වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




සුදු නංගිට උණ ගැනිලා

සුදු නංගිට උණ ගැනිලා

අයෝමි ශානිකා හෙවත් අපේ ආදරණිය සුදු නංගි පසුගිය දිනවල සෑහෙන්න නිහඬ චරිතයක් වුණා. වෛද්‍යවරියක ලෙසට පත්වීම ලැබුවායින් අනතුරුව මඳ වශයෙන් වුවත් ටෙලි නාට්‍යවල රඟපෑවට මෑතකාලීනව නම් ඇයට දැක්කේම නැති තරම්. අපි මෙයා ගැන හොයලා බැලුවා.

ඔය අතරේ තමයි අපට දැනගන්නට ලැබුණේ අයෝමිට ඩෙංගු හැදුණා කියලා. ඇයට ගොඩක් අමාරු වුණාලු. ඒ කාලයේදි' ඇගේ ස්වාමි පුරුෂයා වන චින්තක දොලපිහිල්ල ඔවුන්ගේ පුංචි පුතුත් සමඟ හැකි තරම් ආගමික වතාවත්වල යෙදුණලු. දෙවියන්ගේ අනුහස් පින් බලෙන් අයෝමි සුව වෙලා.

මේ දිනවල ඇය ගෙදරට වෙලා විවේකයෙන් පසු වෙනවලු. ළඟදීම කලා කටයුතුවලට එකතුවන බවත් ඇය අපිත් එක්ක කිව්වා.