වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




පාර වැරදිලා යූ ටර්න් ගහලා...

පාර වැරදිලා යූ ටර්න් ගහලා...

රොෂානා ඔන්ඩච්චි සාමාන්‍යයෙන් ෂුටිං වලට නියමිත වෙලාවට පැමිණෙනවා. ඇය එහෙම එන්නේ තමන්ගේම වාහනයේ. ඔන්න දවසක් ෂූටිං හයට ආරම්භ වෙන දවසක රොෂානා වෙලාවට ඇවිල්ලා නැහැ. එහි නිෂ්පාදක කණ්ඩායමට පුදුමෙනුත් පුදුමයිලු. සහාය අධ්‍යක්ෂ ගත්තලු ඇයට දුරකතන ඇමතුමක්. 'මම මේ ළඟ ඉන්නෙ'

ඇය එහෙම කියලා ටක් ගාලා දුරකතනය විසංධි කරලා. ළඟ ඉන්නේ කිව්වට පැය භාගයක් විතර ගෙවී ගියත් ඇය නැතිලු. විනාඩි හතළිස් පහකට විතර පස්සේ ඇය ආවලු. කට්ටිය හොයලා බලලා රොෂානාට මොකද මේ වුණේ කියලා. බැලින්නම් වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද ලොකේෂන් තිබිලා තියෙන්නේ ගොඩගම.

ඇය එහෙට එන්න පිටත් වෙලා තියෙන්නේ අතුරුගිරිය හරහා. පාර ටිකක් අමතක වෙලා දකුණට හරවන්න ඕන වෙලාවේ මෙයා වමට හරවලා. අන්තිමේ මාලබේට ගිහින් තමයි රොෂානා නැවතිලා තියෙන්නේ. මොකද කරන්නේ යූ ටර්න් එකක් ගහලා ආයෙත් මෙයා හැරිලා ආවලු.