වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

දයාන් ගේ දයාවට ගෞරව...

වෙළඳ සේවය ඉදිරිපත් කරන ‘මාසික රැඟුම’ ප්‍රසංගයට පැමිණි දයාන් විතාරණ කලාකරුවා රසිකයන් වටකර ගනිද්දී කිසිදු පැකිළීමකින් තොරව ඔවුන් වෙත දැක්වූ සුහදතාව අති උතුම්ය. අද සිටින බොහෝ ශිල්පීන් ළඟ මේ ගුණාංගය ගෑවිලාවත් නැත. ඔවුන් අප දුටු විට කඟවේනුන් සේ දුවන්නට ගනී. දයාන්ගේ මේ දයාවට අපගේ ගෞරවය.
 

සමන් ගාල්ලගේ

කැටපල, ගණේගොඩ

‘ධර්මරත්න’ලා ස්වර්ණවාහිනියේ...

ස්වර්ණවාහිනියේ ඉරිදා විකාශය වන ‘සුවබර ඉරිදා’ වැඩසටහනට පසුගිය දිනක පැමිණි ධර්මරත්න සහෝදරයෝ සංගීත කණ්ඩායම දක්‍ෂතා පිරි ගායන ශිල්පීන්ගෙන් සැඳුම්ලත් කණ්ඩායමක් බව මා දැන ගත්තේ එදාය. ඉතා මිහිරි කණ්ඩායම් ගී රාශියක් ගයා ඇති ඔවුන් ගේ ගී දැන් කිසිම නාළිකාවකින් අසන්නට නොලැබීම කනගාටුවකි.
 

අයිලින් සෝවිස්

වැලිසර, රාගම

ඌව ගුවන් විදුලියට ප්‍රණාමය...

ඌව ගුවන් විදුලියේ ඉරිදා රාත්‍රි ප්‍රචාරය වන ආධුනික ගීත වැඩසටහන ගම්මානවලට ගොස් එහි වෙසෙන තරුණ තරුණියන් එකම වේදිකාවකට කැන්දන ඉතා හරවත් වැඩසටහනකි. කිසිම නාළිකාවක එවැනි වැඩසටහන් ප්‍රචාරය නොවේ. ඌව ගුවන් විදුලියට මගේ ප්‍රණාමය.
 

ප්‍රේමසිරි නාරසිංහ

වල්පල, මාතර

කෙසේ තුති පුදන්නද කරනා සේවයට...

සැන්දෑ සමයෙ ගී මින්නාද ඇසෙන විට
කොතරම් ඇසුවත් වචන මදි මට කියන්නට
ජන හද බැඳි අපගේ වෙළඳ සේවයට
කෙසේ තුති පුද කරන්නද මේ කරනා වීරියට
 

රෝහිණී දයාරත්න

දිවුලපිටිය

ලොවටම

ඔප්පු කළා...

කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ සංවිධානය කළ සියලුම දෙනාට පළමුව ස්තුති කරමි. අපේ රටෙත් හොඳ සිනමාවක් තිබෙනවා කියා ලොවටම ඔප්පු කිරීමට මෙයින් අපට හැකි වුණා. අපේ චිත්‍රපට හයක් මෙහිදී නැරඹීමට හැකි වුණා. ඒ අතරින් සිත් ඇඳ, බැඳ ගත් නිර්මාණය වූයේ උදයකාන්ත වර්ණසූරියගේ ‘මදුර චාරිකා’ චිත්‍රපටයයි. උදයකාන්ත සාර්ථක අධ්‍යක්‍ෂවරයෙක් බව ලොවටම ඔප්පු කළා. ඒ වගේම හේමසිරි ලියනගේ, ළමා නළු සුදම් ගේ රංගනය විශිෂ්ටයි.
 

එච්. ජී. සම්පත් විජේසූරිය

උඩමාපිටිගම, දොම්පෙ

රසික කනගාටුව...

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ප්‍රවීණ නිවේදිකා දැනට වෙළඳ සේවයේ අධ්‍යක්‍ෂ ධුරයක් හොබවන චිත්‍රා කුමාරි පත්තප්පෙරුම ගේ පියාණන්ගේ අභාවය පිළිබඳ රසික අප සැමගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු.
 

ආරී එගොඩවත්ත

දෙමටගොඩ

SMS

ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ ‘රම්බෝ’ ගේ චරිතයට පණ පොවන චින්තක වාස්ගෙ රංගනය විශිෂ්ටයි.

සන්දීපා

රාජගිරිය

හින්දි ගීයෙන් රටක් පිනවූ චම්පා කල්හාරි, ඔබේ නිහඬ බව අපට දුකක්. අපේ සිත්වලට ආයෙත් ඇතුල්වෙලා අප පිනවන්න.

සඳුල් රත්නායක

අකුරැස්ස

හොඳම සටන් නළුවා සම්මානයෙන් පිදුම් ලැබූ වසන්ත කුමාරවිල අයියාට අපේ උණුසුම් සුබ පැතුම්.

වික්‍රම

මිද්දෙණිය

සුසිලා කෝට්ටගේ අක්කේ, ඉක්මන් සුවය ලැබ යළිත් අපට ඔබේ රැඟුම් බලන්නට වාසනාව ලැබේවා. ඔබට නිදුක් නිරෝගී ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

සුනිල් බී. වේහැල්ල

ගෝනපොල

සිරස කුමරිය ලෙසින් අභිෂේක ලැබූ නෙතලි තත්සරනිට මගේ සුබ පැතුම්.

පී. ඩී. හර්ෂ විරාජ්

මාකඳුර

ධනංජය සිරිවර්ධන ඔබට සුන්දර අනාගතයක් උරුමයි. ඇක්ටිං නියමයි. හිතත් පිරිසිදුයි.

ඩබ්ලිව්. තක්සලා, අම්බලන්වත්ත

හැත්තෑව දශකයේ තිරගත වූ ලස්සන චිත්‍රපට අපට දැක ගන්න අවස්ථාව ලබා දුන්නාට හිරු නාළිකාවට ගොඩාක් ස්තුතියි. ‘සුසී, කවුද රජා, ලෝක හොරු’ චිත්‍රපටත් හිරු නාළිකාවෙන් නරඹන්න ආසයි.

එස්. වීරසිංහ

අනුරාධපුර

0773124377 ප්‍රතිචාර සඳහා නවතම අංකයක්