වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




සනී ගයාල් සමඟින්

සනී ගයාල් සමඟින්

බොලිවුඩ් නළු සනී ඩියෝල් ළඟදීම ඔහුගේම නිර්මාණයක් වූ ගයාල් චිත්‍රපටයේ නව නිෂ්පාදනයෙන් පේ‍්‍රක්ෂකයින් හමුවට එන්න සූදානම්. ‘ගයාල්’ මුලින්ම තිරගත කෙරුණේ 1990 වසරේදීයි. එය සනීගේ පියා ධර්මේන්ද්‍ර විසින් නිෂ්පාදනය කෙරුණු අතර රාජ්කුමාර් සන්තෝෂි විසින් එය අධ්‍යක්ෂණය කළා. එය ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ඇතුළු සම්මාන හතක් දිනා ගත්තා. ආදායම් වාර්තා තබමින් තිරගත කෙරුණු ‘ගයාල්’ එම වසරේ ඉහළම ආදායම් ලද චිත්‍රපට අතරේ දෙවැනි ස්ථානයට පත් වුණා. එය 1992 වසරේදී දෙමළ භාෂාවෙන් සහ 1998 වසරේදී තෙළිගු භාෂාවෙන්ද නිර්මාණය කෙරුණා.

එදා ‘ගයාල්’ හින්දි චිත්‍රපටයේ අජේ මෙහෙරා ලෙසින් ප්‍රධාන චරිතයට පණ දුන්නෙත් සනී ඩියෝල්. එම රංගනය වෙනුවෙන් ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම නළුවා ලෙසින්ද සම්මානයට පාත්‍ර වුණා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සනී විසින්. නිෂ්පාදනයේ නම් වෙනසක් නැහැ.

“‘ගයාල්’ නැවත නිර්මාණය කිරීම ගැන ගොඩක් සතුටින් සිටින්නේ සනීගේ බාල සොහොයුරා බොබී ඩියෝල්. ඔහු පවසන්නේ මෙම චිත්‍රපටයත් අති සාර්ථක චිත්‍රපටයක් වනු ඇති බවයි. අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතයට පණ පෙවීම ඉතාම අසීරු කාර්යයක්. ඒ වුණත් අයියා ඒ කාර්යය හරිම ලෙහෙසියෙන් ඉටු කරාවි” බොබි පවසවා.