වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




ගුවන් මඟීන් පුදුම කළ ගීතය

ගුවන් මඟීන් පුදුම කළ ගීතය

අහස් යානයකට නැගුණු පසු ගුවන්ගත කිරීමට ප්‍රථමව එහි කාර්ය මණ්ඩලයෙන් ගුවන් ගමන හා ඒ සඳහා උපදෙස් මාලාවක් නිවේදනය කරනවා. ඉන්දියාවේ මේ විදියට ගුවන් ගමනට සැරසුනු මඟීන් පිරිසකට ඒ උපදෙස්වලට ප්‍රථමයෙන් අසන්න ලැබුණේ මියුරු ගීතයක්. ඒ 2004 වසරේ තිරගත කෙරුණු ‘වීර් සාරා’ චිත්‍රපටයේ එන ‘දෝපල් රුඛා’ ගීතය යි.

ගුවන් ගත වන්න සූදානමින් සිටි ඔවුන්ට මෙය අදහා ගන්න බැරි වෙලා. ඒ වුණත් හඩ නම් සුපුරුදුයි. ඒ වෙන කවුරුවත් නොවෙයි ‘වීර් සාරා’ චිත්‍රපටයට ‘දෝපල් රුඛා’ ගීතය ගායනා කළ සෝනු නිගම්.

සෝනුත් එදා මේ ගුවන් යානයෙන් යාමට පැමිණි අතරේ මඟීන් පුදුම කරවන්න හිතාගෙනයි මේ ගීතය ගායනා කරලා තියෙන්නේ. මේ නිසා ඒ ගුවන් ගමන සාමාන්‍ය ගුවන් ගමනකින් බොහෝ වෙනස්ව ඔල්වරසන් පී‍්‍රති ඝෝෂා මැද ගුවන්ගත වූවක් වුණා.