වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




සක්විති නිවස

සක්විති නිවස

 

ජාතික නාළිකාවෙන් මේ දිනවල පැරැණි නාට්‍ය විකාශය වන්නට පටන් අරන්. ඇත්තටම අපිත් ආසයි ඒ පැරැණි නාට්‍ය රස විඳින්න. බලනවා නම් අන්න ටෙලි නාට්‍ය. ටෙලි නාට්‍ය කියන්නේ මෙන්න මේ වගේ ඒවා කියලා අපේ නව පරපුරේ ටෙලි නාට්‍යකරුවන්ට පෙන්නලා දෙන්නද මන්දා ජාතික නාළිකාවෙන් මේවා නැවත ගෙන එන්නේ මේ දිනවල විකාශය වන්නේ කන්දෙ ගෙදර ටෙලි සිතුවම.

එහි ජයලත් මනෝරත්න රඟපානවා. ඔහු මුල් යුගයේ රඟපෑ ටෙලි නාට්‍ය කිහිපයකින් එකක්නෙ මේ කන්දෙ ගෙදර. මෙහි මනෝගේ නිවස විදිහට යොදා ගන්නේ සුවිශේෂ තැනක්. එය හෙළ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා රත්මලානේ ඉදි කළ නිවසයි.

ගාමිණීගේ නිවෙස මනෝ රඟපාන්නේ තමන්ගේ නිවස වගේ. කෙසේ වෙතත් දන්න අය නම් දන්නවා ඒ ගාමිණීගේ ගෙදර කියලා. එදාට වඩා එහි වටිනාකම දැනෙන්නේ අද නේද.