වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

වන්ෂොට්

තිරගත වූ දිනය - 2005 මැයි 19
ඉදිරිපත් කිරීම - ඊ. ඒ. පී. චිත්‍රපට
නිෂ්පාදනය - සෝමා එදිරිසිංහ
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - රන්ජන් රාමනායක
සහාය අධ්‍යක්ෂණය - ඩොනල් ජයන්ත, ප්‍රියන්ත පතිරගේ
කැමර අධ්‍යක්ෂණය - ජයනාත් ගුණවර්ධන
සහාය කැමරා - එම්. එස්. රෙඩ්ඩි, ඒ. බාස්කර් (ඉන්දියාව)
සහාය අධ්‍යක්ෂණ සහාය - ජයම්පති බෝපිටිය, රොෂාන් වීරසිංහ, සරත් ප්‍රනාන්දු
අතිරේක කැමරා ශිල්පී - කේ. ඩී. දයානන්ද, මාෂල් ස්ටැන්ලි
ආලෝකකරණය - තාරක ලක්මාල්, කේ. එස්. පාලිත, මාටින් රණසිංහ, ස්ටැන්ලි රාමනායක, උපුල් වීරසිංහ
සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සහාය - අජිත් කුමාර රාමනායක
අංග රචනය - ඉමල් ශානක පීරිස් සහාය - ප්‍රියන්ත එස්. වන්නිආරච්චි
කලා අධ්‍යක්ෂණය - දමිත් නන්දලාල්, සුනෙත් නන්දලාල්
කලා සහාය - අසේල සල්ගාදු, චමින්ද දසනායක
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය සහ නැටුම් නිර්මාණ - රන්ජන් රාමනායක
ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා සහාය ඒ. පී. කළුආරච්චි
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් කලර් ලැබ් - ඉන්දියාව
නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න
නිෂ්පාදන විධායක - නිහාල් සංජය
නිෂ්පාදන සහාය - රංජිත් ගාල්ලගේ, සමන්ත මදනායක, මංජුල ගුණසේකර
නිශ්චල ඡායාරූප- මහේෂ් නිශාන්ත
නාමාවලිය - කිසල් ඇඩ්ස් සංස්කරණ මැදිරිය සහ දෙබස් පටිගත කිරීම - ටී. වී. ටී. ආයතනය
ප්‍රචාරක කළමනාකරණය - නිහාල් සංජය, කේ. වී. රාජ්, ඊ. එච්. එම්. දිසානායක
වෙඩි සහ බෝම්බ පිපිරවීම - කරුණාදාස අතුරුගිරිය, නවීන්ශන් රාජ් (ඉන්දියාව)
විශේෂ ශබ්ද - අරූන් සීනු (ඉන්දියාව)
ට්‍රැක් ඩොලි ක්‍රියාකරු - අයි. පී. සෝමරත්න
පසුබිම් හඬ - මෙලනි අශෝකා, අසංග පෙරේරා, ප්‍රේමදාස විතානගේ
ආලෝක උපකරණ - ෆිල්ම් ලොකේෂන් සර්විස්
විශේෂ උපකරණ - සම්පත් ෆිල්ම්ස්
අතිරේක කැමරා - ඩිල් ෆිල්ම්ස්
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට
ගීත ගායනා - ශානිකා වනිගසේකර, සුනිල් පෙරේරා

නළු නිළියන් - රන්ජන් රාමනායක, රවීන්ද්‍ර රන්දෙනිය, අනෝජා විරසිංහ, අනර්කලී ආකර්ෂා, කාංචනා මෙන්ඩිස්, විල්සන් කරුණාරත්න, රෙක්ස් කොඩිප්පිලි, ඇන්ටන් ජූඩ්, නිලන්ති ඩයස්, සුසන්තා චන්ද්‍රමාලි, අනූෂා දමයන්ති, වාසනා දන්තනාරායන, හිමාලි සිරිවර්ධන, සුනිල් පෙරේරා, උපාලි කිර්තිසේන, ශ්‍රීනාත් මද්දුමගේ, ටිරෝන් මයිකල්, අජිත් ලොකුගේ, සඳුන් විජේසිරි, කැලුම් විජේසූරිය, සහන් රන්වල, රංජිත් පෙරේරා, ජනේෂ් සිල්වා, චතුර පෙරේරා, රජිත හිරාන්, ආරියසේන ගමගේ, බුද්ධික රඹුක්වැල්ල, කුවින්ටස් වීරකෝන්, ඩී. බී. ගංගොඩතැන්න, ඉග්නේෂස් ගුණරත්න, රංජිත් සිල්වා, නන්ද වික්‍රමගේ, මිල්ටන් ජයවර්ධන, ජීවන් හඳුන්නෙත්ති, දොන් ගයි, සුමිත් මුදන්නායක, මංජුලා තිලිණි, සරත් චන්ද්‍රසිරි, උදය තල්ගහවිල, ජයා සංජීවනී, උපුල් ගුණවර්ධන, සමන් අල්මේදා, ඩබ්. රන්ජන්, ටයිසන්, මාකස් ප්‍රනාන්දු, රාජු ගමගේ, ජීවන් පෙරේරා, බන්දුල ජයහේවා, රුවන් ලොකුහේවා

මීදුම් වසන්තේ

තිරගත වූ දිනය - 2005 ජූනි 07
ඉදිරිපත් කිරීම - කොලට්ස් එන්ටර්ප්‍රයිස්
නිෂ්පාදනය - නුවන් සිරිවංශ, නිහාල් සිරිවංශ
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ
සහාය අධ්‍යක්ෂණය සහ නැටුම් අධ්‍යක්ෂණය - කාංචනා පීරිස්
කැමරා අධ්‍යක්ෂණය - යාපා විජය බණ්ඩාර
කැමරා සහාය - ෆැන්ක්ලීන් රූප්, ශාන්ත, අජිත්, ජයපාල
සංස්කරණය - එම්. එස්. අලිමාන්
කලා අධ්‍යක්ෂණය, ඇඳුම් නිර්මාණය සහ කොණ්ඩා මෝස්තර - සුනිල් කිරාන් ප්‍රනාන්දු
සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි, ආර්. එම්. සිරිසේන, රුවන් චාමර, සසික රුවන්
දෙබස් පටිගත කිරීම - සුසන්ත ධර්මප්‍රිය
අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග
ශබ්ද හා දෙබස් පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්
රසායනාගාර ශිල්පී - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රොෂාන් ප්‍රියදර්ශන, සේසිරි බොතේජු, සුරංජිත් ප්‍රනාන්දු
කැමරා උපකරණ සැපයීම - කොලට්ස් එන්ටර්ප්‍රයිසස්, ඩිල් ෆිල්ම්ස්
පොලිස් නිල ඇඳුම් සැපයීම - ජගත් මල්දෙනිය
දළ සේයාපට සැපයීම - පූජි ෆිල්ම්ස්, හේලීස් සමාගම
නිෂ්පාදන කළමනාකරණය - නුවන් සිරිවංශ
නිශ්චල ඡායාරූප - යාපා විජය බණ්ඩාර
ගීත නිබන්ධන - කරුණාරත්න අබේසේකර
ගීත සහ ගායන ශිල්පීන්
මී පිරුණ සුවඳ මල්වනේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
ඔබ මගේ නම් - එච්. ආර්. ජෝතිපාල, ඉන්ද්‍රාණි පෙරේරා

නළු නිළියන් - අර්ජුන් කමලනාත්, නිලන්ති ඩයස් කරුණාරත්න, රෙක්ස් කොඩිප්පිලි, මෙලනි අශෝකා, දමිතා සළුවඩන, රජිත හිරාන්, උපාලි කීර්තිසේන, නන්ද වික්‍රමගේ, වසන්ත කුමාරවිල, කුමා අත්තනායක, වීනු ක්‍රිස්ටෝපර්, චන්ද්‍රිකා පෙරේරා, කාංචනා පීරිස්, සඳුනි පෙරේරා, නිලූ ද සිල්වා, ජයන්ත ප්‍රනාන්දු, ධම්මික පුෂ්ප කුමාර,කපිල ඉන්ද්‍රජිත්, ඉන්දික ප්‍රනාන්දු, වසන්ත අලහකෝන්, සරත් රත්නායක

සුදු කළු සහ අළු

තිරගත වූ දිනය - 2005 ජූලි 29
ඉදිරිපත් කිරීම - සිනේ ශිල්ප ශ්‍රී ලංකා
නිෂ්පාදනය - මහාචාර්ය ක්‍රිශාන් දෙහෙරගොඩ (ශ්‍රී ලංකා - ස්වීඩන් සම නිෂ්පාදනයකි)
ජාත්‍යන්තර නිෂ්පාදන සහාය - ගොටෙබර්ග් ෆිල්ම් ෆන්ඩ් - ස්වීඩනය අ
ධ්‍යක්ෂණය - සුදත් මහදිවුල්වැව
කතාව, දෙබස් සහ තිර රචනය - සුදත් මහදිවුල්වැව, සරත්චන්ද්‍ර ගම්ලත්
සහාය අධ්‍යක්ෂණය - ජී. සිවගුරුනාදන්
සහාය අධ්‍යක්ෂණය - අනුර විජේසිංහ, ෂර්ලි දෙලංකාවල, අජිත් මුරගේ
කැමරා අධ්‍යක්ෂණය - රුවන් කොස්තා
සංස්කරණය - එල්මෝ හැලිඩේ
අංග රචනය - සමරසිරි කඳනගේ
කලා අධ්‍යක්ෂණය - ජගත් ඉඹුල්පේ, අනුර විජේසිංහ
ශබ්ද පරිපාලනය - රුවන් ශ්‍රී වල්පොල
නිෂ්පාදන කළමනාකරණය - නිශාන්ත පද්මකුමාර
විධායක නිෂ්පාදනය - ආරියශ්‍රීල වික්‍රමනායක
නිෂ්පාදන සහාය - රුවන් බණ්ඩාර, චාමික කුරුකුලසූරිය
නිශ්චල ඡායාරූප - චමින්ද උපසේන
නාමාවලිය - සුදත් අත්තනායක
ප්‍රධාන සිරස්තල නිර්මාණය - සනත් කේ. හේරත්
උප සිරැසි - රොබට් කෲස්
ඇඳුම් නිර්මාණය - සුවිනීතා පෙරේරා
දර්ශන උපකරණ සම්බන්ධීකරණය - අනුර විජේසිංහ, නිශාන්ත පද්මකුමාර
දර්ශන තල ඉදි කිරිම - ජගත් ඉඹුල්පේ
ඩිජිටල් චිත්‍රපට පහසුකම් - මන්ත්‍රා - රමෝජ් ෆිල්ම් සිටි ඩොල්බි ඩිජිටල් සුසංයෝජන
ශබ්දාගාරය - සිම්ෆනි රමෝජි ෆිල්ම් සිටි - ඉන්දියාව ඩොල්බි ඩිජිටලේ
ශබ්ද ඉංජිනේරු - ජී. හරි - රමෝජි ෆිල්ම් සිටි
පිටපත් ප්‍රමාණය - 10 ධාවන කාලය - විනාඩි 143
සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
කවි ගායනා - අමරසිරි පීරිස්, සමන්ත පෙරේරා

නළු නිළියන් - දිල්හානි ඒකනායක (කෝමලා), ශ්‍රියන්ත මෙන්ඩිස් (ගම්භාර ඇත්තෝ), ජයලත් මනේරත්න (කොරග්‍රාමයා), මහේන්ද්‍ර පෙරේරා (ආමි අජිත්), වසන්ත කොටුැල්ල (ගුණවර්ධන ස්කෝලේ මහත්තයා), අයිරාංගනී සේරසිංහ (නොගෝ නෝනා), සනත් ගුණතිලක (අස්ස පීටර්), කුමුදු නිශාන්ත (පෙමා), ටිරෝන් මයිකල් (හාමුදුරුවෝ), ගුණදාස මධුරසිංහ (පන්සල් ගොඩැල්ලේ මුදලාලි), නදීකා චන්ද්‍රසේකර (හීන් එකී), දසුන් මධුසංක මෙන්ඩිස් (උක්කුවා) කෝෂිලා ජයවර්ධන (උන්ගි), සරත් කොතලාවල (ග්‍රාමාරක්ෂක), දිමුතු චින්තක (වතුර කරත්තකරු), රෝහණ ප්‍රේමතිලික (සෞඛ්‍ය පරීක්ෂක) , සම්පත් ජයවීර (මුර කපොලු සෙබල), ගාමිණී මනාකගේ (හීන් එකීගේ සහෝදරයා), එඩ්වඩ් ගුණවර්ධන

හඳුන්වාදීම - දසුන් මධුසංඛ සහ කෝෂිලා ජයවර්ධන

සමනල තටු

තිරගත වූ දිනය - 2005 සැප්තැම්බර් 05
ඉදිරිපත් කිරීම - සිනේ ෆිල්ම් ලංකා - රූප රේඛා චිත්‍රපට
නිෂ්පාදනය - රේණුකා බාලසූරිය
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - සෝමරත්න දිසානායක
සහාය අධ්‍යක්ෂණය - දමින්ද මඩවල, තිලංක විශ්විජිත්, ගිරිරාජ් කෞශල්‍ය, ජානක සිසිර කුමාර
කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය
ආලෝකකරණය - ආරියරත්න පෙරේරා, එන්. කේ. එල්. ප්‍රේමලාල්, ප්‍රියන්ත රාජපක්ෂ, සෝමරත්න ඉඹුලේගම, සුසන්ත සුදර්ශන, ගාමිණී දාබරේ, ලක්ෂ්මන් බන්දුල
ප්‍රධාන කැමරා සහාය - චාමර වත්තේ ආරච්චි, ආනන්ද හේරත්
සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සහාය - අජිත් රාමනායක
අංග රචනය - ඊබට් විජේසිංහ සහාය - රංජිත් කුමාර රත්නකාර
කලා අධ්‍යක්ෂණය - ලාල් හරේන්ද්‍රනාත් සහාය - සුරංජිත් බණ්ඩාර, සමරසිංහ දොලපිහිල්ල
ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා
ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න
ශබ්ද පටිගත කිරිම - සුජිත් පෙරේරා
නිෂ්පාදන කළමනාකරණය - රේණුකා බාලසූරිය
සහාය සුදත් බාලසූරිය
නිශ්චල ඡායාරූප - ජනක මායාදුන්න
නාමාවලිය - දී. ග. සෝමපාල
සංස්කරණ මැදිරිය - ද වීඩියෝ ටීම් - ටී. වී. ටී.
හඬ කැවීම් සහාය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි
පරිඝණක අකුරු සැලසුම් - චමින්ද රුක්ෂාන්
වීඩියෝ ඡායාරූපකරණය - උපාලි ආරියසිරි
නිෂ්පාදන සහාය - සඳුන් බණ්ඩාර, ඒ. පී. ආරියරත්න, ඩබ්. එම්. සෙනරත් බණ්ඩාර, දුලීප ඉන්දික රණතුංග, සෙනෙහෙලතා බාලසූරිය, ජී. සංවිච්චි නෝනා, ඒ. එම්. ධර්මදාස, කසුන් ගමගේ, පූර්ණ සම්පත්, සුසන්ත උදය රාමනායක
විදුලිජනක යන්ත්‍ර ක්‍රියාකරු - නාමල් විජේරත්න
ආලෝකකරණ උපකරණ සැපයීම - ෆිල්ම් ලොකේෂන් සර්විස්
කැමරා උපකරණ සැපයීම - වීඩියෝ ඉමේජ්
පොලිස් ඇඳුම් - ජගත් මල්දෙනිය
සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගීත ප්‍රබන්ධය - සෝමරත්න දිසානායක
ගීත ගායනය - එඩ්වඩ් ජයකොඩි, හර්ෂණ දිසානායක
ගීත - මේක සොඳුරු ලෝකයක් - විශාරද එඩ්වඩ් ජයකොඩි මේක සොඳුරු ලෝකයක් - හර්ෂණ දිසානායක

නළු නිළියන් - දසුන් මධුශංක (සිරා), දුමින්ද සිරිසේන (මාටින්), දුලීකා මාරපන ( බට්ටි), දුලාංජලී ආරියතිලක (දුව), ජයලත් මමෝරත්න (මුරකරු), ගිරිරාජ් කෞශල්‍ය (මුදලාලි), චන්ද්‍රා කළුආරච්චි, කුවින්ටස් වීරකෝන්, විජය නන්දසිරි, රේණුකා බාලසූරිය, සරත් කොතලාවල, අජිත් ලොකුගේ, ජගත් බෙනරගම, ඇන්ටන් ජූඩ්, දයාදේව එදිරිසිංහ, හේමන්ත ඊරියගම, අජිත් අධිකාරි, වසන්ත විට්ටච්චි, සකුන්තලා පීර්ස්, සරත් චන්ද්‍රසිරි, ගාමිණී හෙට්ටිආරච්චි, ලලිත් ජනකාන්ත, සඳුන් බණ්ඩාර, ඉන්දික ඩොනල්ඩ්, නිමල් ජයසිංහ, සමන් පී. දිසානායක, නාමල් ප්‍රියදේව, අනුර මල්වල, හිරාන් නිශා ද කොස්තා, සංජීවනී වීරසිංහ, සෝමසිරි අලකොලංග, විභීෂණ කුරේරා, කරුණාරත්න රණසිංහ, අනෝමා වික්‍රමආරච්චි

සුළඟ එනු පිණිස

තිරගත වූ දිනය - 2005 සැප්තැම්බර් 09
නිෂ්පාදනය - පිලිප් අම්රිල්, ප්‍රැන්සිස්කෝ විලාලොබෝස්
සහාය නිෂ්පාදනය - චන්දන අළුත්ගේ, පස්කාල් දියොන්
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - විමුක්ති ජයසුන්දර
රේඛීය නිෂ්පාදනය - චන්දන අළුත්ගේ
සහාය අධ්‍යක්ෂණය - අනුර විජේසිංහ, රෙෂාන් රවීන්ද්‍ර, සමන් පුෂ්පකුමාර
කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය කැමරාකරණ
සහාය - චාමර වන්නිආරච්චි, අනුර කොඩිතුවක්කු, චම්පික නිලන්ත
සංස්කරණය - ජිසෙල් රජ් මෙයිස්ලර්
සංස්කරණ සහාය - ඩෙල් ෂයින් බොනමේ, මාෂල් සලමොන්, කොරාලිවෑන් රිට්ස්
අංග රචනය - සමරවීර කදනගේ සහාය - ප්‍රියන්ත දිසානායක
කලා අධ්‍යක්ෂණය - රොහාන් සමරදිවාකර සහාය - චරිත් වික්‍රමතිලක, රංග විශ්වජිත් ද සිල්වා
ශබ්ද පරිපාලනය - ඇල්බර්තෝ ක්‍රොස්පෝ ඔකම්පෝ ශබ්ද සහාය - ප්‍රෑන්ක් දෙමුලෑන්, නිකොලාස් නයිජෙලන්, චානුක නන්දුනුගේ
ඇඳුම් නිර්මාණය - කාංචනා තල්පාවිල සහාය - කුමාර කරව්දෙනිය
තාක්ෂණ ශිල්ප දායකත්වය - ආරියරත්න පෙරේරා, පියල් ඉලේපෙරුම, මලිත් ප්‍රේමරත්න, උපුල් වීරසිංහ, කේ. ජී. කරුණාරත්න
පසුතල නිර්මාණය - කේ. ඩී. ජස්ටින්
කෘත්‍රිම වර්ණ ප්‍රයෝග - ආර්. ඩී. අල්පොන්සෝ, කුසුම්සිරි පෙරේරා, එන්. නන්දසිරි, බී. ආර්. බී. රාජසිරි
ප්‍රධාන විදුලි කාර්මික - ආරියරත්න පෙරේරා බූම් ඔපරේටර් - නිකොලාස් ඩෙලොමොප්
දළ සේයාපට සැකසුම - ෂැරෑක් කාමෙල්, එලිසබෙත් ලී වීඩියෝ
සංස්කරණය - රුක්මාල් නිරෝෂ් විශේෂ ප්‍රයෝග - ඔලිව පවුජාඩ්
නිෂ්පාදන කළමනාකරණය - මනෝහාරි හේවාවසම්
සහාය - ලසන්ත කොළඹගේ, අසංක දිසානායක
නිශ්චල ඡායාරූප - ෂනී ඩුයාල් නාමාවලිය - පිලිප් අවුරිල්
සංගීත අධ්‍යක්ෂණය - නදීක ගුරුගේ, සුමුදු ගුරුගේ

නළු නිළියන් - මහේන්ද්‍ර පෙරේරා, කෞෂල්‍යා ප්‍රනාන්දු, නිලුපුලි ජයවර්ධන, හේමසිරි ලියනගේ, සෞම්‍ය ලියනගේ. ප්‍රමුදිතා සපූර්ණි පීරිස්, සරත් කොතලාවල, විනි විජේසිංහ, අසේල ජයකොඩි