වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




හෝගානා පොකුණ, දස්කොන් සිග්නිස් සම්මාන දිනාගනී

හෝගානා පොකුණ, දස්කොන් සිග්නිස් සම්මාන දිනාගනී

තිස් නව වැනි ඕ. සී. අයි. සී උත්තමාචාර සම්මාන උලෙළ පසුගියදා නිමාව දුටුවේ 2015 වසරේ හොඳම සිනමා නිර්මාණය ලෙස හෝගානා පොකුණ සම්මානයට පාත්‍රවෙමිනි. එහිදී දස්කොන් පුංචි තිරයේ හොඳම ටෙලි සිතුවම විය. සිනමාවේ හොඳම නළුවා වශයෙන් ඔබ නැතුව ඔබ එක්ක සිනමාපටයේ සරත්සිරිගේ චරිතය රඟපෑ ශ්‍යාම් ප්‍රනාන්දු සම්මාන ලැබීය. හොඳම නිළිය වූයේ බොරදිය පොකුණේ රඟපෑ කෞශල්‍යා ප්‍රනාන්දුය. හොඳම ටෙලි නාට්‍ය නළුවා වූයේ දස්කොන් ටෙලි සිතුවමේ දස්කොන්ගේ චරිතය රඟපෑ රොෂාන් රවීන්ද්‍රය. හොඳම ටෙලි නාට්‍ය නිළිය වූයේ සත්පතිණි ටෙලි සිතුවමේ රන් මැණිකාගේ චරිතය රඟපෑ මේනකා පීරිස්ය. එහි සෙසු සම්මානයන් මෙසේය. උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ අතර, මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ද එක්විය.

සිනමා සම්මාන:

හොඳම අධ්‍යක්ෂ - ඉන්දික ෆර්ඩිනැන්ඩු - හෝගානා පොකුණ
හොඳම අධ්‍යක්ෂ - ජූරියේ විශේෂ සම්මාන - ප්‍රසන්න විතානගේ - ඔබ නැතුව ඔබ එක්ක
හොඳම සහාය නළුවා - ජයලත් මනෝරත්න - හෝගානා පොකුණ
හොඳම සහය නිළිය - ඩිලානි අබේවර්ධන - බොරදිය පොකුණ
හොඳම තිර රචනය - ඉන්දික ෆර්ඩිනන්ඩු - හෝගානා පොකුණ
හොඳම සංස්කරණය - තිස්ස සුරේන්ද්‍ර - හෝගානා පොකුණ
හොඳම කැමරාකරණය - එම්. ඩී. මහින්දපාල - ඔබ නැතුව ඔබ එක්ක
හොඳම කලා අධ්‍යක්ෂණය - අරුණ ප්‍රියන්ත ධර්මපාල සහ
රොහාන් සමරදිවාකර - මහරජ ගැමුණු

හොඳම ගී පද රචනය -

පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ - මහ රජ ගැමුණු - සඳමඬල වී ගීතය
හොඳම ගායනය (වනිතා) - නිරෝෂා විරාජිනි - මහරජ ගැමුණු - සඳමඬල වී ගීතය
හොඳම සංගීත අධ්‍යක්ෂණය - දිනේෂ් සුබසිංහ - හෝගානා පොකුණ
හොඳම අංග රචනය - හර්ෂ මංජුල - ඇඩ්ඩ්‍රස් නෑ
හොඳම සජීවිකරණය - චමත් පරණවිදාන - මහරජ ගැමුණු
හොඳම ශබ්ද වින්‍යාසය - ශෂික රුවන් මාරසිංහ - හෝගානා පොකුණ
හොඳම වර්ණ වින්‍යාසය - දිනිඳු ජාගොඩ - මහරජ ගැමුණු

කුසලතා ඇගයීම් සහතික

ඩිනක්ෂි ප්‍රියසාද් - මේ වගේ ආදරයක් චිත්‍රපටයේ රංගනය
පුබුදු චතුරංග - ප්‍රවේගය චිත්‍රපටයේ රංගනය
සිරිමල් ප්‍රවීන් සංදීප් - ඇඩ්ඩ්‍රස් නෑ චිත්‍රපටයේ රංගනය
අංජලී මෙත්සර වික්‍රමසිංහ - හෝගානා පොකුණ චිත්‍රපටයේ රංගනය

ටෙලි සම්මාන

හොඳම අධ්‍යක්ෂ - ජැක්සන් ඇන්තනි - දස්කොන්
හොඳම සහය නළුවා - කලන ගුණසේකර - හුස්ම සහ ඔක්සිජන්
හොඳම සහය නිළිය - හයිසින්ත් විජේරත්න - දස්කොන්
හොඳම තිර රචනය - ජැක්සන් ඇන්තනි - දස්කොන්
හොඳම සංස්කරණය - රංග සිංහාරගේ සහ සුදේශ් කුමාරසිංහ - හුස්ම හා ඔක්සිජන්
හොඳම කැමරා අධ්‍යක්ෂණය - කුලරුවන් ගමගේ - භවාන්තර
හොඳම කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවාදුවත්ත - දස්කොන්
හොඳම ගායනය (වනිතා) - ඉන්දිකා උපමාලි - දස්කොන්
හොඳම ගායනය - පුරුෂ - තිස්ස ජයවර්ධන - සත්පතිනි
හොඳම සංගීත අධ්‍යක්ෂණය - සමන්ත පෙරේරා - දස්කොන්
හොඳම අංග රචනය - සුසන්ත රාමසිංහ - සත්පතිනි
හොඳම ශබ්ද වින්‍යාසය - සුමංගල සමරසේකර - දස්කොන්

කුසලතා ඇගයීම් සහතික

නදන පියල් රත්නායක - හිරු දරුවෝ ටෙලි සිතුවමේ නිෂ්පාදක
ජූරියේ විශේෂ ටෙලි සම්මාන - ජාතික නාළිකාව