වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

සුපිරි වීරයා ඔබයි රන්ජන්

වත්මන් සිංහල සිනමාවේ සුපිරි විරයා වන්නේ රන්ජන් ඔබයි. දේශපාලන ක්ෂේත්‍රයේ කෙතරම් නිලතල හෙබ වුවත් කිසි දිනෙක සිනමාව අමතක නොකරන්න. අප ඔබ හඳුනා ගත්තේ සිනමාවෙනි. 'සිංහයා', 'නවරියන්' චිත්‍රපට රිදී තිිරයට පැමිණෙන තෙක් අප බලා සිටින්නෙමු.
 

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

ළමා ලෝකයට ආලෝකයක්

හෝ ගානා පොකුණ වැනි ළමා චිත්‍රපට තව තවත් රිදී තිරයට එක් කර ළමා ලෝකයට ආලෝකය ලබා දෙන්න.
 

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල

කොටුගොඩ

සුභාවිත ගීතය රැකගත් ඔබට දිගාසිරි

සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන් වැනි කලාකරුවන්ගේ නිහැඬියාව සමඟින් දේශීය සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුනේ කැප වූ පණ්ඩිත් අමරදේව, සංගීත් නිපුන් සනත් නන්දසිරි, ආචාර්ය වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක, නන්දා මාලිනියට උපහාර පුදමි. ශාස්ත්‍රීය සංගීතය, සුභාවිත ගීතය සුරක්ෂිත කරමින් ගායනයෙන් මෙන්ම සංගීත අධ්‍යක්ෂණයෙන් කැප වූ ඔබ සැමට දිගාසිරි.
 

සුනිල් විජේසිංහ

මතුගම

හෙළයේ මහා සිනමාකරුට ගෞරවනීය ප්‍රණාමය

1947 ජනවාරි 21 වැනිදා ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව තිරගත විය. වසර 69 ක් සපුරන සිංහල සිනමාවේ සංධිස්ථාන ලෙස ගොළු හදවත, ගම්පෙරළිය, පරසතු මල්, රේඛාව සහ රන්මුතු දූව බොලිවුඩය ද අභිබවා ගිය චිත්‍රපටයන්ය. අපේ සිනමාව දේශ දේශාන්තරවලට රැගෙන ගිය මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිංහල සිනමාව වෙනුවෙන් කළ පුරෝගාමී මෙහෙවරට අපගේ ගෞරවනීය ප්‍රණාමය.
 

අතුල රම්‍යසිරි

පානදුර

චිත්‍රපට සංස්ථාවට සුබ උපන් දිනයක්

ජාතික චිත්‍රපට සංස්ථාවේ 44 වැනි ජන්ම දිනයට උණුසුම් සුබපැතුම්.
 

එන්. විජයානන්ද පොඩි නිළමේ

නාලන්දාරාම පාර

නුගේගොඩ

හදවත් නැත්තෝ දකින්න ආසයි

1976 වසරේදී තිරගත වූ නීටා ප්‍රනාන්දු සහ රොබින් ප්‍රනාන්දු, පර්ල් කුරේ ප්‍රධාන චරිත මැවූ 'හදවත් නැත්තෝ' අප එදා ඉතා ආසාවෙන් නැරඹූ චිත්‍රපටයකි. එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කරන ලෙස ඉල්ලා සිටිමි.
 

කල්‍යාණ ජයනෙත්ති

මැටරඹ

උණවටුන

විජය වෙන් වී විසිහත් වසරයි

රැඟුමට ගැයුමට එක ලෙස ඉඳලා
කාගෙත් සිත් සතන් එක ලෙස තුටු කරලා
නොමියෙන මතක සටහන් අප වෙත තබලා
විසිහත් වස ගෙවයි ඔබ අප අත හැරලා
 

වැලිකලගේ සිරිපාල

මතුගම

බාල පරපුර බේරා ගන්න

සුරාවට, සූදුවට නැඹුරු නැති චිත්‍රපට ජාතික රූපවාහිනියෙන් ප්‍රදර්ශනය කරන්න. අපේ රටේ බාල පරපුර බේරා ගැනීම වෙනුවෙනි.
 

වියානි ගුණවර්ධන

පල්ලිය පාර

වෙන්නප්පුව

ප්‍රසාදය සමග අප්‍රසාදය

සහජ කුසලතාවෙන් පිරිපුන් දක්ෂ රංගන ශිල්පිනියක වන දුලීකා මාරපනගේ ඇතැම් ටෙලි නාට්‍යවල රංගනයන් ගැන නම් ප්‍රසාදයක් නැහැ. තෝරා බේරා රඟපෑවොත් හොඳයි නේද?
 

අයිලීන් සෝවිස්

වැලිසර

රාගම

වෙනස් මඟක යන ‘චැම්පියන් ස්ටාර්’ට සුබපැතුම්

සති අන්තයේ දෙරණ නාළිකාවෙන් විකාශය වන 'චැම්පියන් ස්ටාර්' වෙනස්ම මඟක් ගත් විනෝදාත්මක වැඩසටහනකි. එම වැඩසටහන ඉදිරිපත් කරන පේෂල මමෝජ්, මාධව සහ සචිනි මෙන්ම මමෝජ් පීරිස් ඇතුළු සංගීත කණ්ඩායමට ද හදවතින්ම සුබපතමි.
 

ඉන්ද්‍රානි ආරියවංශ

ගල්කිස්ස

අසරණ කලාකරුවන් නොපෙනීම කණගාටුදායකයි

අපේ ඇතැම් ජනප්‍රිය කලාකරුවන් කලාකාරියන් ඉතා අසරණ තත්ත්වයට පත්වූ අවස්ථා රසික හදවත් කම්පා කරවන්නක් විය. රජය හෝ කලා සංවිධාන ඒ වෙනුවෙන් විධිමත් පියවර ගන්නේ නම් මැනවි. අනුන්ගේ ගී ගයන සුපිරි තරු වෙනුවෙන් කෝටි ගණන් මුදල් හා දේපල පිරිනැමීමට ඕනෑ තරම් අය සිටියත් ඔවුන්ට මෙම අසරණ කලාකරුවන් නොපනීම කණගාටුදායකය.
 

ලක්ෂ්මන් රණසිංහ

වත්තල

ප්‍රින්ස්ට උපකාර කරමු

නොසිතු විරූ ලෙස රෝගාතුරවී ප්‍රතිකාර ලබන ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්තට අප කාගේත් උපකාරය අවශ්‍ය වී ඇත. අප වෙනුවෙන් මතකයේ රැඳෙන ගීත ගායනා කළ ඔහුගේ දිවියට සවියක් වන්නට හැකියාවක් ඇත්නම් එය කලා ලොවේ මිල කළ නොහැකි සේවාවකි.
 

සමන් ගාල්ලගේ

කැටපල

ගණේගොඩ

හඬ ඇසීමට ආසාවෙන්

සුජාතා අක්කේ, 70 දශකයේදී චිත්‍රපටවලට නැතිවම බැරි දක්ෂ ජනප්‍රිය ගායිකාවක වූ ඔබ දැන් ගීත ගායනා නොකරන්නේ ඇයි? ඔබේ නව ගීත සහ ඔබගේ මියුරු හඬ යළි ඇසීමට අපි දැඩි ආසාවෙන් සිටිමු.
 

මැණිකේ විල්වල

තිලකරත්න විල්වල

තටාකය පාර

කෑගල්ල

ප්‍රථම සිංහල චිත්‍රපටයට 69 වසරයි

සිංහල සිනමාවේ පළමු චිත්‍රපටය තිරගතවී උදා වූ 69 වසරට අපෙන් සුබපැතුම්.
 

තිළිණ

ගම්පහ

අබිලිං ඔබට නිවන් සුව!

කෝපි කඩේ ටෙලි නාට්‍යයේ අබිලිං ලෙසින් රටක් වසඟ කළ රංගන ශිල්පී චන්ද්‍රසිරි කොඩිතුවක්කු කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව.
 

එච්. ඉන්ද්‍රපාල

සංඝමිත්තා මාවත

මුංහේන

හොඳ රිදී රැයක්

මවර රිදී රැයක් හොඳයි.
 

රූබන්

රත්නපුර

හෝ ගානා පොකුණෙන් ආදර්ශයක්

හෝ ගානා පොකුණ ආදර්ශවත් චිත්‍රපටයක්. එහි රංගනයෙන් දායක වූ දරු දැරියන්ට සුබපැතුම්!
 

මංගලිකා සුරවීර

ඇහැළියගොඩ

හොඳ ටෙලි නරඹන්න ආසයි

මේ දිනවල විකාශය වන ඇතැම් ටෙලි නාට්‍ය කිසිම රසවත් බවක් නැහැ. අර්ථවත් කතාවක් ගෙන එන පිළිවෙලක් ඇතුව නිර්මාණය කළ ටෙලි නිර්මාණයක් නැරඹීමටත් ආසයි.
 

එච්. අමරසිරි

පෑලියගොඩ

0719538072 ප්‍රතිචාර සඳහා නවතම අංකයක්