වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




Viewfinder by Malan

දේවින්දට හරසර

දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ භවතරණය චිත්‍රපටයට නවදිල්ලි චිත්‍රපටි උලෙළේදි හොඳම චිත්‍රපටය ලෙස සම්මානය දිනා කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ පිළිගත් අයුරු.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කැරොල් ගී ගැයූ දා

ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කතෝලික සංගමය සංවිධානය කළ නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පසුගියදා ගරු සිරිල් ගාමිණී පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක සහ නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන යන මහත්වරු සහභාගී වූහ.

ජයන්තා රුක්මණීගේ දියණිය විවාහ වූ දා

ලේඛිකාවක් සහ සිනමා විචාරිකාවක් වන ජයන්තා රුක්මණී සිරිවර්ධනගේ දියණිය ඕෂදී හසාරා සහ මධුර ද ලැනරෝල්ගේ මංගල උත්සවය පසුගියදා වොටර්ස් එජ් හිදී උත්සවකාරයෙන් පැවැත්විණි. මෙහිදී මනාල යුවළ හැඩ ගන්වන ලද්දේ චතුරිකා ජයවර්ධනයි. ඡායාරූපය කසුන් රන්මුඛයි.

ලතා, අනිල් ලේක්හවුස් බැති ගී ගයමින්

 

ලේක්හවුස් කතෝලික සංගමය මෙහෙයවීමෙන් නත්තල් කැරොල් වැඩ සටහනක් පසුගියදා ලේක්හවුස් ආයතනයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල සහ ප්‍රවීණ ගායක අනිල් භාරති සහභාගි වූ අතර ලේක්හවුස් කතෝලික ගීත කණ්ඩායම කැරොල් ගී ඉදිරිපත් කරන ලදී.