වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




දුරු රටක දුකින්

දුරු රටක දුකින්

සෙනාලි ෆොන්සේකා හදිසියේම ලංකාවට එන්න හදලා තියනවා. නමුත් ඒ ගමන නවත්වලා තියෙන්නේ ඇයගේ ආදරණීය මාමා වන අශෝක සෙනරත් මුදලිගේ. සෙනාලි ඉතා දුකින්ලු ලංකාවට ගොඩ බහින්න හැදුවේ.

එයට හේතුව ඇයගේ ආදරණීය මිත්තණිය වන අජිතා රණසිංහ සදහටම සමුගෙන යාම. අජිතා මහත්මිය අශෝකගේ මව. ඔහු ඇයගේ අවසන් කටයුතු බොහොම චාම්ව සිදු කරලා. සෙනාලි එංගලන්තයේ ඉන්න හින්දා එහෙ ඉඳලා ලංකාවට එන්න ප්‍රමාද වේවි කියලයි අශෝක කියලා තියන්නේ එන්නට එපා කියලා.

සෙනාලි සෝ සසුම් මැද එංගලන්තයට වෙලා හිටියලු. අශෝක ඇතුළු දුවා දරුවන් හත් දෙනෙකු ලද අජිතා මහත්මිය මිය යන විට වයස අවුරුදු 91 ක්. ඇයගේ අවසන් කටයුතු සිදු වුණේ අතුරුගිරියේදී.