වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ඉපැරැණි මතක

ඉපැරැණි මතක

සාමාන්‍යයෙන් වැඩි දෙනෙක් ඡායාරූප ගන්නේ විනෝදයට. ඒ වගේම ඇතැම් අය මතක සටහනක් වශයෙනුත් සේයාරූ ගන්නවා. කාලාන්තරයක් ගතවීමෙන් අනතුරුව සමහර ඡායාරූපවලට වටිනාකමක් එක් වෙනවා. විශේෂයෙන් පැරැණි ඒවාට. මෙ ඡායාරූපයත් එවැන්නක්. මෙහි පෙනී සිටින දෙදෙනා සිහිනෙකින්වත් හිතන්නට නැතුව ඇති සරසවිය පුවත්පතහි මෙම ඡායාරූපය පළ වේවි කියලා.

හොඳට බලන්න පිත්තක් තියාගෙන ඉන්නේ කවුද කියලා. අද මොහු ගායන ලොවේ යුග පුරුෂයෙක්.

අඳුනගත්තද?

මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරියි මේ ඉන්නේ.

ඊට පිටුපසින් බටු ඇටයක් වගේ ඉන්න කෙනාව දැක්ක නේද. ඔහු ද අද සංගීත ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂයෙක්. නම විශාරද මනෝජ් පීරිස්.

ඔබ පුදුම වුණා නේද. එදා ඔවුන් ගත් මෙම සේයාරුව ඓතිහාසික එකක් වේවි කියලා හිතන්න නැතුව ඇති. ඒත් අද තමා එහි වටිනාකම දෙදෙනාටම දැනෙන්නේ.