වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




සියලුම සිනමාකරුවන් වෙතටයි
සියලුම සිනමා ප්‍රදර්ශක සමාගම් සිනමාව සුරැකීමේ සියලු සිනමා සංගම් සහ බලමණ්ඩල ඇතුළු

සියලුම සිනමාකරුවන් වෙතටයි

චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් විසිනි

අපට අහිමි වූ සිනමා ශාලා ගණන 325 යි

2 වෙනි කොටස

සංවාදයට විවෘතයි

1983 ජූලි කලබලයට පෙර ශ්‍රී ලංකාවේ සියලුම ලියාපදිංචි' සිනමාහල් ගණන 477 ක් වන්නේ චිත්‍රපට සංස්ථා 'තරංගනී' සිනමාහල ඇතුළුවය. එයින් යාපනය දිස්ත්‍රික්කයේ පමණක් අවුරදු 30 ක යුද්ධය තුළ කුරිරු ත්‍රස්තවාදීන් විසින් විනාශ කර දැමූ සිනමා ශාලා ගණන 35 කි.

ජාති ආලයෙන් මත් වූ ජාති හිතෛෂීන් විසින් විනාශ කර දැමූ අපේම සිනමාහල් ගණන ද. මේ වන විට වසා දමා ඇති සිනමාහල් පොහොර ගබඩා, හාල් ගබඩාවලට ද, ඉස්කාගාර සංස්ථාවේ අරක්කු ගබඩාවට රැගෙන ඇති වැල්ලම්පිටිය රුක්මණී සිනමාහල ද නාට්‍ය හා වෙනත් කලා කටයුතුවලට පවරා ගත් මරදාන එල්ෆින්ස්ටන් ඇතුළුව චිත්‍රපට පෙන්විම අත්හිටුවා දමා ඇති සිනමා ශාලා ගණන 325 කට නොඅඩුය. දැන් ඉතිරිව ඇති සිනමහල් ගණන 150 කටත් අඩුය.

අප සිංහල චිත්‍රපට 'වැදූ - හැදූ' හැඳල විජය චිත්‍රාගාරය සහ නාරාහේන්පිට කිරුළ පාරේ ලංකා චිත්‍රාගාරය ද ජාති ආලකයන් විසින් ගිනිබත් කළේ ද අප දෑස් ඉදිරිපිටමය. එයින්, ඇවිළී ගිය අප හදගින්න කිසි කලෙක නිවා දැමිය නොහැකිය.

හතලිස් හතේ මෙන්. අද ද අපට ඉන්දියාව නොමැතිව චිත්‍රපටයක් ගොඩ දා ගත නොහැකි තත්ත්වයකට අප සිනමා කර්මාන්තය බිංදුවටම වැටී ඇත.

මේ රටෙ ජනතාව ලක්ෂ 700 ක් එදා චිත්‍රපට නැරඹුවේ කොතැන අසුන් ගෙනද? එනම් සිංහල සිනමාහල තුළ බෙදා වෙන් කොට තැනූ 01 - 02 සහ 03 යන පන්ති පද්ධතිය තුළ - තමන්ට රිසි අසුන ලබාගෙනය.

එදා ශත 55 ට - 1.10 ට - 2.20 ට සහ බැල්කනි 4.40 ට නරඹන විට 1978 තිරගත වූ 'චණ්ඩි ශ්‍යාමා' චිත්‍රපටය මරදාන එල්ෆින්ස්ටන් සිනමාහලේ දින 150 කට ආසන්නව ගැලවී යද්දී දිවයින පුරා ආදායම ලක්ෂ 54 ක් විය.

නුවර වේල්ස් සිනමාහලේ 'චණ්ඩි ශ්‍යාමා' සියලු ආදායම වාර්තා බිඳ හෙළමින් දින 175 ක් තිරගත වෙද්දී නිෂ්පාදක / අධ්‍යක්ෂ එම්. එස්. ආනන්දන් විසින්ම චිත්‍රපටය ගලවා දමන ලද්දේ සේන සමරසිංහගේ ආශා දෑසින් ප්‍රදර්ශනයට ඉඩ ලබාදීම පිණිසය.

ඉතිහාසයේ සඳහන් වන චිත්‍රපට කර්මාන්තයේ 'රන් කාලය' පිළිබඳව එක් උදාහරණයකි ඒ. එවන් චිත්‍රපටවලට පරිභව කරමින්. ඉරිසියා කරමින්, මෙරට වැදගත් සිනමා ආයෝජකයන්ට නිර්දය ලෙස පහර ගසමින්, එයින්ම යැපී, තමන්ගේ පාණ්ඩිත්වය පෙන්වා මහජනතාව මුළා කොට නිර්මාණකරුවන්ව ගෙනාට ඇන්ද වූ, කුහක ඊනියා විචාරකයින්, වත්මන් සිනමාව මුහුණ පා ඇති භයංකාර තත්ත්වයට සෘජුව වගකිවයුත්තන් බව මා එක හෙළාම ප්‍රකාශ කර සිටිමි.

එසේ බහුතරයක් සිංහල චිත්‍රපට විසල් ආදායම් ලබමින් තිරගත වෙද්දී විවිධ වෙළඳ උපක්‍රම යොදමින් මොන්ටිසෝරි දරුවාගේ සිට, මහල්ලා දක්වා ජෝ මයිකල් හැදූ අජාසත්ත 1981 අප්‍රේල් 10 වනදා තිරයට පැමිණ, සියලුම ආදායම් වාර්තා බිඳ හෙළමින් රුපියල් කෝටියක් ඉපයීමට සමත් වූයේය. ජෝ මයිකල්ට මෙන්ම අද මේ රටේ 'චිත්‍රපට කියන ජාතිය' නොබලන සිනමාලෝලීන් නොවන පිරිසක් සිනමාහලට ගෙන්වීම පිළිබඳව ආචාර්ය සෝමරත්න දිසානායකයන්ට ප්‍රශංසා කළ යුතුය.

අද සිනමාහල තුළ ප්‍රේක්ෂක සහභාගිත්වය ඉතා උග්‍ර ලෙස හීන වී යෑමේ ප්‍රවණතාවය අභියස සිංහල සිනමා කර්මාන්තය දැන් මුහුණ පා ඇති' අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සිනමා විශේෂඥයින්ගෙන් සහ චිත්‍රපට නරඹන්නන්ගෙන් විමසා බැලූ කළ ඔවුන් ඉලක්ක කරන්නේ විවිධ වූ හේතු කාරණාවන් දෙසටය.

එනම්.

1. සිනමාහල ප්‍රක්ෂේපණය ශබ්ද විකාශනය දුර්වල වීම

2. චිත්‍රපටයේ ධාවන කාලය කෙටි වීම

3. ප්‍රවේශ පත්‍ර මිල අධික ලෙස ඉහළ යෑම

4. ජනප්‍රිය නළු නිළියන් හිඟකම

5. සිනමාහල්වල යටිතල පහසුකම් හීන වීම

6. ටෙලිවිෂනයේ සිංහල චිත්‍රපට පෙන්වීම

7. චිත්‍රපටය ආ සැණින් ඩී. වී. ඩී විකිණීම

8. ප්‍රචාරක කටයුතු දුර්වල වීම

9. සිංහල කථානාද කසිකබල් චිත්‍රපට නිපදවීම සහ එකම වර්ගයේ චිත්‍රපට කථා පුවත් එක පිට එක පෙන්වීම යනාදී වශයෙනි.

ඉහත සඳහන් කරුණු 10 න් පළමුවෙනි කරුණු 03 සිනමාව බිඳ වැටීමට සෘජුව ඉවහල් වන බව අවිවාදයෙන් පිළිගත හැකිය. 1 වෙනි කරුණ ප්‍රක්ෂේපණය.

පළමුවෙනි කරුණ අබියස ප්‍රේක්ෂකයා අන්ත අසරණ තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකිය.

එනම්, චිත්‍රපට දසුන හා ශබ්දවාහිනිය නිවැරදිව ගොඩනගා නැතිනම්, එයින් බැට කෑ ප්‍රේක්ෂකයා එම සිනමාහලට නැවත නොයන බව සිනමාහල් හිමියන් සැලකිල්ලට ගත යුතුය.

අප සිනමාවේ ස්වරණමය යුගයේදී ද පළමු කරුණ නිවැරැදි නොවන තැන, බැට කෑ රසිකයා වෙනුවෙන් සිනමාහල් හිමියා දඩ කෑ වාර අනන්තය. කාච කට්ටලය දුර්වර්ණ වී, චිත්‍රපට දසුන අඳුරු වී නම්, ප්‍රතිබිම්බය ඉහළට පහළට සෙල වෙයි නම්, රූප රාමුවේ නියමිත පරිමාව නොමැතිවය, ඉහළ පහළ හෝ දෙපැත්තෙන් කැපී යන්නේ නම්, ශබ්දය නියමිත පරිදි වහනය නෙවේ නම්, ප්‍රේක්ෂකාගාරය තුළට හිරු එළිය කාන්දු වේ නම් අනිවාර්යයෙන්ම සිනමාහල් හිමියාට දඩ කෑමට සිදු වනු ඇත. නැතිනම් ප්‍රදර්ශනය සඳහා චිත්‍රපට අහිමිවනු ඇත.

එම ප්‍රමිතිය රැක ගැනිමට එදා පෞද්ගලික අංශය දැඩි තීන්දු තිරණ ගන්නා ලද්දේ සිනමා කර්මාන්තය රැක ගැනීම් වස්, සිනමා ප්‍රේක්ෂකයා වෙනුවෙනි.

එදා පෞද්ගලික අංශ මෙන්ම, නැවත සිනමාහල් පරික්ෂණ කණ්ඩායම් යෙදවීම අනිවාර්යෙන් කළ යුතු වන්නේ. අප වටිනා ප්‍රේක්ෂකයා රැක ගැනීමේ අභිප්‍රායෙනි.

ශ්‍රී ලංකාවේ මර්මස්ථානයේ පිහිටා ප්‍රෞඪව වැජඹෙමින් නිශ්ශබ්ද සිනමා යුගයේ පටන් පැවතෙන නොම්මර එකේ සිනමා ශාලාවක් වන කොළඹ රීගල් සිනමාහලේ වත්මන් තත්ත්වයේ ඇති ඛේදනීය බව නොකියා සිටියහොත් සිනමාව ඇද වැටෙන තුරු නිහඬව බලා සිටියවුන් අතරට මාද එක්වනු ඇත. උක්ත සිනමාහලේ ඕඒඅඛ්ර්‍ණ වෙළඳ ලකුණට අයත් නවීන ඩිජිටල් 2ම් ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් සවිකොට ඇතත් එහි තාක්ෂණික වශයෙන් උපරිම පල නෙළා ගැනීමට නොහැකි වී ඇත්තේ කිසිදු අයුරකින්, සිනමාහලේ කිසිදු වෙනස්කමක් කිරීමට නොහැකි වන සේ, කොළඹ නගර සභාව විසින් තහංචි පනවා ඇති හෙයිනි.

ඊට රාජකීය හේතුව වශයෙන් පෙන්වා දෙන්නේ හිරු නොබසින අධිරාජ්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජන කොළඹ රීගල් සිනමාහලට සම්ප්‍රාප්තවීමයි.

ඒ, 1954 දීය. එබැවින් එහි පෞරාණික හැඩ තලවල කිසිදු වෙනසක් නොකිරිමට වගබලා ගැනීම වෙනුවෙන්, තීන්දු - තීරණ ගත් අයට මාගේ ප්‍රණාමය ද පුදකර සිටිමි.

එහෙත් - මගේ බලවත් ඉල්ලීම වන්නේ - දැනට අඩි 30 ක් පළලින් සමන්විත රීගල් - රිදී තිරය දෙපස බිත්ති කණු දෙක ඉවත් කොට අඩි 40 ක් පළලින් යුත් දැවැන්ත රිදී තිරයක් සවි කරන ලෙසටය. ඉන් මහ රැජිනට හෝ ලංකා රාජ්‍යයට ද කිසිදු අගතියක් හෝ අවමානයක් නොවනු ඇත.

එසේ නොවන්නට දැනට ගලවා වෙනස් කොට ඇති මහ රැජින පය ගැසූ විල්ලුද බුමුතුරුණු ද වෙනස් කෙට ඇති බිත්ති වර්ණාලේපනය ද සිනමාහලේ හෘදය වස්තුව වන් මි. මි. 35 ප්‍රක්ෂේපණ යන්ත්‍ර ද ගලවා දමා ඩිජිටල් හෘදය වස්තුවක් සවි කිරීමෙන් මහ රැජිනට අවමානයක් නොවුණා යැයි සැලකිය හැකි නමුදු. මහ රැජිනට ද සිදු නොවිය යුතු මදි පුංචිකම දැනටමත් සිදු වී හමාරය. මන්ද ගරු බුහුමන් මැද මහ රැජන කොළඹ රීගල් සිනමාහලට ප්‍රවිෂ්ට වූ ප්‍රධාන දොරටුව අද සහමුලින්ම වෙනස් කොට වීදුරු දොරකඩට පරිවර්තනය කොට ඇත. ඉන් මහ රැජිනට අගතියක් හෝ අවමානයක් හෝ මදිපුංචිකමක් හෝ සිදු නොවුණා සේ අදාළ බලධාරින් පිළිගන්නේ නම්, වේගයෙන් දියුණු වන සිනමා තාක්ෂණය ඉදිරියේ, රීගල් තිරය විශාල කිරීමට ඔවුන් පසුබට නොවනු ඇත. ඒ වෙනුවෙන් එම නිලධාරීන්ව මෙමඟින් දැනුම්වත් කොට රීගල් තිරය විශාල කරන ලෙස නැවත, නැවත ඉල්ලීම සිනමාව වෙනුවෙන් කරන මගේ යුතුකම වන්නේය.

උක්ත සිනමාහලේ නවීන ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් සවිකොට සරිවට ශබ්දය 7.1 වෙනුවෙන්, යන්ත්‍ර නිවැවුම්කරු ලකුණු කොට ඇතත් කවුරුන් හෝ නිවැරදි උපදෙස් නොදීමෙන්, ශබ්ද පද්ධතිය සවිකර (ධ්ව්ඉඊඒඹ්ඹ්ඒඊධ්ර්‍ණව් ර්‍ණජ් ඊඩ්ඡ් ඉර්‍ණඋව්ච් ඉකඉඊඡ්ර්) ඇත්තේ නාට්‍යාගාරයක සංදර්ශනයන් පැවැත්වීම මූලික කරුණ බවට පත් කර ගනිමිනි.

එබැවින්, එහි උපරිම පළ නෙළා ගැනීමට අපොහොසත් වී ඇත්තේ සිනමාපටය පමණි. සිනමාහලක ප්‍රෞඪත්වය මනින, නිල නොවන ඒකකය රිදී තිර පරිමාවකි. සරිවට (ඉඋඅඅර්‍ණඋව්ච්ධ්ව්ට්) ශබ්ද ප්‍රයෝගය ද නිවැරැදි වන්නේ නම් සිනමාහල තුළ ප්‍රේක්ෂකාකර්ෂණ වර්ධනය පිළිබඳ මා පුන පුනා කිව යුතු නොවෙයි.

උක්ත සිනමාහලේ බැල්කනි ප්‍රවේශ පත්‍රයක්, අද දින රුපියල් දාහකට ඉතා පහසුවෙන් අලෙවි කර ගත හැක. එමෙන්ම, සිල්ලර මුදලකට චිත්‍රපට නරඹන රසිකයාව ද, සිනමාහලට ඇතුළත් කර ගත යුතුමය.

සිනමාවට නැති ප්‍රේක්ෂකයින් කොයිබටද? ප්‍රේක්ෂකයින් නැති සිනමාව කොයිබටද?

සිංහල සිනමාහල

හොලිවුඩ් - බොලිවුඩ් - කොලිවුඩ් - ධාවන කාලය

03 වෙනි කොටස - ලබන සතියට