වර්ෂ 2016 ක්වූ ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා




එක් සිරුරක් ආත්ම දෙකක් ශ්‍රි ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටය

එක් සිරුරක් ආත්ම දෙකක් ශ්‍රි ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටය

‘මායා’ කාර්මික ශිල්පීන්

කලා අධ්‍යක්ෂ - ඇහැලියගොඩ සෝමතිලක
අංග රචනය සහ කොණ්ඩා සැකසුම - නලින් ප්‍රේමතිලක
සංගීතය - භාතිය සන්තුෂ්
කතාව - ආර්. සදේෂ් කුමාර්
සහය අධ්‍යක්ෂක - ජනක චාමර / නිරෝෂන් එදිරිමාන්න
නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න
ගීත රචනය - නිලාර් එම්. කාසිම්
ගායන - හිරුෂි ජයසේන, සුරේන්ද්‍ර පෙරේරා
සංගීතය - පසන් ලියනගේ
මායා එනවා (ගීතය)
සංගීතය - භාතිය සන්තුෂ්
ගායනය - භාචි සුසාන්
ගීත රචනය - විමලජිත් දොඹගහවත්ත
ඇඳුම් නිර්මාණය - ශ්‍රීමති සදේෂ් කුමාර්
කැමරා අධ්‍යක්ෂණය - අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි
තිර රචනය - පුබුදු චතුරංග
සංස්කරණය - ප්‍රවීන් ජයරත්න
නිෂ්පාදනය - ආර්. සදේෂ් කුමාර්, ශ්‍රීමති සදේෂ් කුමාර්
අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත
නළු නිළියන් -
මායා - රන්ජන් රාමනායක
මාලන් - පුබුදු චතුරංග
ගීතා - නිල්මිණි කෝට්ටේගොඩ
නිර්මලා - උපේක්ෂා ස්වර්ණමාලි
ශයිනි - ෂෙහාරා හේවාදේව
ගාමිණී - ගිරිරාජ් කෞෂල්‍ය
ශයිනිගේ මව - රමණී සිරිවර්ධන
විදුල්පති - සොමී රත්නායක
කපුවා - සරත් චන්ද්‍රසිරි
හොර කපුවා - නන්දන හෙට්ටිආරච්චි - ගුණදාස මදුරසිංහ
ෂශි - අන්ජනා සත්‍යංගනි (ළමා නිළි)
රිෂි - දිලුම් විජේරත්න (ළමා නිළි)
රාමු - නිහාල් ප්‍රනාන්දු
රාමුගෙ පුතා - මිහිර සිරිතිලක
මායාගේ පියා - කුමාර තිරිමාදුර
මයන්ත - යොහාන් පෙරේරා
ශාන්ත - වසන්ත කුමාරවිල
රේඛා - හංසි
රේඛාගේ මව - මොරින් චාරුනි
ඇමති - ශ්‍රීමාල් වෙඩිසිංහ
හාමුදුරුවෝ - ඉෂාන් ගම්මුදලි
සාමි - අනුර බණ්ඩාර රාජගුරු
ශාන්තගේ පෙම්වතිය - දමිතා අබේරත්න
මායාගේ දුව - සුජීව ප්‍රියලාල්
ටානියා - ටානියා ප්‍රනාන්දු
පූසාරියා - ජනක රණසිංහ
මෙහෙකාරිය - කුමුදුනී අධිකාරි

මාලන්ගේ වයස අවුරුදු 25 කි. ඔහු කඩවසම් අවිවාහක තරුණයෙකි. පියා මිය ගොස්ය. ක්‍රිකට් ඔහුගේ විනෝදාංශයයි. මවගේ දැඩි ආදරය යටතේ මිතුරන් සමඟ ප්‍රීතියෙන් ජීවත් වන කෙලිලොල් මාලන් කළුවරට හා හොල්මන්වලට බිය අයෙකි.

දිනක් මිතුරන් සමඟ ඔට්ටුවක් අල්ලන මාලන්ට ක්‍රීඩා පිටියක රුයක් තනිව ගත කිරීමට සිදු වේ. ඉතා බයෙන් රැය නිදිවරන ඔහුට ඒ රාත්‍රියේ එහි පැමිණෙන නිර්භීත ශයිනි නම් සුරූපි තරුණිය මුණ ගැසේ.

දෙදෙනාගේ මිත්‍රභාවය කෙමෙන් ප්‍රේමයක් බවට දළුලා වැඩේ. දෙදෙනාගේ ප්‍රේමය මෙසේ දෙපාර්ශවයේ අනුදැනුම මත ගලාගෙන යද්දී දිනක් මාලන් මිතුරන් සමඟ සුපුරුදු ක්‍රීඩා පිටියට ගිය ද ඇතුලුවීමට අවසර නොලැබෙයි.

ඒ බලධාරීන් විසින් බිල්ඩිමක් ගැසීමට නිර්දේශ කර තිබෙන නිසාය. කනස්සල්ලට පත්වන මිතුරන් පිරිස වෙනත් ක්‍රීඩා පිටියක් සොයා යයි.

ඔවුන්ට වල්බිහි වී ගිය ක්‍රීඩා පිට්ටනියක් හමුවේ. මාලන් ඇතුළු පිරිස ක්‍රීඩාපිටිය සුද්ධ පවිත්‍ර කරති. මාලන් සියතින්ම විකට් ඉනි සිටුවන විටම හතර වට කළු කර සුළං හමා එයි.

ඉන් බියට පත් වන මාලන් ඇතුළු පිරිස හිස් ලූලූ අත දිව යයි. එහෙත් කලකට ඉහත ක්‍රීඩාපිටියේ වලලා ඇති මිනීවල ආත්මයන් මාලන් සමඟ ඔහුගේ නිවසට පැමිණේ.

එතැන් සිට මාලන්ගේ නිවසේ විවිධ අවස්ථාවල අද්භූත බලවේගයන් සැරිසරනු පෙනේ. විටෙක මව ද, සොයුරිය ද, අයියා ද බියට පත් වේ. මාලන්ගේ හැසිරීම් රටාවද කෙමෙන් කෙමෙන් වෙනස් වේ.

මේ ගැන ඇසීමට සාස්තරකරුවන් හමුවීම සඳහා මාලන්ගේ මවත්, සහෝදරියත් විවිධ වර උත්සාහ දරයි. ඉන් එක් සාස්තරකරුවෙකු කියා සිටියේ නිවසට අද්භූත ඉතා බලගතු ආත්මයක් ඇතුළු වී ඇති බවයි.

දිනෙක මේ සඳහා කරන ශාන්තිකර්මයකදී යක්ෂයා සිය සැබෑ ස්වරූපයෙන් පෙනී සිටියි.

මේ අතර මිනීමරුම් කීපයක් ද සිදු වේ. ඔවුහු සියල්ල මැරයන් වන අතර මිය යන්නේ ද ඉතා අද්භූතජනක අන්දමටය. මේ අතර දිනක් කෑම මේසයේදී මාලන් ආවේශ වේ.

ආත්ම තුනක් මාලන්ට වැසී ඇත. එක් ආත්මයක් ගැහැනියකි. අනෙකා දෙමළ ජාතිකයෙකි. ඉතිරි ආත්මය මන්ද මානසික ළමයෙකි. මාලන් ආවේශයෙන් එදින නිවසේ යකා නටයි.

මාලන්ගේ ඥතීන් ඔහුව කැටුව භික්ෂූන් වහන්සේ නමක් හමුවීමට යයි. එහිදී මාලන් ආවේශ වේ. මාලන්ට ආවේශ වන්න් ගැහැනු ආත්මයකි. මේ භික්ෂූන් වහන්සේ බෞද්ධ ක්‍රම වේද මඟින් මාලන්ගේ ශරීරයේ සිටින ආත්මයන් ඉවතට ගනියි.

මෙසේ ඉවතට එන ගැහැනු ආත්මය සිය කතාව දිග හරියි.

ඇය නමින් මායාය. කුඩා කළ පිරිමි දරුවකු ලෙස ඉපදුනද හෝමෝන ආශ්‍රිත වෙනස්වීමක් නිසා කාන්තාවක් බවට පරිවර්තනය වන මනුස්ස පරාණයකි. ගැහැනු පිරිමි ද්විත්ව ගති ලක්ෂණ දරන මැය ඉතා අහිංසක කරුණාබර හදවතක් ඇති මනුෂ්‍යයෙකි.

නමුත් සමාජයේ ආක්‍රෝශ පරිභව සහ නිග්‍රහයන්ට ලක්වන මැය මේ සියල්ල දරාගෙන නොයෙකුත් කම්කටොලු මැද ජීවිකාව ගෙන යයි.

සිය නිවෙසින්ද ඇයව ප්‍රතික්ෂේප කර පාරට ඇද දමා සිටිය දී ඇයට පිහිට වන්නේ ශිවා නම් ද්‍රවිඩ වයසක පුද්ගලයෙකි. ඇය ගැන අනුකම්පාවෙන් මේ කුඩා මායාව දරුකමට ඔහු විසින් හදා ගනී.

ඔහුට ද තවත් දරුවකු සිටින අතර ඒ දරුවා මන්ද මානසික දරුවෙකි.

මායා ටිකෙන් ටික වැඩී වයසට පත්වෙද්දී ඇයගේ උත්සාහයෙන් හා උනන්දුවෙන් ඇය කුලී වැඩ කර මුදල් උපයා ගනී.

ඒ මුදලින් ඇය හා සමාන හෝමෝන විපර්යාසයකට ලක් වූ පිරිමි දැරියක් හට උසස් අධ්‍යාපනය ලබා දෙයි. ඇය අවසානයේ වෛද්‍යවරියක් ලෙස සමත් වේ.

මායාගේ අවසාන සිහිනය කෙසේ හෝ මෙවැනි සමාජ අසාධාරණයට ලක්වන පිරිසට රෝහලක් තැනවීමයි. ඒ වෙනුවෙන් ඇය ඉඩමක් ද මිලදී ගනියි.

මේ ඉඩම හොර ඔප්පුවකින් ඇමතිතුමා විසින් ලියා ගිනියි. ඊට විරෝධය පාන මායා ඇතුළු පවුල ඇමැති විසින් ඝාතනය කර ක්‍රීඩා පිටියේ මලමිනී වලලයි.

මේ පාපොච්චාරණය අසා සිටින භික්ෂූන් වහන්සේ මායා ඇතුළු ආත්මයන් බෝතලයකට දමාගෙන ගොස් මුහුදට විසි කරයි. ඉන් අනතුරුව මායා හා මාලන් අතර සිදුවන්නේ කුමක්ද?

රියල් ඉමේජ් චිත්‍රපට ඉදිරිපත් කිරීමක්

(තෙවන නිෂ්පාදනය)