වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




FUN MUSIC

FUN MUSIC

 

අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු

 

අතීතය මවලා
වැහිමල් වැටෙන්න
ඔබෙ රුව මැවිලා
හිත මගෙ දැවෙන්නා

 

ගායනය - නිලංග සිල්වා

පද රචනය - ශෙහාන් ගලහිටියාව

සංගීතය - ප්‍රියන්ත නාවලගේ

වීඩියෝවේ අධ්‍යක්ෂ - හසිත

නිෂ්පාදන ආයතනය - ආර්යන්ස් වීඩියෝ

සනිධප සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයකු වූ නිලංග මේ වන විට ඉන් ඉවත් වී ස්ප්‍රීඩ් නමින් සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යයි. නිදියන්න ආසයි, සඳ කින්නරාවි මාගේ, පුන්සඳ ද ඔබ මාගේ ආදී ජනප්‍රිය ගීත රැසක් නිලංග ගයා ඇත.

 

හුස්ම වගේ ළඟම මාගේ
එන්න සැතැපෙන්න යළි ආයෙ ඇවිදින්


ගායනය - රෙමේෂ් සුගතපාල
පද රචනය - ඉසුරු වීරසිංහ මුදලි

සංගීතය - සංඛ දිනෙත්

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - හර්ෂණ කාරියවසම්

කැමරා අධ්‍යක්ෂණය - සඳුන් හේවගේ

මෙම මියුසික් වීඩියෝව සම්පූර්ණයෙන් රූගත කොට ඇත්තේ ඉතාලියේය. රොමේෂ් ඉතාලි සංචාරයකදී ඇති වූ අදහසකට අනුව හදිසියේම මෙය නිර්මාණය වීම විශේෂත්වයකි.

 

චූටි මැණිකෙට මං හරි ආදරෙයි
අපි අහසට පොළව වගෙයි
අහස වගෙයි
බක්කි කරත්තෙන් කැන්දන් යන්නට
අවසර දෙනවද ලොකු මැණිකේ
 

ගායනය - තිලක් පෙරේරා

පද රචනය - සමීර ප්‍රේමචන්ද්‍ර

සංගීතය - ප්‍රියන්ත නාවලගේ

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - විකුම්

මේ වන විට ස්වීඩනයේ පදිංචිව සිටින තිලක්ගේ පළමු මියුසික් වීඩියෝව වන්නේ මෙයයි.

පමාවෙලා මුණ ගැසුණු නිසා
දරාගන්න බැරි කඳුළු වුණා
මගේ හිතත් මට අහිමි වෙලා
ඔයා මගේ පණ වෙලා නිසා

 

ගායනය - දමිත් අසංක

පද රචනය - සංගීත් ප්‍රනාන්දු

සංගීත අධ්‍යක්ෂණය - ගිහාන් නිශාන්

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - ගිහාන් නිශාන්

මියුසික් වීඩියෝවේ රඟපෑ නිළු නිළියන් - ලක්ෂිකා සහ නාලක

සංගීත අධ්‍යක්ෂවරයකු මෙන්ම ගායකයකු වූ ගිහාන් නිෂාන් මේ වන විට මියුසික් වීඩියෝ අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කරයි. මේ ඔහුගේ පස්වැනි මියුසික් වීඩියෝවයි.