වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




අසීන්ගේ විවාහය

අසීන්ගේ විවාහය

ජනපි‍්‍රය නිළි අසින්ගේ විවාහය ගැන කටකතා පැතිරුණේ මීට ටික කාලයකට ඉහතදීයි. දෙසැම්බර් මාසයේදී ඇය සිය විවාහය පිළිබඳ කටකතා තහවුරු කළා. ඒ අනුව පසුගිය 19 වනදා අසීන් විවාහ දිවියට පත් වුණේ මයික්‍රොමැක්ස් හි අයිතිකරු වන රාහුල් ශර්මා සමඟයි.

අසින්ගේ විවාහ උත්සවය කොටස් දෙකකින් සමන්විත වුණා. පළමු කොටස කතෝලික චාරිත්‍ර වාරිත්‍ර අනුව කතෝලික පල්ලියේදී පවත්වන්න කටයුතු යොදා තිබුණා. එහිදී අසින් සැරසී සිටියේ සුදු පැහැති ගවුමකින්. දෙවන මනමාලයා වූයේ අසින්ව රාහුල්ට හඳුන්වා දුන් අක්ශේ කුමාර්.

මංගල උලෙළේ දෙවැනි කොටස හින්දු චාරිත්‍ර අනුව දුසිත් දෙවාරන නම් හෝටලයේ පැවැත් වුණා. එම අවස්ථාවට අසින් ලෙහෙඟා චෝලි නම් ඇඳුමකින් සැරසුනා. මෙම අවස්ථා දෙකටම සහභාගී වී සිටියේ දෙදෙනාගේ ඥාතීන් සහ ළඟම මිතුරන් පමණයි. අනෙකුත් හිතවතුන් සහ මිතුරන් වෙනුවෙන් පවත්වන පි‍්‍රය සාදය විචිත්‍ර අන්දමින් 23 වන දා පැවැත්වූ බවත් ආරංචියි.

අසින් බොලිවුඩයට පැමිණියේ, ආමීර් ඛාන් සමඟ 'ගජිනි' චිත්‍රපටයේ රංගයෙන්. ඉන් පසු ඈ 'ලන්ඩන් ඩ්රී ම්ස්', රෙඩි සහ බෝල්භාච්චන් වැනි චිත්‍රපට වල රඟපෑවා.