වර්ෂ 2016 ක්වූ ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සුමිගෙන් අහන්න

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සිංහල චිත්‍රපටයක රඟපෑවාද?

මට්ටක්කුලියේ අතුල ජයරත්න
ප්‍රශ්නය - ඉන්දීය චිත්‍රපට සංගීතයේ බලපෑම අදටත් අපේ චිත්‍රපටවල තිබෙනවා නේද?
පිළිතුර -
ඔව්. 'විසිදැල' චිත්‍රපටයේ 'ගුමු ගුමුව වදුලේ' ගීතයත්, 'සූරිය අරණේ' ' ඉරෙන් හඳෙන් එළිය අරන්' ගීතයත් අරන් බලන්න. එහි තනු වාගේම රූ ගැන්වීමේ ශෛලියත් අපට සිහිපත් කරන්නේ 'රෝජා' චිත්‍රපටයේ 'චින්න චින ආසෙයි' ගීතය නෙවේද?

දෙදියවල වස්කඩුවේ ගාමිණී ගුණතිලක
ප්‍රශ්නය - රූපවාහිනි නිවේදිකා, ටෙලි නාට්‍ය නිළි නිරෝෂා පෙරේරාගේ ලිපිනය සොයා දෙන්න?
පිළිතුර -
92, නව වැනි පටුමඟ, අරලිය උයන, දෙපානම, පන්නිපිටිය.

මත්තේගොඩ , පොල්ගස්ඕවිට අජිත් ජෝතිය කරසිංහ
ප්‍රශ්නය - මාරයා තුවක්කුවකුත් රැගෙන සිදුහත් කුමරු ඉදිරියට එන 'මාර පාරාජය' චිත්‍රය ඇතුළත් විහාරස්ථානය කුමක්ද?
පිළිතුර -
හඟුරන්කෙත මැදවෙල විහාරය.

අකුරුස්සේ චන්දන මාරසිංහ
ප්‍රශ්නය - විජය කුමාරතුංග හා චන්ද්‍රලේඛා පෙරේරා ගයන 'වන සපුමල් පිපෙන වන රොදේ' ගීතය ලිවේ කවුද?
පිළිතුර -
ධර්මසිරි ගමගේ

අත්තනගල්ලේ විමලසේන හපුතන්ත්‍රි
ප්‍රශ්නය - හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයකු වූ ඩේවිඩ් ග්ලැඩ්සන් මහතා සිංහල චිත්‍රපටයක රඟපෑවාද?
පිළිතුර -
ඔව්. ඔහු 'ගුරු ගෙදර' චිත්‍රපටයේ සුළු වශයෙන් පෙනී සිටියා.

කුරුවිට පී. ටී. ජී. අමදෝරු
ප්‍රශ්නය - මීනා කුමාරි හොඳම නිළිය ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මාන දිනූ චිත්‍රපට මොනවාද?
පිළිතුර -
ඇය සම්මාන හතරක් දිනා තිබෙනවා. ඒ නම් බයිජු බවුරා (1958), පරිනීතා (1954), සහිබ් බිබි ඕර් ගුලාම් (1962), සහ කාජල් (1965).

මොරටුව මැල්කම් ප්‍රනාන්දු
ප්‍රශ්නය - 'මයි නේම් ඊස් බන්දු' 'කූලි නම්බර් වන්' චිත්‍රපටයේ අනුකරණයක්ද?
පිළිතුර -
නැහැ.

හෝමාගෙම ගොඩගම ඩග්ලස් දෙද්දුවගේ
ප්‍රශ්නය - ඩී. ආර්. නානායක්කාර චිත්‍රපටවල ගීත ගායනා කර තිබේද?
පිළිතුර -
ඔව්. 'අම්මා' , 'සීදේවි' යන චිත්‍රපටවල ගීත ගායනා කළා.

වල්පොල රංජනි අමරසිංහ
ප්‍රශ්නය - විකට නළු මහේෂ් ජයසිංහ, ඔස්වල්්ඩ් ජයසිංහගේ සොහොයුරෙක්ද?
පිළිතුර -
නැහැ රංජනී.

පාදුක්ක බටවල ආරියදාස පිංදෙණිය
ප්‍රශ්නය - එස්. දක්ෂිණමූර්ති හා ටී. ආර්. පාපා සංගීතවත් කළ චිත්‍රපට මොනවාද?
පිළිතුර -
එස්. දක්ෂිණ මූර්ති (සුජාතා, සැඩසුළං, සූරයා, සරදම්, වනමෝහිනි, රදල පිළිරුව) පී. ආර්. පාපා (සුරතලී, සුරඟන, සුභද්‍රා, සුන්දර බිරිඳ, සුජාතා, සුජාගේ රහස).

වැලිසර රේචල් සෝවිස්
ප්‍රශ්නය - 'සරසවිය' සම්මාන උත්සවවලට සහභාගි වූ හින්දි නළු නිළියන් කවුරුන්ද?
පිළිතුර -
මීනා කුමාරි, නූටාන්, ශෂිකලා, සධානා.

මුල්ලේරියාවේ එස්. අලහකෝන්
ප්‍රශ්නය - වෛජයන්තිමාලාගේ නැටුම් ජවනිකා ඇතුළත් චිත්‍රපට මොනවද?
පිළිතුර -
මධුමති, සංගම්, නස්රානා, ගංගා ජමුනා, ජුවෙල් තීෆ්, අම්රපාලි.

නිවිතිගල පුෂ්ප කාරියකරවන
ප්‍රශ්නය - 'වස්තුව' චිත්‍රපටයේ එම්. එස්. ප්‍රනාන්දු ගයන 'ගුවන් ගැඹේ සඳුන් විමානේ රැඳේ' ගීතය ලියූ රචකයා කවුද?
පිළිතුර -
වොලී නානායක්කාර.

ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න
‘සුමිගෙන් අහන්න’
‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10.