්පාදක ආර්. සදේශ් කුමාර් යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර විශාල සිසුන් ප්‍රමාණයක්ද ඊට එක්විය. මෙම සංවාද මණ්ඩපයේ සම්බන්ධීකරණය කථිකාචාර්ය චතුරිකා නිමලචන්ද්‍රගෙනි.


පටාචාරා මාධ්‍ය දර්ශනය දා

සුගත් සමරකෝන් අධ්‍යක්ෂණය කළ අපේ කාලයේ පටාචාරා සිනමාපටයේ මාධ්‍ය දැක්ම පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණි. මේ එදින විශේෂ අවස්ථා කිහිපයකි.

දුලානි අනුරාධා, සාරංග දිසාසේකර අපේ කාලයේ පටාචරා හි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර චිත්‍රපටය ජගත් විශ්වකුමාරගේ නිෂ්පාදනයකි.


බොර දිය පොකුණේ මිතුරියෝ

සත්‍යජිත් මාඉටිපේගේ බොරදිය පොකුණ තිරගත වුණේ එය නිර්මාණය වී බොහෝ කලකට පසුවය. එහෙයින් එහි රඟපෑ නිළියන් තිදෙනාගේ ද ස්වරූපය අද වන විට තරමක් වෙනස් වී තිබුණා. වෙනස් වෙලා කියලා කිව්වට වෙනස් වෙලා නෙවෙයි, ලස්සන වෙලා. ඔන්න බලන්නකො ඒ තුන් දෙනාගේ ලස්සන. ඩිලානි අබේවර්ධන, කෞශල්‍යා ප්‍රනාන්දු සහ ප්‍රියංකා සමරවීර. මේ තුන්කට්ටුවගේ ඡායාරූපය ගත්තේ පසුගියදා පැවති සිග්නීස් උත්තමාචාර උලෙළේදී.

(ෆේස්බුක් වෙතින් උපුටා ගැනීමකි.)