වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ දළ ජාතික ආදායමෙන් හරි අඩක් ලැබූ චිත්‍රපට මාලාව
මේ දිනවල ලෝකය කලඹන දැවැන්ත චිත්‍රපටය පිළිබඳ ඔබ නොදත් තවත් කතා 04

අපේ දළ ජාතික ආදායමෙන් හරි අඩක් ලැබූ චිත්‍රපට මාලාව

මන්දාකිණියේ ඈත ඈත දුරක සිට බොහෝ අනාදිමත් කාලයක ස්ටාර් වෝර්ස් ගැන කියවමු

ගෙවී ගිය සති කිහිපය තුල ස්ටාර් වෝස් නමි මේ මහා වීර කාව්‍යාත්මක අභ්‍යාවකාශ ඔපෙරාව ගැන බිඳීන් බිඳ හැකි පමන තොරතුරු ඉදිරිපත් කරමින් පාඨක ඔබ යමි තරමකට හෝ ඒ ගැන දැනූවත් කරන්නට මා උත්සහ කළ ඒ ලිපි පෙලේ අවසන් ලිපිය යි අද ඔබ හමූවට එන්නේ.

ඔබට මතක ඇති මා සඳහන් කළා මීට වසරකට පෙර ස්ටාර් වෝස් හී පියා වූ ජෝජ් ලූකස් සතුවූ ලූකස් ෆිල්මි සමාගම ඇ. ඩො. බිලියන 4 කට ඩිස්නි චිත්‍රාගාරය විසින් මිලදී ගත් බව. ඉතින් මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවෙයි කියන්නා වාගේ ඩිස්නි මේ ආයෝජනය කලේ නුදුරේම එයින් අසීමිත ප්‍රතිලාභ ලබන බලාපොරොත්තුවෙනූයි. එයි ප්‍රතිථලයක් ලෙස තමයි 2005 දී අවසන් වූ ඔරිජිනල් ස්ටාර් වෝස් කතා මාලාවට තවත් චිත්‍රපට ති‍්‍රත්වයක් එකතු කිරීමට චිත්‍රාගාර විධායකයින් තීරණය කරන්නේ. අවසන් චිත්‍රපට ති‍්‍රත්වය රසික ප්‍රජාව කලකිරවීමත් මේ අවස්ථාවේ ඩිස්නි ගේ වාසියට හිටියේ, අලුතින් කතා ගොතා හෝ අප වින්දනීය අවසානයක් දූටූ චිත්‍රපට මාලාවක් නැවත උත්පාදනය කිරීමෙන් මූදල් ගැරීමේ පරම චේතනාව සාධාරණීය කර ගන්නටත් ඔවුන්ට අවස්ථාවක් ලැබූනූ බැවිනි.

ස්ටාර් වෝස් චිත්‍රපට මාලාව මේ වන විට ඇ.ඩො. බිලියන 6.3 ක ආදායමක් ලබමින් ලොව 4 වෙනියට වැඩිම ආදායමි වාර්තාව තැබූ චිත්‍රපට මාලාව බවට පත්වී තිබෙනවා. ස්ටාර් වෝස් මේ ස්ථානයට පැමිණියේ චිත්‍රපට 7 කින් වීම සුවිශේෂයි. ඊට ඉහලින් ඇති චිත්‍රපට මාලා වන්නේ චිත්‍රපට 12 කින් සමන්විත මාර්වෙල් විශ්වයේ චිත්‍රපට මාලාව (අයන් මෑන්, තෝර්, කැප්ටන් ඇමරිකා, ඇවෙන්ජර්ස්), ජේමිස් බොන්ඩි චිත්‍රපට මාලාව (චිත්‍රපට 26) සහ හැරි පොටර් (චිත්‍රපට 8) චිත්‍රපට මාලාවයි.

නමුත් ඔබට විශ්මයට පත්කරන ආදායම් වාර්තාව ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවට ගෙන එන්නේ, ස්ටාර් වෝස් තේමා කරගත් වෙළඳ භාන්ඩයි.

පොත්, රූපවාහිනී වැඩසටහන් මාලා, කොමිපියුටර් සහ විඩියෝ කී‍්‍රඩා , කොමික් නැතහොත් කාටූන් පොත්, ඩීවිඩි සහ වීඩියෝ කී‍්‍රඩා වලින් පමනක් ස්ටාර් වෝස් ලැබූ ආදායම අපේ රටේ, ශී‍්‍ර ලංකාවේ වාර්ෂික දළ ජාතික නිෂ්පාදනයෙන් හරි අඩකටත් වඩා වැඩියි. එනමි ඇ.ඩො. බිලියන 35 ක්. එමනිසා ගිනස් වාර්තා පොතට අනුව ස්ටාර් වෝස් ලොව සාර්ථකම වෙළඳ භාණ්ඩ ආදායමි ලැබූ චිත්‍රපට මාලාව බවට පත් වී තිබෙනවා.

වෝල්ට් ඩිස්නි දැන් ස්ටාර් වෝස් පෞරාධිකාරයට කර ගසා ඇති බැවින්, ඔවූන්ගේ චිත්‍රාගාර විධායකයින් එක් වී සාකචිඡා කළේ මේ සාර්ථක චිත්‍රපට මාලාවට, ජෝජ් ලූකස් අතින් වූ හානියත් වසා ගෙන, නැවත රසික කැලත් දිනාගෙන, එහි අතුරු ඵලයක් ලෙස මූදල් කන්දරාවක් සෙවීමටත් හැකි වඩාත් හොඳම මාර්ගය කුමක් ද යන්නයි. ඔවූන් එහිදී තීරණ කිහිපයක් ගත්තා. ඒ ගත්තේ ජෝජ් ලූකස් වත් සහභාගි කරගෙන. මන්ද ඔහූ මේ මාලාවේ පියා ලෙස නිර්මාණාත්මක අයිතිය වගේම චිත්‍රපට වල විධායක නිෂ්පාදක ධූරයත් දැරූ නිසයි.

ඒ අනූව ඔවූන් ඔරිජිනල් ති‍්‍රත්වය රචනා කල ලෝරන්ස් කැස්ඩෑන් නැවත මෙම 7 වන චිත්‍රපටයේ රචනය සඳහා කැඳෙවිවා. දැන් ඔවුන්ට අවශ්‍ය වුණේ ස්ටාර් වෝස් අනන්‍යතාව නැවත ගෙන ආ හැකි, ඒ වාගේම එය වින්දනීය සිනමා අත්දැකීමක් කිරීමට තරමි පොහොසත් නිර්මාණශීලි අධ්‍යක්ෂකවරයෙක්. ඔබට මතක ඇති පහුගිය වසර කිහිපය තුළ සාර්ථක ස්ටාර් ට්‍රෙක් චිත්‍රපට 2 ක් අධ්‍යක්ෂණය කරමින් තවත් මියගිය චිත්‍රපට මාලාවකට නව පණක් දූන් තරුණ අධ්‍යක්ෂ ජේ.ජේ. ඒබ්‍රහමිස්. ඔහු මුලින්ම ශිල්ප දැක්වූයේ රූපවාහිණී මාධ්‍ය හරහා. ඒ ඒලියස් සහ ලොස්ට් යන සාර්ථක වැඩ සටහන් පෙළ හරහයි.

ඉන්පසු ඔහු සුපිරි නළු ටොමි කෲස් ගේ ඉල්ලීම පරිදි මිෂන් ඉමිපොසිබල් 3 චිත්‍රපටයෙන් සිනමා වට පිවිසූනා. බෙලහීන ස්ටාර් ට්‍රෙක් මාලාව නැවත පණ ගන්වන්නට ඔහූ කෙරෙහි චිත්‍රාගාර තැබූ විශ්වාසය ඒ අයුරින්ම රැකීමට සමත් වූ බැවින් ජේ.ජේ. ඒබ්‍රහම් ට ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ එක් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ අමර වරම හිමි වූනා.

වෝල්ට් ඩිස්නි ආරමිභ කල ඩිස්නි චිත්‍රාගාරය නිර්මාණශීලීත්වය අතින් සෑමදා ඉදිරියෙන් සිටි බව සෑම දෙනාම දන්නා කාරණයක් වූවත්, ඔවූන් ව්‍යාපාරමය අතින් ද අතිශය උපක්‍රමශීලි බව බොහෝ දෙනාට අමතක වෙන කාරණයක්. ෂෝ බිස්නස් යනූවෙන් හැඳීන්වෙන විනෝද මාධ්‍යය අවසානයේ බිස්නස් එකක් බවත්, සිනමා කර්මාන්තය යනූවෙන් හැඳීන්වෙන සිනමා ලෝකය, කලාවට අමතරව කර්මාන්තයක් බවත් අප කිසිවිටෙක අමතක නොකල යූතුයි. ඉතින් කලාව රැක ගැනීමටත් ප්‍රතිපාදන අවශ්‍ය නිසා මේ නිර්මාණ සහ ව්‍යාපාර යන දෙකේ තුලනාත්මක සුසංයෝගය හේතුවෙන් තමයි රසික අපට මේ නිර්මාණ වසරින් වසර රස විඳීමට ලැබෙන්නේ.

ඉතින් සූර ව්‍යාපාරිකයින් වන ඩිස්නි විධායකයින් දැන් කල්පනා කලේ මේ මාලාවෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගන්නා පරිදි මෙය තවත් සුසර කරන්නේ කෙසේ ද කියායි. ඔවූන් දැන සිටියා ස්ටාර් වෝස් මාලාව අනෙකුත් බොහෝ සුපිරි වීර, අභ්‍යාවකාශ කතා වාගේ පිරිමි රසික ප්‍රජාව තුළ පමණක් අධික ලෙස ධ්‍රැවීකරණය වුණු චිත්‍රපට මාලාවක් බව. විශේෂයෙන්ම අධ්‍යාපනයට ලැදි තරුණයන්, ළමයින්, ශිෂ්‍යයන් ගෙන් ස්ටාර් වෝස් ට පෙමි බැඳී රසික ප්‍රජාව බහුල වූනා.

ඔවුන් කල්පනා කලේ ලෝකයෙන් හරි අඩක් වන කාන්තා ප්‍රජාවද මෙයට ලංකරගන්නේ කෙසේද කියායි. එසේ කළහොත් ඔවූන්ගේ ප්‍රතිලාභ දෙගුණ වන බව කාටවත් රහසක් වූනේ නැහැ. ඉතින් මෑත හොලිවුඩ් ඉතිහාසය ගත්තොත් කාන්තා වීරවරියන් ප්‍රධාන චරිත කරගත්, ඒ ස්තී‍්‍රබලය කේන්ද්‍ර කරගෙන ගොඩනැගුනූ චිත්‍රපට මාලා කිහිපයක් අති සාර්ථක වූ බව පැහැදිලිව දකින්නට පූළුවන්. උදාහරණ ලෙස ජෙනිෆර් ලෝරන්ස් රඟපාන හන්ගර් ගේමිස් සහ ෂයිලීන් වූඩිලි රඟන ඩයිවර්ජන්ටි චිත්‍රපට මාලා දක්වන්නට පූළුවන්. ඉතින් එම න්‍යාය මේ අවස්ථාවෙත් කි‍්‍රයාවට නැංවීමට චිත්‍රාගාර විධායකයින් කි‍්‍රයා කලා.

එහි ප්‍රතිථලයක් ලෙස මෙතෙක් පිරිමින් ට පමණක් සීමා වූ ස්ටාර් වෝස් වීර චරිතයට යෞවනියක් තෝරා ගත්තා. ඇය බ්‍රිතාන්‍ය ජාතික නිළියක් වන ඩේසි රිඩිලි. ඊලඟට චිත්‍රාගාරය කල්පනා කළා තවත් මේ චිත්‍රපටය විවිධත්වයෙන් විසිතුරු කරන්නේ කෙසේද කියා. ස්ටාර් වෝස් හී ඇති තරමි කොකේසියානු (සුදු ජාතික) චරිත ඇති බැවින්, ප්‍රධාන චරිතයකට කළු ජාතික තරුණයෙක් තෝරා ගත්තේ තවත් විවිධත්වයෙන් පිරි පේ‍්‍රක්ෂක කැලකගේ ද අවධානය චිත්‍රපටය වෙත දිනාගැනීමේ අධිෂ්ඨානය පෙර දැරිවයි.

ලෝඩි ඔෆ් ද රිංග්ස් චිත්‍රපට මාලාව ලොව සුදු ජාතික රසිකයින්ට වැඩි වශයෙන් ආකර්ෂණය වූනෙත්, එහි සුදු ඇරෙන්න වෙන කිසිම වර්ණයකට අයත් චරිත නොවූ බැවින් අනෙක් ජාතින් අතර එතරම් ආකර්ෂණීය බවක් දිනා ගන්නට බැරි වුණෙත් එහි ග්‍රන්ථ රචනා කල ජේ. ආර්. ආර්. ටොයිකියන් වර්ණ භේද වාදයෙන් පෙළුන දකුණූ අපි‍්‍රකාවේ ඇති දැඩි වුවෙක් නිසයි. ඔහූගේ ඇතිදැඩිවීමට අනුව සූදූ හැර වෙනත් ජාතියකට අවධානය දෙන්නට ඔහු පුරුදූ වී සිටියේ නැති නිසාත්, ඒ කාලයේ ලොව පොලිටිකලි කරෙක්ටි නැතහොත් දේශපාලනමය වශයෙන් නිවැරදි නොවීම මහත් ආනිශංස දෙන පාපයක් නොවු බැවිනුත් ටොයිකියන් මධ්‍ය පෘතුවිය තනිකරම සුදු කොලනියක් කලා.

මා මාතෘකාවෙන් පිටත ගොස් එම සිදූවීම ගෙනහැර පෑවෙි, හොලිවූඩි රචනාවක් වීම නිසා ස්ටාර් වෝස් මාලාව ලෝඩි ඔෆ් ද රිංග්ස් තරම් ම ජාතිවාදී නැති නමූත්, දැන් ලොව අනෙකුත් ජාතීන්ට විශේෂයෙන්ම විනෝද මාධ්‍ය තුල සමතැන් දීමට චිත්‍රාගාර පෙලඹෙන නිසාත්, ඩිස්නි ඒ අතර ප්‍රමුඛත්වය දරන බැවින් ( ඔබට මතක ඇති පි‍්‍රන්සස් ඇන්ඩි ද ෆ්රොග් හරහා ප්‍රථම වරට කාටූන් චිත්‍රපටයකට කළු ජාතික කුමාරිකාවක් හඳූන්වා දූන්නේ ඩිස්නි) තවත් විවිධත්වය පුළුල් කිරීමට ප්‍රධාන චරිතයක් සඳහා බ්‍රිතාන්‍ය ජාතික කළු තරුණයෙක් වන ජෝන් බොයේගා තෝරා ගත්තා.

නොස්ටැල්ජා නැතහොත් අතීත කාමය පෘතග්ජන අප කාටත් පොදූ දෙයක්. එයින් මිදෙන්නට ස්ටාර් වෝස් රසික ප්‍රජාවටත් නොහැකි බව මැනවින් වටහා ගත් චිත්‍රාගාර විධායකයින්, රචකයින්ට උපදෙස් දුන්නේ, රසික ආදරය දිනාගත් ඔරිජිනල් ස්ටාර් වෝස් හී පි‍්‍රයතම මුඛයාංග හැකි තරමක් මෙම චිත්‍රපටයට ඇතුළත් කරන ලෙසයි. එහි ප්‍රතිඵලයක් ලෙස හැරිසන් ෆෝඩ්ගේ හාන් සෝලෝ චරිතයත්, කේරි ෆිෂර් ගේ පි‍්‍රන්සස් ලේයා චරිතයත්, වූකීවරයෙකු වන හාන් සෝලෝ ගේ හිතෛෂි චූබක්කා ද 7 වන චිත්‍රපටයට නැවත ගෙන ආවා. ඊට අමතරව රසික සැමගේම පි‍්‍රයතම යානය වූ මිලෙනියමි ෆැල්කන් නැමැති අභ්‍යාවකාශ යානය ද චිත්‍රපටයට ඇතුලත් කරන්නට ඔවූන් අමතක කලේ නැහැ.

දැන් සාර්ථකත්වයට අවශ්‍ය සියළුම අමුද්‍රව්‍ය ඩිස්නි එක්රැස් කරගත් බැවින්, වැරදීමට ඇති සියළුම මාර්ග වලට තිත තැබීමෙන්, ඊලඟ කාර්යය වුයේ විනෝදාත්මක චිත්‍රපටයක් නිර්මාණය කිරීමයි. එයත් සාර්ථකව නිම කරන්නට ජේ. ජේ. ඒබ්රහමිස් ට හැකිවුණා. කෙතරමි සාර්ථක ද කියනවා නමි මෙි ලිපිය ලියන මොහොත වන විට, තිරගත කිරීමෙන් පමනක් ඇ.ඩො. බිලියන 2 ක් උපයා ඇති ස්ටාර් වෝස් - ද ෆෝස් අවේකන්ස් දෙවැනි වන්නේ ජේමිස් කැමරන් ගේ ඇවටාර් සහ ටයිටැනික් චිත්‍රපට ද්විත්වයට පමණයි.

ස්ටාර් වෝස් 8 වන චිත්‍රපටය දැනටමත් රූගත කරමින් පවතින්නේ ලබන වසරේ තිරගත කිරීමටයි. 9 වන චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට ඩිස්නි තෝරා ගෙන තිබෙන්නේ, ගිය වසරේ අති සාර්ථක ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටය අධ්‍යක්ෂණය කල කොලින් ට්‍රෙරෝවි යි. ජේ. ජේ. ඒබ්රහමිස් කෙතරමි දක්ෂයෙක් වුණත් ඩිස්නි ජෝජ් ලූකස් ට වූ වැරදීමෙන් පාඩමක් ඉගෙන ගෙන, ඔරිජිනල් ති‍්‍රත්වය මෙන් මේ චිත්‍රපට 3 ත් අධ්‍යක්ෂකවරුන් 3 දෙනෙකුට බාර දී තිබෙනවා. එය චිත්‍රපටි මාලාවට සුභ ලකුණක්.

එම සුභ ලකුණත් සමගම ධනාත්මක ස්වරයකින් ඔබ සති ගනනක් කියවූ මේ ලිපි මාලාව නිම කරන්නට ලැබීම වාසනාවක්. ස්ටාර් වෝස් සාගාව නොනැවති ඉදිරියට යන අතර ලබන වසරේද නත්තල් සමයේ 8 වන කෘතාංගය සමග 8 වන චිත්‍රපටය පිළිබඳ විස්තරයක් ඔබ හමුවට ගෙන එන ප්‍රතිඥාව මත ඔබගෙන් තාවකාලිකව සමුගන්නමි.