වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




සෙල්ෆි අස්සේ බඩු බනිස්

සෙල්ෆි අස්සේ බඩු බනිස්

ප්‍රසංග වේදිකාව හොල්ලපු චරිතයක් තමයි සංගීත් විජේසූරිය කියන්නේ. ඔහු පැමිණෙන ප්‍රසංග නරඹන්න වෙනමම පිරිසක් රොද බැඳ ගෙන සිටිනවා. ඉතින් මේ සංගීත් කොලුවටත් නොයෙක් දේ සිදු වෙනවා ඔය ෂෝස්වලට යද්දී. ළඟදී ඉඳලා සංගීත් පළඳින අපූරු පළඳනා අතුරුදන් වෙන්න පටන් අරන්. ෂෝ එකකට යද්දී දාගෙන යන ඒවා ගෙදර එනකොට නැතිලු. පුදුම වැඩේ. සංගීත් කල්පනා කරනවලු මොකද මේවට සිද්ධ වෙන්නේ කියලා.

දවසක් ෂෝ එකක් අතරතුරදී සංගීත් බොහොමත් අවධානයෙන් හිටියලු. ඔන්න එතකොට වැඩේ මාට්ටු වෙලා. මේ වන විට සෙල්ෆි ගැහිල්ල උණක් බවට පත් වෙලානේ. සංගීත් ෂෝවලට ගියාම ඔහුවත් වට කරගෙන රසික රසිකාවෝ සෙල්ෆි ගහනවලු.

ඔය අතරතුරදී සංගීත් ළඟට කිට්ටු වන අය විශේෂයෙන් ගැහැනු ළමයි සංගීත්ගේ පළඳනා හිමිහිට ගලවගෙන යනවලු. ඒක අහු වුණාට පස්සෙත් සංගීත් මුකුත් නොකියා හිටියලු. එදායින් පසුව සංගීත් අත් පළඳනා පැළඳීම අඩු කළාලු.