වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




අක්ෂේ - ටිවින්කල් 15 වැනි විවාහ සැමරුම

අක්ෂේ - ටිවින්කල් 15 වැනි විවාහ සැමරුම

අක්ෂේ කුමාර් සහ ඔහුගේ බිරිඳ ට්වින්කල් ඛන්නා ගේ 15 වන විවාහ සංවත්සරය පසුගිය 17 වනදාට යෙදී තිබුණා. අක්ෂේ කුමාර් කියනගේ ඔවුන්ගේ ආදරය කිසිවක් වෙනස් වී නැති බවයි. එදා මෙන්ම අදත් ඔහුට සිය බිරිඳගෙන් දෑස් ඉවතට ගත නොහැකි බව අක්ෂේ පවසනවා.

අක්ෂේ සහ ට්වින්කල් විවාහ වූයේ 2001 වසරේදීයි. ඔවුන්ගේ අතීතය සහ වර්තමානය පෙන්වන පින්තූර බොහොමයක් ට්විටර් හි පල කරන්ත් අක්ෂේ අමතක කළේ නැහැ. දෙදෙනා දැන් වයස 13 ක පුතෙකුගේත් වයස 3 ක දුවකගේත් ආදරණීය දෙමාපියන් වෙනවා.